අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet) - Your Choice Way
    අවශ්‍ය ද්‍රව්‍ය:
    • තම්බාගත් අළුකෙසෙල් ග්‍රෑම් 200
    • සැමන් පොඩි ටින් එකක්
    • චොප්කරගත් රතුළූණු ගෙඩි 3-4
    • චොප්කරගත් අමුමිරිස් කරල් 2
    • ගම්මිරිස්කුඩු
    • ලුණු
    • පාන් කුඩු ග්‍රෑම් 100
    • බිත්තර 1

    සාදන ආකාරය:
    1. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, අමුමිරිස් එකතු කරලා තෙම්පරාදු වෙනකොට සැමන් ටික පොඩි කරල එකතු කරගන්න.
    2. ඒකටම හොඳට පොඩි කරගත් අළු කෙසෙල් ටික දාගන්න.
    3. ඊලඟට ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න.
    4. හොඳට කලවම් කරලා බෝල හදලා බිත්තර සාරු වල දවටලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    අපගේ කෑම ලිපි සහිත Kaama Lanthaya App එක අදම google play එකෙන් install කරගන්න.

    Original Post Click Here