අහෝ! මාද්‍ය නිදහස

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අහෝ! මාද්‍ය නිදහස

    ලංකාවේ වෙබ් අඩවියක් වෙත පැනවූ වැඩිම වාරණයන්ට මුහුණ දෙමින් තිස්තුන්දාහ වෙබ් අඩවිය නැවතත් ලංකාව තුල වාරණය කිරීමට කටයුතු යොදා ඇත. අප විසින් වෙනත් ඩොමේන් නාමයන් භාවිතයට ගත්තත් ඉතා කෙටි කාලයක් තුල ඒවාද ලංකාව තුල අවහිර කිරීමට කටයුතුකොට ඇත.

    තිස්තුන්දාහට නිරන්තරයෙන් ශක්තියක් වූ අප පාඨකයන් වෙබ් අඩවිය වාරණය වීමෙන් පසුවද අප සමග අදහස් හුවමාරු කරගැනීම සහ අපත් සමග රැඳී සිටීම අපට විශාල ශක්තියක් විය.

    වෙබ් අඩවි නාමයන් මාරු කරමින් පවත්වාගෙන යාමත් ඒවා දිගින් දිගටම වාරණය කිරීමත් මෙම ගැටලුවට විසඳුමක් නොවන අතර ප්‍රොක්සි ඔස්සේ හෝ අයි.පී ලිපිනයන් මාරු කරමින් වෙබ් අඩවිය පවත්වාගෙන යාමද සාර්ථක විසඳුමක් නොවේ.

    එහෙයින් වෙබ් අඩවිය සම්බන්ධව ඉදිරියේදී නීත්‍යනුකුල පියවරක් ගැනීමට අප සූදානමෙන් පසුවන අතර එතෙක් අපගේ ෆේස්බුක් පිටුව සමග රැඳී සිටීමෙන් පමණක් පුවත් නැරඹිය හැක.

    පසුගියදා එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍යය හමුවකදී තිස්තුන්දාහ වෙබ් අඩවිය තහනමට ලක්වීම පිළිබඳව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අදහස් පළකරමින් කියා තිබුනේ මෙවැන්නකි.

    "ඊයේ වෙනකොට තිස්තුන්දාහ කියන මාධ්‍යය අඩවියක් තිබුනා ඒ අඩවිය තුලින් විශාල පණිවුඩ ඒ වගේම නොයෙකුත් ආණ්ඩු විවේචන ප්‍රවෘති ලබා දුන්නා..ඒක ඊයේ වෙනකොට තහනම් කරලා තියෙනවා..තව හෙට අනිද්දා වෙනකොට එවැනි වෙබ් අඩවි නවත්වන්න කියල තියෙනවා...."




    33000 Facebook Page https://www.facebook.com/33000v
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඕක ඕනෙ රටකට පොදු දෙයක් බන්;;;ගනන් ගන්න එපා.:no:..උඹලා නඩුවක් දාපන්.:yes: දැක්කනෙ ගාඩියන් එකට කරපු වැඩේ එන්ගලන්තෙ..උන් ස්නොව්ඩන් ගෙ එව්වා මෙව්වා දානවා කියලා ඒකෙ එඩිටර් ව කැඳවලා නඩු දානවා කියලා ඊට පස්සෙ ගාර්ඩියන් එක තහනම් කරනවා කියලා,, දන් උන් ස්නොව්ඩන් ගෙ එව්වා දාන්නෙ නෑ. :no:උඹලත් එහෙම කරපන්..:P
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඕක ඕනෙ රටකට පොදු දෙයක් බන්;;;ගනන් ගන්න එපා.:no:..උඹලා නඩුවක් දාපන්.:yes: දැක්කනෙ ගාඩියන් එකට කරපු වැඩේ එන්ගලන්තෙ..උන් ස්නොව්ඩන් ගෙ එව්වා මෙව්වා දානවා කියලා ඒකෙ එඩිටර් ව කැඳවලා නඩු දානවා කියලා ඊට පස්සෙ ගාර්ඩියන් එක තහනම් කරනවා කියලා,, දන් උන් ස්නොව්ඩන් ගෙ එව්වා දාන්නෙ නෑ. :no:උඹලත් එහෙම කරපන්..:P
    USA රාජ්‍ය රහස් හෙලි කරන්න ගිහින් නේ ගාර්ඩියන් ටින් කිරි ගාගන්න ගියේ ,අපෙත් රටේ වෙන වංචා දුෂණ රාජ්‍ය රහස් තත්වයට පත්වෙලා .මාත් කියන්නේ නයිTN නයිවාහිනී තියෙන්න ඔක්කොම වහලා දාන්න තියෙන්නේ .ඇයි අවුල්ද ? :lol: