පෘථිවි ග්‍රහයා ස්වභාවික සංසිද්ධීන් සහ මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වූ අයුරු දැක්වෙන පෙර සහ පසු ඡායාරූප මෙන්ම පරිගණක ආශ්රයෙන් නිර්මාණය කල අනාගතයේදී සිදුවීමට ඉඩ තිබෙන වෙනස්වීම් අඩංගු ග්රන්ථයක් ලෙස Fragile Earth හැඳින්විය හැකිය.
චීනය:කහ ගංඟාව,1979 මැයි සහ 2000 මැයි.ගංඟාවට එම නම ලැබෙන්නේ එය ගෙන යන රොන් මඩවල වර්ණය නිසාය.ඊසාන දිග චීනය හරහා ගග ගමන් කරද්දී එය පහසුවෙන් ඛාදනය වන සානුවක් තුලින් යයි.ගංඟාවට සාගරය හමුවන තැන ගෙන ආ රොන් මඩ තැන්පත් වී නව දූපත් නිර්මාණය වේ.
චීනය:හොවැංහෝ ගංඟාව නිසා නිර්මාණය වූ ඩොන්ටින්ග් හූ විල, 2002 මාර්තු සහ 2002 සැප්තැම්බර්.එම වසරේ අගෝස්තු මාසයේදී ඇතිවූ විශාල ගංවතුරක් නිසා ගංඟාව පිටාර ගලා ජනාවාස යට කර දැමීය.
මැඩගස්කරය:බෙට්සිබොකා ගංඟාව,2003 සැප්තැම්බර් සහ 2004 මාර්තු.වන විනාශය නිසා ඊසාන දිග මැඩගස්කරයේ සිදුවූ විනාශකාරී පාංශු ඛාදනය.ඉහළින්ම තිබෙන්නේ ගංඟාවේ සාමාන්‍ය ජල මට්ටම පෙන්වන චන්ද්‍රිකා ඡායාරූපයකි.පහළින් දැක්වෙන්නේ මහා පරිමාණයේ ගංවතුර සහ ඒ නිසා විසිරී ගිය රතු පැහැ මඩයි.2004 මාර්තු 7 වෙනිදා බලපෑ නිවර්තන කලාපීය ගැෆිලෝ නම් සුළිසුළඟ මෙම විනාශයට හේතුවිය.ගංවතුර නිසා සේදී ආ මඩ නිසා ගංගාවේ මෝය වැසී ගියේය.
බොලිවියා:සැන්ටා කෲස් ආසන්නයේ,1975 ජූනි සහ 2003 මැයි.1975 වර්ෂයේදී රියෝ ග්‍රැන්ඩේ ඔ ගුඅපේ ගංගාව ආශ්රිත වැසි වනාන්තරය මාර්ග ස්වල්පයක් සහිත ඝන වනාන්තරයක් විය.2003දී මෙම වනාන්තරය කෘෂිකාර්මික භූමියක් බවට පරිවර්තනය විය.
කුවේට්:1991 පෙබරවාරි සහ 2001 මැයි.1991 ගල්ෆ් යුද්ධය නිසා කුවේටයේ තෙල් ලිං සියගණනක් ඉරාක හමුදාව විසින් ගිනි තබන ලදි.ගිනි තැබීම් නිසා ඇතිවූ කළු පැහැ ස්ථරය රටෙන් 5%ක පමණ ප්‍රදේශයක් වසාගෙන තිබිණි.
තුර්කිය:තුර්කියෙන් ඇරඹී සිරියාව සහ ඉරාකය ඔස්සේ ගලා යන යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාව 1976 සැප්තැම්බර් සහ 1999 සැප්තැම්බර්(ඇටටූක් වේල්ල ඉදිකිරීමෙන් පසුව ).වේල්ල ඉදිකලේ නිසරු සහ කෘෂිකාර්මික වශයෙන් ප්‍රයෝජනයක් නොගත් ප්‍රදේශයක වුවද 1999 වන විට ප්‍රදේශය කොළ පැහැයෙන් දිස්වන්නට විය.
ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ පැරගුවේ:ඉගවාසු දිය ඇල්ල 1973 පෙබරවාරි සහ 2003 මැයි.ඉහත රටවල් තුන මුණ ගැසෙන තැනකදී නිර්මාණය වී තිබෙන මෙම ආකර්ෂණීය දිය ඇල්ල හුදකලා ප්‍රදේශයක පිහිටා තිබූ නිසා එහි වැසි වනාන්තර පද්ධතියක්ද නිර්මාණය වී තිබිණි.නමුත් පසුකාලීනව සිදුවූ වන විනාශය නිසා වසර 30කට පමණ පසුව ප්‍රදේශය දකුණු පස දැක්වෙන ලෙස දිස්විය.
චැඩ් විල:1972 සහ 1987,චැඩ් විල.චැඩ්,කැමරූන් ,නයිජර් සහ නයිජීරියාව යන රටවලට ජලය සැපයුවේ මෙම විලෙනි.එය අප්‍රිකාවේ විශාලතම විල්වලින් එකක් විය.ජල සම්පාදන ව්‍යාපෘති සහ කාන්තාරය ප්‍රසාරණය වීම නිසා මෙන්ම වියළි දේශගුණය දීර්ඝ වීම හමුවේ විල එහි මුල් ප්‍රමාණයෙන් 5%ක් දක්වා ඇකිලී ගොස් තිබේ.
ගෝලීය උණුසුම ඉහල යෑම හමුවේ ධ්‍රැවීය අයිස් දියවීමෙන් මුහුදු ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.එය මීටර් 7 දක්වා ඉහළ යා හැකියැයි කියවේ.මෙම ඡායාරූපයේ වම්පසින් දැක්වෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා අර්ධද්වීපයයි.ජල මට්ටම ඉහල යෑම හමුවේ එහි පහත් බිම්වලට සිදුවන දේ පරිගණක ආශ්රයෙන් නිර්මාණය කල තිබෙන අයුරු දකුණුපස රූපයෙන් පෙන්වා තිබේ.
Source:theguardian.com
-HarshaLulzSec-


