අහවල්_එක

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මේක වෙලා තියෙන්නෙ ගමක තිබ්බ ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙට අළුතින් තරුණ ටීචර් කෙනෙක් ආවලු. ලස්සන හුරුබුහුටි ටීචර් පොඩ්ඩ. ඒත් හරි ආඩම්බරකමකින් හි‍ටියෙ. අපි අර අහවල් එක නළලෙ තියන් ඉන්නවා කියලා කියනා ජාතියෙ එක්කෙනෙක්. ළමයින්ටත් ගුරු මණ්ඩලයටත් මේ අළුත් ටීචර් සෑහෙන ගෑස් පෙන්නුවා.

    දවසක් ටීචර්ගෙ පන්තියෙ හිටිය කොල්ලො ටික මරු වැඩක් කලා. පොඩි කොල කෑල්ලක පිරිමින්ගෙ අහවල් අවයවයේ චිත්රයක් ඇඳලා, අනික් පැත්තේ චුවින්ගම් එකක් අලවලා ගුරු පුටුව උඩින් තිබ්බා. පින්තුරේ යට පැත්තටත්, චුවින්ගම් එක උඩ පැත්තටත් හිටින්නයි තියන්නෙ. චුවින්ගම් එක දැන් වාඩි වෙන කෙනාගෙ පස්සෙ ඇලවෙනවා. ටීචර් ඇවිත් ඔය වගක් නොදැන පුටුවෙ වාඩි වුණා. දැන් ටීචර් ඇවිදින්නේ පිරිමින්ගෙ අහවල් අවයවයෙ පින්තුරයක් පස්සෙ එල්ලගෙන. දකින දකින ළමයි විතඑක් නෙවෙයි ගුරුවරුත් හිනා වෙනවා. හිතා ගන්න පුලුවන්නෙ ටීචර් පස්ස නළව නළව ඇවිදිනකොට අර පින්තුරේ පැද්දි පැද්දි යන හැටි. ටීචර්ටත් ටික වෙලාවක් යද්දි තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා තමයි කියලා. කොහොම හරි පැය දෙකකට විතර පස්සෙ ටීචර් වෙලා තියෙන දේ හොයා ගත්තා. ටීචර්ගෙ මූණ රතු වෙලා දෙක වෙලා. අඬන්න ‍වගේ. කේන්තියෙන් වෙව්ලනවා.

    ටීචර් පන්තියම එක්ක ගියා විදුහල්පතිකුමා ගාවට අද උඹලව ඉවර කරනවා කියලා. ගිහින් වෙලා තියෙන දේ කියුවා. දැන් පන්තියම බය වෙලා. මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බෑ කට්ටියට.

    විදුහල්පතිතුමා ළමයි ගාවට ඇවිත් ටිකක් අවවාද කරලා, ආයෙත් මේ වගේ දේවල් සිද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා, ළමයින්ට පන්තියට යන්න කියුවා.

    දැන් ටීචර්ට විදුහල්පතිතුමා එක්කත් නහුතෙට කේන්තියි. ලැජ්ජාවත් එක්ක. ටීචර් කොල්ලො ටික එක්ක ආවෙ අද උඹලට හොඳ පාඩමක් උගන්නනවා කියලනෙ.

    ටීචර් විදුහල්පතිතුමාට මෙහෙම කියනවා,

    ‘සර් දුන්න දඬුවම නම් හොඳටෝම මදි. මුන්ව කෝටු මස් කරලා, දෙම්ව්පියන්ට හෙට ඉස්කෝලෙට ගෙන්නලා, මාසයක් පන්ති කහනම් කරන්නනෙ තිබ්බෙ, මුන් කරපු පාහර වැඩේට. . .` ටීචර්ට හොඳටම මල පැනලා කියවනවා. ඇයි දෙයියනේ හෙට වෙද්දි ගමම දැන ගන්නවානේ ටීචර්ට වෙච්චි සිද්ධිය.

    විදුහල්පතිතුමා සන්සුව මෙහෙම ඇහුවා. `මිස් දැන් කොච්චර වෙලාවක් විතර ඕක එල්ලගෙන හිටියද?`

    `පැය දෙහෙකටත් වැඩියි සර්. මහ ජරා සත්තු ටිකක් සර්. පැය දෙකක් යනකම් එකෙක්වත් කියුවෙ නැහැනෙ. මම ඉස්කෝලෙ හැම තැනමත් ගියා. මේකෙ ඉන්න ගුරුවරුත් මුන්ටම හරියන උන් තමයි. එකෙක් කියුවෙ නැහැනෙ.`

    විදුහල්පතිතුමා කට කොනට හිනාවක් අරන් ඇඟට පතට නොදැනෙන්න මෙහෙම කියුවා.

    `පැය දෙකක් ඕක එල්ලගෙන හිටියා කියලා මොකට ඔච්චර තරහ ගන්නවද? මම උපන් දවසෙ ඉඳන් අවුරුදු පනස් දෙකක්ම ඕක එල්ලගෙන මේ යස අපූරුවට ඉන්නෙ.`
    :lol:
     
    • Like
    Reactions: asanka10

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    :lol: ගත්ත තැනත් දැම්මා නම් හොදා නේ....??

    කොහෙද බන්.. මම ගත්තේ mail එකකින්, sorry වෙන්න ඕනි කාගෙ හරි බ්ලොග් කතාවක්නම් :rolleyes: