~~//...'අහිංසක' ඩේවිඩ් බෙකම්...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...'අහිංසක' ඩේවිඩ් බෙකම්...!!!

දරුවන්ගේ පාපන්දු, තරගයේදී
ඩේවිඩ් බෙකම්ට 'රෙඩ් කාඩ්' දී පිටියෙන් නෙරපයි...!!!
beka.jpg
එංගලන්තයේ ඩේවිඩ් බෙකම් සුවිශේෂ හැදින්වීමක්‌
අනවශ්‍ය පාපන්දු ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර පාපන්දු පිටියේ අති විශිෂ්ඨයකු වන හෙතෙම පිටියෙන් පිටත 'අගනා මහත්මයෙකු' වශයෙන් කෙටියෙන් හදුන්වනු ලබයි.

එහෙත්, පාපන්දු පිටියේදී ඩේවිඩ් බෙකම්ට පමණක්‌ නොව ලයනල් මෙසීටද (2011 වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක සම්මාන ලාභී) රෙඩ් කාඩ් අවවාදය පොදුවේ. තරග විනිසුරුගෙන් රෙඩ් කාඩ් අවවාද ලබන ක්‍රීඩකයා කවුරුන් වුවද තරග පිටියෙන් ඉවත් විය යුතුය.

මේ ඩේවිඩ් බෙකම් රෙඩ් කාඩ් අවවාද ලබා පිටියෙන් පිටමං වූ 'අහිංසක' අවස්‌ථාවක්‌ පිළිබඳ කථාවකි.

අමෙරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නගරයේ උද්‍යානයක පාපන්දු තරගයක්‌ පවත්වා ඇත. එහි කණ්‌ඩායම් දෙක වයස අවුරුදු 7-10 පමණ වූ දරුවන්ගෙන් සමන්විත වී ඇත. එහෙත්, බෙකම් එහි කණ්‌ඩායමක සාමාජිකයෙක්‌ වශයෙන් තරග වැද ඇත.

තරගය අතරතුර බෙකම්ගේ කණ්‌ඩායමේ දරුවෙකුට තරග විනිසුරු විසින් රෙඩ් කාඩ් අවවාදය දී පිටියෙන් පිටමං කර ඇත. එයට එරෙහිව නැගී සිට ඇති බෙකම්, 'පවුනේ සර්... ඒ ළමයාට තවම අවුරුදු 7 යි. පිටියෙන් එලවන්න එපා... එහෙම කරන එක හොඳ නැහැ" යි බෙකම් තරග විනිසුරුට ආයාචනා කර ඇත.

"ඇයි බැරි? මට පුළුවන්. මමයි තරග විනිසුරු. මගේ තීරණය අවසාන තීරණයයි. මගේ තීරණයට එරෙහි වූ තමුන්ටත් මම රෙඩ් කාඩ් එක දෙනවා" යි කියා ඇති විනිසුරු බෙකම්ට අදාළ රතු කාඩ් පත පෙන්වා ඇත.

"විනිසුරුවරයා මට වහාම පිටියෙන් පිට වෙන්නත් කීවා... ම ඒ අණට අවනත වුණා." යි බෙකම් පසුව මාධ්‍යට පවසා ඇත.

අනතුරුව හෙතෙම උද්‍යානයේ කොනකට වී තරගයේ ඉතිරි කොටස නරඹා ඇත.

(අසෝක)