- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    - අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -



    තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත් අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...




    Philips Muse 3- පෝටබල් මීඩියා ප්ලේයරය


    ස්පර්ශ-සංවේදී තිරයක් සහිත මේ ජංගම ප්ලේයරය නවීන තාක්ෂණයේ අසිරිය විඳින්නට හැකි සුපිරි නිමැවුමක්. අඟල් 3.2 ක ටච්-ස්ක්‍රීන් තිරය මත ඇඟිලි තුඩු හැසිරවීමෙන් මෙනු අතර සැරිසරන්නට, ගීත තෝරන්නට මෙන්ම ශබ්දය අඩු වැඩි කරන්නටත් හැකියි. Ear Phoneයුගලක් සහිත මීඩියා ප්ලේයර් වලදී අත් විඳීමට සිදුවන ප්‍රධානම අනතුර නම් අධික ශබ්ද ධාරිතාවයකින් යුතුව ශ්‍රවණය කිරීම නිසා ශ්‍රවණ ආබාධ ඇති වීමට ඇති අනතුරුදායක තත්ත්වයයි. මේ Muse 3 ප්ලේයරය ඒ සඳහා හොඳ විසඳුමක් සපයනවා. ඒ ස්වයංක්‍රීයවම ශ්‍රවණ මට්ටම අනතුරුදායක නොවන මට්ටමක තබා ගැනීමෙන්. මෙය “Safe Sound”ලෙස හඳුන්වා තිඛෙනවා. භාවිතයට පහසු ග්‍රැෆික් ඉක්වලයිසරයකින් ද FM රේඩියෝ හැකියාවෙන් ද යුතු මේ ප්ලේයරය 8 GB හා 16GB ලෙස ලබාගත හැකියි. මේ සමග Philips noise isolation (in-ear) වර්ගයේ ඉයර්ෆෝන් යුගලක් ද ලැබෙනවා.


    Nokia 500 ස්මාට් දුරකථනය


    මේ නොකියා සමාගමේ තවත් නවතම දුරකථන නිපැයුමක්. ස්පර්ශ සංවේදි ස්මාට්ෆෝන් දුරකථනයක් වන මෙම Nokia500 දුරකථනය 1 GHz ප්‍රොසෙසරයකින් යුතුයි. එමෙන්ම මෙහි ධාවනය වන්නේ සිම්බියන් ඇනා නම් මෙහෙයුම් පද්ධතියයි. එමෙන්ම වඩාත් වේගයෙන් අන්තර්ජාලයේ සැරිසැරිය හැකි වන පරිදි වේගවත් බ්‍රවුසරයකින් ද යුක්තයි. මෙහි අඩංගු විශේෂතා අතර වීඩියෝ ග්‍රහණය කල හැකි 5MP කැමරාව, සමාජ-ජාල සඳහා සැකසූ Apps හා Wi-Fiසම්බන්ධතාවය දැක්විය හැකියි. මේ දුරකථනය සමග විවිධ වර්ණයන්ගෙන් යුත් මාරු කල හැකි දුරකථන කවර ද ලැබෙනවා. එමෙන්ම මෙහි දුරකථන තිරය ද (Home Screen) ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම ද අඩංගුයි.


    Canon IXUS 230 HSඩිජිටල් කැමරාව


    Canonසමාගමේ නවතම ඩිජිටල් කැමරාව වන මෙය මෙගා පික්සල 12.1 කින් හා 8X විශාලක බලයකින් (12.1 MP & 8X Optical Zoom)යුක්තයි. 28mm පුළුල් කෝණ (wide angle)කැමරාවක් වන මෙය අධි සංවේදී CCDප්‍රොසෙසරයකින් හා digic 4ප්‍රොසෙසරයකින් යුක්තයි. මේ නිසා මේ අළුත්ම ඩිජිටල් කැමරාව අඩු ආලෝක තත්ත්වයන් යටතේ වුවත් හොඳ ඡායාරූපයක් ලබාදීමට සමත්. රූප පෙන්වීම සඳහා අඟල් 3LCDතිරයක්ද මෙහි අඩංගුයි. එමෙන්ම ඡායාරූපකරණය ගැන වැඩි දැනුමක් නැති අයෙක්ට වුවත් මෙම කැමරාවෙන් ලබාදෙන ඉඟි ඔස්සේ හොඳ ඡායාරූපයක් ලබා ගත හැකියි. මෙම කැමරාවට Full HD වීඩියෝ දර්ශන පටිගත කරන්නටත් පුළුවන්.


    Viewsonic PJD5223 ප්‍රොජෙක්ටරය


    මේ ප්‍රොජෙක්ටරය 120Hzධාවන සංඛ්‍යාතයකින් යුක්ත නිසා ත්‍රිමාන දර්ශණ සඳහා කදිමට ගැලපෙයි. ත්‍රිමාන රූපවාහිනියකට ඔබ අකැමති නම් මෙය හොඳ තේරීමක්. කෙසේ වුවත් ත්‍රිමාන දර්ශණ නැරඹීම සඳහා ඔබ ත්‍රිමාණ උපැස් යුවලක් පැළඳිය යුතුයි. මෙම ප්‍රොජෙක්ටරය කිලෝග්‍රෑම් 2.6 ක බරකින් යුත් අතර XGA තත්ත්වයේ පික්සල 1024X768 ක විභේදනයකින් යුතුව රූප සම්ප්‍රේෂණය කළ හැකියි. මීටර් 1.2 ක දුරක සිට අඟල් 300 ක පමණ ප්‍රමාණයක දර්ශණ ලබාදීමට මෙය සමත්. එමෙන්ම මෙහි contrastඅනුපාතය 3000:1 ක් වන අතර පැය 6000 ක පමණ කාලයක් මෙයට ආලෝකය ලබාදෙන දීප්ත පහන භාවිතා කල හැකියි.


    Samsung series 7 Gamer අධි-බල ලැප්ටොප් පරිගණකය




    ඩෙස්ක්ටොප් පරිගණක වලට හොඳ පිළිතුරක් දෙමින් ජංගම භාවිතයට පහසු එමෙන්ම සාමාන්‍ය PC එකකට වඩා වැඩි පහසුකම් ලබාදෙන ලැප්ටොප් පරිගණකයක් ලෙස මෙය හැඳින්විය හැකියි. අඟල් 17.3 ක දැවැන්ත 3D තිරයකින් , IntelCorei7ප්‍රොසෙසරයකින් ද, 8 GB DDR3 RAMමතකයකින් ද මෙය සමන්විතයි. පරිගණක ක්‍රීඩා සඳහා අවශ්‍ය අධි-බලැති වීඩියෝ ධාරිතාව ලබාදීම සඳහා 2GB මතකයකින් යුත් ATI RadeonHD6970Mවර්ගයේ වීඩියෝ කාඩ්පතකින් මෙය සන්නද්ධ කර තිබේ. මේ වීඩියෝ කාඩ්පත හා 120Hzසංඛ්‍යාතයේ SuperBrightවර්ගයේ තිරය නිසා බ්ලුටූත් සම්බන්ධතාවය සහිත Active-Shutterවර්ගයේ උපැස් යුවලක් භාවිතා කර ත්‍රිමාන ආකාරයට දර්ශණ නැරඹීමට පුළුවන්. පරිගණක ක්‍රීඩා ලෝලීන් සඳහාම නිපදවා තිබුනත් අවශ්‍ය විටෙක අනෙකුත් කාර්යයන් සඳහා භාවිත කල හැකි අයුරින් ක්‍රියා මාදිලි හතරකින් යුක්තයි.


    Fusion Garage Grid10 ටැබ්ලට් පරිගණකය




    වෙනස්ම මාදිලියක ටැබ්ලට් පරිගණකයක් වන මෙය nVidia Tergra2ප්‍රොසෙසරයකින් හා 512MBRAM මතකයකින් ද යුක්ත වේ. මෙහි බර ප්‍රමාණය ග්‍රෑම් 700 ක් පමණ වේ. එමෙන්ම මෙය ජනප්‍රිය ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනස් කර තැනූ Grid10 නම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයි. මෙම ටැබ්ලට් පරිගණකය මත Grid10Apps මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් Apps ද ධාවනය කළ හැකියි. මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔබ කරමින් සිටින කාර්යය save නොකර වුවත් පසු අවස්ථාවකදී විවෘත කර වැඩ කළ හැකි වීමයි. තිර ප්‍රමාණය අඟල් 10.1 ක් වන අතර තිර විභේදනය පික්සල 1366X768 කි. ගිගාබයිටට් 16 ක අභ්‍යන්තර මතකයකින් ද, මෙගා පික්සල 1.3 ක වෙබ් සහාය සහිත ඉදිරිපස කැමරාවකින් හා මෙගා පික්සල 2 ක පසුපස ප්‍රධාන කැමරාවකින් ද යුතුයි. එමෙන්ම ඇක්සෙලරෝමීටර්, GPS සහාය, ඩිජිටල් මාලිමාව, Wi-Fiහා Bluetoothසබඳතාවය හා HDMI / USBසහායෙන් ද යුතුයි.


     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Maxxa
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං..


    good post
    ස්තුතියි මචං..

    good post
    ස්තුතියි මචං..

    Elazzzzz...............
    ස්තුතියි මචං..

    නියමයි මචන්
    canon cam එක කවද විතර එයිද බන්??
    දැනට තියෙන්නේ Canon IXUS 220HS කියන එක විතරයි ලංකාවේ.. 230HS එක තවම නම් නැහැ. 35,000 කට වඩා අඩුවෙන් මේක ගන්න පුළුවන්..

    canon_ixus_220_hs_rear_tn.jpg



    ස්තුතියි මචං..

    patta aha machan
    ස්තුතියි මචං..


    ස්තුතියි මචං..