අහසින් ගිය කෝච්චිය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අහසින් ගිය කෝච්චිය

    මොකක්ද මේ අහසින් ගිය කෝච්චිය කියන්නේ? ඇත්තටම මෙහෙම දුම්රියක් අහසින් ගියාද? මෙම සිදුවීම සිදුවුනේ 1994 වර්ෂයේදීය.

    මෙය හදුන්වන්නේ The Flying Irishman කියාය. එවකට අයර්ලන්තයේ දුම්රිය සමාගමට General Motors සමාගම විසින් නිපදවන ලද එක් EMD 201 දුම්රිය එන්ජිමක් ඉතා ඉක්මනින්ම අවශ්‍ය වී තිබෙනවා.

    මෙසේ ඉක්මනින් එම දුම්රිය එන්ජිමක් ගෙන්වීමට හේතුව වුනේ කුමක්ද? ඔවුන්ට අවශ්‍ය වුනේ අනෙකුත් EMD 201 දුම්රිය එන්ජිම් නැවෙන් පැමිණෙන තෙක් එක් දුම්රිය එන්ජිමක් ඉක්මනින් ගෙන්වා එම දුම්රිය එන්ජිම ඔවුන්ගේ රටේ දුම්රිය රියැදුරන්ට දාවනය කරන ආකාරය ඉගැන්වීමටයි.

    එම නිසා ඔවුන් රුසියාවට අයත් Antonov-124 ගුවන් යානයක් මගින් මෙම එන්ජිම කැනඩාවේ සිට අයර්ලන්තය වෙත ගෙන්වීමට කටයුතු කලා.

    මෙය ටොන් 112ක බරකින් යුක්ත දුම්රිය එන්ජිමක් වූ අතර ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය මත එය සාර්ථකව අයර්ලන්තයේ ගොඩ බැස්සවීම වාර්තාගත මෙහෙයුමකි.

    1994 වර්ෂයේ ජූලි මස 29වන දින මෙම බලසම්පන්න දුම්රිය එන්ජිම අයර්ලන්තයේ දුම්රිය සේවයට එක්වුන අතර අද දිනටත් ලොව පුරා දුම්රිය ලෝලීන් මෙම සිදුවීම පිලිබඳව උනන්දුවෙන් කතාබහ කරයි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    An 124 නම් ඉතින් අහන්නත් දෙයක්ද ඉතින්. ටොන් 150ක බරක් ගෙනිච්චැහැකි. PAK- TA එක 180 වෙනකම් යයි කියලා කියනවා. ඒත් ඉතින් AN - 225 එකට ගහන්න බැහැ. ටොන් 250ක් ගෙනියන්න පුළුවන්. ලෝකෙටම එකයි. PAK- TA variant එකක් හැදුවොත් හොඳයි ඒ වෙනුවට මොකද antonov එකට දැන් හැකියාවක් නැහැ මොකක්වත් හදන්න. මොකද යුක්‍රේන රුසියා ප්‍රශ්න එක්ක.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    An 124 නම් ඉතින් අහන්නත් දෙයක්ද ඉතින්. ටොන් 150ක බරක් ගෙනිච්චැහැකි. PAK- TA එක 180 වෙනකම් යයි කියලා කියනවා. ඒත් ඉතින් AN - 225 එකට ගහන්න බැහැ. ටොන් 250ක් ගෙනියන්න පුළුවන්. ලෝකෙටම එකයි. PAK- TA variant එකක් හැදුවොත් හොඳයි ඒ වෙනුවට මොකද antonov එකට දැන් හැකියාවක් නැහැ මොකක්වත් හදන්න. මොකද යුක්‍රේන රුසියා ප්‍රශ්න එක්ක.

    Thanks watinawa :D:love: