අහල තියනවද මෙහෙම කෑමක්......

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    අහල තියනවද මෙහෙම කෑමක්......

    1.jpg



    අහල තියනවද මෙහෙම කෑමක්
    අතීතයේ මිනිස්සුගෙ ශක්තිය රැදවූ කෑමක්
    අපේ ගෙවල් වල තාම ඉදලා හිටලා හැදෙනවා
    සමහරු නම් කාල නැතිව ඇති


    එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම "දිය බත් " හදන හැටි.

    අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
    එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
    පොල් බෑවක්
    රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
    වියලි මිරිස් කරල් 5-6 ක්
    දෙහි ගෙඩියකින් බෑවක්
    ලුණු අවශ්‍ය පමණට
    සුද්ද කරපු පොල් කූරක්

    අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
    රෑට කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා.
    පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.

    කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි.

    Repost nam Sorry
    ඉස්සුවෙ බුකියෙන්

    මම සිංහල. ඇයි අවුල්ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා.

    සහතික ඇත්ත.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හීල් බත් නම් කනව මචන්...
    මට ඔය බත් එකට කරවලත් ඕන..ලුණු දෙහිත් සමඟ....
    සෑහෙන ගුණයක් තියෙනව කියල නම් අහල තියෙනවා..
     
    • Like
    Reactions: weechami

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වටිනා පොස්ට් එකක් බන් ..
    එත් දැන් සිංහලුන්ට එකවෙලක් බත් කන්නේ ඉතින් රෑට පිටිගුලි තමයි දෙසන්නේ ..දියබත් හදන්න බත් ඉතුරුවෙන්නේ නැහැ ..

    අපේ හුගක් ගෑණු උදවිය ඕක දන්නෙත් නැ බත් ටික උයාගන්න්රෙත් tv මැගසින් බලල ..:lol::lol:

    කරන්ට් නැති දවසට කාල හමාරයි :lol::lol:

    රේප් +8
     
    • Like
    Reactions: Wehigala

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    අම්මා ඉස්සර හදලා කාලා තියනවා... දැන්නම් මතක අැති කාෙලකින් කෑවේ නෑගගග රජ කෑමක් :)