අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දි&#3514

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දි&#3514

    අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දියත් කරන්න. Honda ගෙන් පාඩමක් ඉගෙන ගන්න

    නැවක් වරාය ඇතුලතදි හරි සුරක්ෂිතයි. හැබැයි නැව් හදල තියෙන්නේ වරායේ තියන්න නෙවෙයි. ඈත දියඹට යන්න ඕනි. ඇත මුහුදු, දූපත් දකින්න ඕන. නිල් සමුදුර තරණය කරන්න ඕන. නැවක් වෙලා වරායට වී ඉඳීමෙන් පලක් නෑ. එතකොට හැමදාමත් නැව දකින්නේ ඒ වරායම තමයි. ඉලක්ක හඹා යෑමේ ශක්තිය අපි ලඟ තියෙනවා. විවිධ කාරණා නිසා අපි අපේ ඉලක්ක ජයග්‍රහණය කිරීම මග හරවා ගන්නවා. බොහෝවිට ඒක අවබෝධයේ පුංචි ගැටලුවක් වෙන්න පුලුවන්.

    අනාගතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට අතීතය හෝ අපි අතීතයේ කළ දේවල් බලපාන්නේ ඉතා සුළුවෙනි. වර්තමානය තුල හරියටම කටයුතු කිරීම තුලින් අනාගතය ජයගත් අය අප්‍රමාණයි. අපි කළ යුත්තේ එයයි. ඔබට ඉලක්කයක් ජයගැනීමට අවශ්‍යනම් පළමුව ඒ ඉලක්කය පැහැදිලිව තෝරා ගන්න. එයින් මනස පුරවා ගන්න. ඔබ වැනි අය ඕන තරම් ඉලක්ක ජයගෙන ඇති බව පමණක් සිතන්න. අතීතයේ සිදුවීම් සියල්ල අමතක කරන්න. වර්තමානයේ තම ඉලක්කය, සිහිනය තුල ජීවත් වෙන්න. නෞකාව වරායෙන් මුහුදට ගන්න තම ඉලක්කයට ආදරය කරන්න. ජයගන්නා බව අධිෂ්ඨාන කර ගන්න. එය ජය ගන්නවා නියතයි. හැම මනුෂ්‍යයෙක්ම දක්ෂයි. අපේ ජීවිතය අලුත් වෙන්න අපිට අළුත් බලාපොරොත්තු පැහැදිලව දකින්න පුළුවන් වෙන්න ඕන. ඒක පළමු කාරණාව. දෙවැනි කාරණාව තමයි අපිට හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි. නැව දියඹට ගන්න හේතුවක් ඕන වෙනවා. හේතුව දන්නේ ඔබයි, නැවියා ද ඔබයි


    tumblr_nfkhatEz7S1tc7hsjo1_500.gif


    ඔබ අහල ඇති “සොයිචිරෝ හොන්ඩා” ගැන. අපි කවුරුත් දන්න හොන්ඩා මෝටර් බයිසිකලය ලෝකෙට හඳුන්වා දුන්නේ ඔහුයි. පාසලේ දී හොන්ඩා ඉගෙනගන්න කටයුතුවලට දක්ෂ ළමයෙකු ලෙස පිළිගත්තේ නෑ. ඔහු දුර්වල ශිෂ්‍යයෙකු හැටියට තීරණය වෙලා තිබුණා. දක්ෂ ළමයින්ගෙන් ඉවත්ව පන්තියේ කෙලවරක හුදකලාව ගුරුතුමියගේ ඇස් වලින් හැංගිලා ඉන්න හොන්ඩා උත්සහ කළා. ස්වභාවයෙන්ම ඔහු ශරීර ශක්තියෙන් දුර්වල කෙනෙක් වුනා. පාසලේ ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ ලැබීමට ඔහුට බැරි වුනා. ගමේ මිතුරන් සමඟ ක්‍රිඩා කිරීමේදී ඔහුට නිතරම හිමි වුනේ පරාජයයි. ඔහු ඉක්මනින් රවට්ටන්න පුළුවන් මෝඩ චරිතයක් බව මිතුරන් අතරේ පිළිගැනීමක් තිබුනා.

    Soichiro-Honda-on-one-of--012.jpg


    හොන්ඩාගේ ගමේ මිතුරන්ට පිහිනීමේ හැකියාවක් තිබුනා. පිහිනන්න දන්නේ නැති හොන්ඩා ගමේ වැඩිහිටි මිතුරෙකුගෙන් විමසුවා “පිහිනන්න ඉගෙනගන්නේ කොහොමද?” කියලා. මේ වැඩිහිටි මිතුරා හිතුවා හොන්ඩාව රවට්ටන්න. ඔහු හොන්ඩාට කිව්වා “පීනන්න පුරුදුවෙන්න ඕනනම් ඉස්සර වෙලාම මාළුවෙකු ගිලින්න ඕනි” කියලා එය විශ්වාස කළ ඔහු මාළුවෙකු ගිල්ලා. ඔහු සමහර තැන්වලදී එතරම් දුර්වල චරිතයක් පෙන්නුම් කළා. අන් අය අතරේ ඔහු කොතරම් දුර්වල වුනත් ඔහු තුල ප්‍රබල සිහිනයක් තිබුනා. ඒ වනවිටත් ඔහුගේ නෞකාව දියඹට හැරලයි තිබුනේ. අනිත් අය ඒ ගැන දැනගෙන හිටියේ නෑ.

    හොන්ඩාට වයස අවුරුදු 7 ක් 8 ක් වනවිට ඔහුගේ හිත තදින් ඇදිලා ගිය දෙයක් දුටුවා. ඒ තමයි වී මඩින යන්ත්‍රය. හොන්ඩා ඒ යන්ත්‍රය දකින්න ආස කළා. ඒ ශබ්දයට ආස කළා. එහි තෙල් සුවඳට ආස කළා. යන්ත්‍ර සූත්‍රවලට ඇති ඇල්ම වැඩි වීමට යන්ත්‍ර සුත්‍ර ගැන ඉගෙනීමට දැඩි කැමැත්තක් ඇති වීමට ඒ වී මඩින යන්ත්‍රය හොන්ඩාට හැරවුම් ලක්ෂයක් වුනා. අන් අය අතර දුර්වල චරිතයක් ලෙස පිළිගැනුනත් යන්ත්‍ර සූත්‍ර ගැන ඉගෙන ගන්න බවත්, ඒ තුලින් තම ජීවිතය ජය ගන්නා බවත් හොන්ඩා විශ්වාස කළා. ඔහු ඒ ජීවිතය සමඟ ජීවත්වුනා. නෞකාව සෙමෙන් සෙමෙන් දියඹට ඇදුනා. අවුරුදු 15 දි ඔහු ටෝකියෝ නගරයට ආවා. ඒ ආවේ ගරාජයක වැඩ කිරීමේ අරමුණින්. නමුත් ගරාජයක වැඩ කිරීමට වයස මදි යැයි පැවසූ ගරාජයේ හිමිකරු ඔහුගේ දරුවා බලා ගැනීමේ වගකීම හොන්ඩාට පැවරුවා. ඔහු දරුවාව පිටේ බැඳන් ගරාජයේ අනිත් අය වැඩ කරන හැටි ඉගෙන ගත්තා. පසු කලෙක ගරාජයේ හිමිකරු වැඩට එන ලෙස හොණ්ඩාට පැවසුවා. එය ඔහු ජීවිතයේ වඩාත්ම සතුටු වුන දවසක් වුනා.

    බාහිර පරිසරය පසුබිම හෝ ගැටලුව කුමක් වුනත් ඉලක්කයට ගැලපෙන මානසික මට්ටමක් ඔබ පවත්වා ගන්නේ නම්, ඔබට හැරවුම් ලක්ෂ පෙනේවි. ඔබ නැව දියඹට රැගෙන යාවි.

    වයස 20 දී සොයිචිරෝ හොන්ඩා නැවතත් ගමට පැමිණියා. තමාගෙම ගරාජයක් ඇරඹුවා. ඔහු රාත්‍රි කාලයේදී විවධ යන්ත්‍ර සුත්‍ර පිළිබඳව පර්යේෂණ පැවැත්වුවා. වයස අවරුදු 30 දී හොණ්ඩා තමා නිපදවූ ස්පෝක් සහිත රෝදයට පේටන්ට් බලපත්‍රය ගත්තා. ඊට පසුව පිස්ටන් නිර්මාණය කිරීමට පටන් ගත්තා. 1945 දී ලෝක යුද්ධයේ අමිහිරි සිදුවීම්වලට මූණ දෙන්නට හොණ්ඩාටත් සිදු වුනා. ඔහුගේ කර්මාන්තශාලාව පොළොවට සමතලා වුනා. මතක තියා ගන්න ඈත දියඹට නෞකාව යද්දී අහයපත් කාලගුණික තත්වවලට, කුණාටු වලට මූහුණ දෙන්න සිදු වෙනවා. අපි ප්‍රවේශමෙන් නැව යාත්‍රා කරවන්න ඕන. ඒවාට බයේ වරායේම නෞකාව රඳවා ගන්න බැරි බව තේරුම් ගන්න ඕන. මේ බව දැනගෙන හිටිය හොන්ඩා යුද්ධයෙන් සියල්ල අහිමි වුනත් තම උත්සහය අත් ඇරියේ නෑ. මේ දවස්වල ජපානය හැම අතින්ම වැටිල හිටියේ. ප්‍රවාහන පහසුකම් සියලු දෙනාට ලොකු අභියෝගයක් වුනා. මෙන්න මේ අවස්ථාවේදි ඔහුගේ නිර්මාණශීලි මනසට අපූර්ව අදහසක් ආවා.

    ලෝකයේ ප්‍රථම වතාවට සයිකලයට මෝටරයක් සවි කළා. එය ලොකයේ ප්‍රථම මෝටර්සයිකලය වුනා. ඔහු එය වැඩි දියුණු කළා. මෝටරයක් දරා ගත හැකි අයුරින් බයිසිකලය විශාලව නිර්මාණය කළා. ඊට ගැලපෙන මෝටරයක් නිපදවුවා. 1949 වර්ෂයේදී අශ්වබල 3 ක බලය ඇති 98cc ලොව ප්‍රථම කාර්මික මෝටර්යසිකලය හොන්ඩා නිෂ්පාදනය කළා. ඔහු එයට "Dream" “සිහිනය” නැමැති නම යෙදුවා. එය ඔහුගේ සිහිනය සැබැ වීමක් ලෙස ඔහු දකින්න ඇති.


    honda2.jpg


    ඒ ශක්තිමත් නෞකාවට සියලු දේ සපිරි සශ්‍රික දූපතක් හමු වුනා. ටික කාලයකින් ජපානයේ බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම වාහනය බවට "Dream" “සිහිනය” මෝටර්සයිකලය පත් වුනා. ලෝකයේ නන් දෙසින් ඔහුට ඇණවුම් ගලාගෙන ආවා. ඔහු කෝටිපතියෙකු වුනා.

    කුණාටු වගේම සියලු දේ සපිරි සශ්‍රික දූපතුත් නැව්වලට හමු වෙනවා. ඉලක්කය දූපත නම්, කුණාටුවට මුහුණ දෙන්න.

    හොන්ඩාට සිහිනයක් තිබුනා. ඒ හීනයට ඔහුට හැරවුම් ලක්ෂ ගණනක් හමුවුනා. වී මඩින යන්ත්‍රය දැකීම පළමුවෙනි හැරවුම් ලක්ෂයයි. එය ගරාජයක වැඩට යන්න තරම් අවශ්‍යතාවක් ඔහුගේ සිතේ ඇති කළා. ගරාජයේ හිමිකරු ඔහුගේ දරුවා බලාගන්න වගකීම හොන්ඩාට පැවරුවත් කාලයකට පසුව හොන්ඩාට ගරාජයේ වැඩට එන ලෙස කීවා. එය දෙවන හැරවුම් ලක්ෂයයි. ලෝක යුද්ධයෙන් බැට කෑ ජපානයට ප්‍රවාහන පහසුකම් ලොකු අඩුවක් වුනා. ඒ හිඩැස දැක්ක එක තවත් හැරවුම් ලක්ෂයක් වුනා. හොන්ඩා තම ඉලක්කයට යන ගමනේ තවත් හැරවුම් ලක්ෂ දක්වා ඒවා ප්‍රයෝජනයට ගත්තා. එහෙම වුනේ ස්ථිර බලාපෙරොත්තුවක් හීනයක් හිතේ තිබුන නිසා.


    soichiro-honda-f1.jpg


    හීනයක් හිතේ තියාගෙන එය ඉලක්කයක් කරගන්න. ඒ මග සක්‍රියව ජීවත් වෙන්න. ඔබට හැරවුම් ලක්ෂය හමු වේවි. ඉලක්කය ජයගැනීමට අවශ්‍ය සියලුම දේ එකින් එක පෙළගැසේවි. මෙය ලෝකෙ ඉලක්ක ජයගත් හැම දෙනාටම පොදු සාධකයක් වෙලා තියෙනවා. ඔබටත් එය එසේමයි. නිතරම තමන්ගේ අරමුණු ගැන හිතන්න. එය ජයගන්න බව විශ්වාස කරන්න. අරමුණක් හිතේ ඇත්නම් ඒ ගැන විශ්වාසයක් ඇත්නම් ඔබේ ඉලක්ක බලා යන ගමන නියම ලෙස දිශාගත කිරීමට අවශ්‍ය සියලුම දේ ඔබට හමු වේවි. ඔබට අලුත් සිතුවිලි පහලවේවි. අලුත් සැලසුම් පෙනේවි. අලුත් අවස්ථාවන් ලැබේවි. ඒ සියල්ල ඔබේ ජයග්‍රහණයට ලැබුන පැහැදිලි මාවතක් වේවි

    honda-logo-vector-download.jpg


    ගත්තේ http://srilife.lk/
     
    Last edited:

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ගොඩක් වටින ලිපියක් අවුරුද්ද පටන් ගන්නකොටම අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි මචන් !!!
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     
    • Like
    Reactions: baidu

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වටිනා ලිපියක් මචන් ..honda supar cub එක තමයි මෙතෙක් ලෝකේ බිහිවුන තාමත් නිෂ්පාදනේ කරන වැඩිම අලවියක් ඇති විශිෂ්ටම වාහනය .

    honda-super-cub-1-1.jpg


    රේප් +8
     
    • Like
    Reactions: baidu