අහන් ඉන්න... අහගෙන ඉන්න..
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
නිශාන්තයේ අසිරිය සිතුවිලි නමැති තෙළි තුඩින් ම’හදෙහි සිතුම් කර ගන්නට උත්සාහ කළෙමි. ඒ චිත්රයෙහි කොනක රැජිනිය සිටී. මට ඇයව දකින්නට වාසනාව නොමැති වුවද ඇගේ මෘදු සෞම්‍ය කිරණ මගේ ගතෙහි ස්පර්ශ වනු මට හොඳින් දැනේ.
අහස පුරා වන්දනාවෙහි යන තරු කොමලියන් අද සිටිනවාදැයි සැක සහිතය. එමෙන්ම රාත්‍රියේ කළුවර මැනීමට ද මට වුවමනාවක් නැත. රාත්‍රියක ඝණඳුර ද සිසාරා යන සේ මගේ ලෝකය ආලෝකමත් යැයි මා විශ්වාස කළේ අද ඊයේ නොවේ.
සිනිඳු, සීතල යමක් මගෙ යටි පතුලට යට විණ. මම ඒ කුමක්දැයි සිතීමට අත්ලට ගත්තෙමි. වරක් දෙවරක් ඇඟිලි තුඩුවලින් අත ගෑවෙමි. එය නොඅනුමානව සේපාලිකා මලකි. සේපාලිකා මල හරිම ලස්සනයි. සුදුයි. ඒ සත්‍ය මම අසා තිබුණි. මම වර්ණ නොහඳුනන්නෙමි. එහෙයින් සේපාලිකාවේ සුන්දරත්වය මම මනසින් විඳින්නෙමි.
සොබා දහමේ සොඳුරු සිරිසර මම පමණක් නොව අප දකින්නේ කෙලසද? මම මෙලෙස ගයමි.
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින්
මෘදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න . . .
සිලි සිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටමයි
මේ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි
මම මේකලා ගමගේ. මේ ගීතය ගයන්නේ මං. පුංචි කාලයේ ඉඳලා ඇස් දෙක පේන්නේ නැති වුණත් මං හරිම අධිෂ්ඨානශීලියි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මිද්දෙණිය, තලාව ගම් පියසේ උපත ලද මම ඉගෙන ගත්තෙ තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විද්‍යාලයේ. ගයන්න වයන්න පුදුම ආසාවකින් පසු වුණේ. උසස් පෙළ සමත් වූ මම කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික පිළිබඳ විශේෂවේදී උපාධියක් ද හැදෑරුවා. ගුරු වෘත්තියට ලැදි මං මේ වන විටත් රැකියාවක් බලාපොරොත්තුවෙන් පසු වන්නේ.
මේ ගීතය මට ලැබුණු අයුරුත් මං දැන් කියන්නම්. නලින්ද ප්‍රේමරත්න කියලා මහත්තයෙක් දිනක් මට කතා කළා.
සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ සුනෙර පදනමෙන් ඔයාලා වගේ විශේෂ අව්‍යතා ඇති දූ දරුවන්ව යොදා ගෙන වේදිකා නාට්‍යයක් කරනවා. ඒකේ නම හියුමන් ටච්. එහි තේමා ගීතය කියන්න අපි තෝර ගත්තේ ඔයාව. මට ඔයාගේ කටහඬ අහන්න ඕනේ. සිංදුවක් කියනවද බලන්න. . .
මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලේ ජීවයේ
එක සැරයටම මුවට ආව සිංදුව කීවට පසුව, ඔහු ගොඩක් සතුටු වුණා. මාව නාට්‍යයේ තේමා ගීතය කියන්න තෝරා ගත්තා. අප වැනි අයට ලෝකය දකින්න නොහැකි වුණත් විඳින්න පුළුවන්. සොබා දහමේ දෝලනය වන දේවල් අපිත් මනසින් දකිනවා. එවැනි අදහසක් තමයි මේ ගීතයට අන්තර්ගතය වන්නේ. මෙහි පදමාලාව මට හොඳින් දැනුණා, විශේෂයෙන් ගීතයට රූප රචනාව සකසද්දී. හම්බන්තොට උස්සගොඩ ප්‍රදේශයෙයි එය රූගත කළේ. අපට හමන සුළඟ විඳින්න දුන්නා. කෘතිව පොද වැස්සක් මවලා ඊට තෙමෙන්න දුන්නා. ඇත්තටම ඒ අත්දැකීම ආනන්ද ජනකයි. මේ වන විට ගීතය අසීමිත ලෙස මිනිසුන් වැළඳගෙන තිබෙනවා. ගොඩක් අය මට කතාත් කරනවා.
මට ඕන කවදා හරි ලංකාව පිළිගත් ගායිකාවක් වෙලා මං වගේම අනිත් අයට පූර්වාදර්ශයක් වන්න. ඇත්තටම මම මොන දේ වුණත් බැහැ කියලා හිතන්නේ නැහැ. මට උපතින් ලැබුණු මේ ස්වභාවය වෙස් වලාගත් ආශිර්වාදයක් බවයි මට හිතෙන්නේ. මේ ගීතය තුළින් මම මාවම දැක්කා. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මට මෙහි වචන ටික ලියලා දුන්නේ සෝමලතා හේරත් මැණිකේ. ඇය තවත් විස්තර ටිකක් මේ සම්බන්ධයෙන් කියයි.
සෝමලතා හේරත් මැණිකේ.
මම මහනුවර මහ රෝහලේ අක්ෂි තාක්ෂණවේදී නිලධාරිනියක්. මම මීට ප්‍රථම ගීත කිහිපයක් රචනා කරලා තියනවා. එත් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මේක. නාට්‍ය පසුබිම පිරික්සා බලා ඊට ගැළපෙන සංවේදී ගීතයක් සුනෙර පදනම මගෙන් ඉල්ලුවා. මගේ දෑස නොපෙණුනා නම් මමත් විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් නම් මොන වගේද මං හිතන්නේ යන වග ඔළුවෙහි තියාගෙන මං ගීතය ලිව්වා. මේ වෙලාවේ යමක් කියන්න ඕනේ. අප රටේ තමයි මෙවන් ළමුන් වැඩිපුරම කොන් කරන්නේ. එහෙම නොකර ඔවුන්ගේ නුවණ රටේ සංවර්ධනයට යොදා ගන්න කියලා ඉල්ලීමක් කරන අතරම මේ ගීිතයෙහි සංගිත නිමැවුම් කළ රුවන් ශ්‍රී වල්පොළ ඊළඟට අදහස් දක්වාවි.
රුවන් ශ්‍රී වල්පොළ.
මේ පද පේළි කිහිපය මා අතට පත් වුණහම මං හිතුව එක දෙයක් තමයි සංගීතයට වඩා කට හඬ ඉස්මතු කරන්න ඕනෑ කියන එක. මම සංගීතය භාවිත කළේ ඉතාම අඩුවෙන්. ඒ වගේම මිනිසුන් ඉක්මනින් වැළැඳ ගන්නා නාද කිහිපයක් මේ සඳහා යොදා ගත්තා.
අහන් ඉන්න ගීතයෙහි රූප රචනය නිර්මාණය කලේ නලින්ද ප්‍රේමරත්න. ඔහු ඒ පිළිබඳ කතා කළේ මෙහෙමයි.
නලින්ද ප්‍රේමරත්න
මට ඕන වුණේ විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් ලෝකය දකින අන්දම වීඩියෝව මඟින් පෙන්වන්න. වීඩියෝ එක පටන් ගන්නේ මේකලා වැස්සට තෙමෙන සීන් එකකින්. ඒ ඇය දෑසින් නොවුණත් ඒ දෙය විඳින අන්දම දක්වලා. විශේෂ අවශ්‍යතා ඇති කිහිප දෙනෙකුම මා මේ සඳහා යොදා ගත්තා. මෙහිදී තව දෙයක් කියන්න ඕනේ, විටෙක සාමාන්‍ය අයට වඩා ඉතා දක්ෂව මේ කට්ටිය රඟපෑවා.
වීඩියෝ එක පුරාවටම තිබෙන්නේ කළු සුදු වර්ණ පමණයි. ඒ දෑස නොපෙනෙන කෙනෙකුගේ ලොව අඳුරු නිසා. මෙය අන්තර් ජාලයට ඇතුළත් කොට දින තුනක් හතරක් තුළ හත් දහසකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියනවා. ඒ වගේම පිටරටින් පවා ප්‍රතිචාර ලැබෙනවා.
අවසාන වශයෙන් මට කියන්න දෙයක් තියනවා. සුනෙර පදනමේ ආරාධනයෙන් මම මේ වීඩියෝව කළා. මෙහි ඉන්නවා වගේ විශේෂ අවශ්‍යතාවය ඇති අය සමාජයෙන් 10% ක ප්‍රතිශතයක් ඉන්නවා. ඒ අය එළියට එන්නේ නැහැ.
ඊට හේතුව සමාජයේ ජනයා අතර ඇති දුර්මතයන්. මා සිතන පරිදි ඔවුනුත් සමාජයේ ඉන්න ඕනේ. උරෙන් උර ගැටෙමින් වැඩ කරන්න ඕනේ. පවුලක මෙවැනි දරුවකු ඉපදීම මදි පුංචිකමක් නෙවෙයි. අපි ඔවුන්ට දිය යුත්තේ අනුකම්පාව නොව ආදරයයි. සැබවින්ම මෙවැනි අය සමාජයට සම්පතක්.

උපුටා ගැනීමකි!