අළුත් රු 10 කාසියේ මට හිතුන වෙනස් කතාවක්
මුලින්ම කියන්න ඕනේ, මේක මට හිතුන දෙයක්. ඒත් සංවාදයට විවෘතයි. සංවාදය අතිශය විචාරශීලී, පදෙන් කෑගැසීමක් නොවිය යුතුයි.
මම එළකිරියෙම පෝස්ට් එකකින් (http://elakiri.com/forum/showthread.php?t=1643712) තමයි දැක්කේ අළුතින් නිකුත් කරපු 10 කාසිය ( කාසිය කිව්වට කාසි 25). ඒක දැක්කහම මට කලින් නිකුත් කරපු නෝට්ටු දැක්කහම හිතේ තිබුණ දෙයක් ආයෙත් ඔළුවට ආවා. මචංලා රටක මුදලක් කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන දෙයක්. අපි දන්නවනේ මේ රටේ ඉන්න එක එක හැත්ත කොච්චර වලි කනවද ජාතික කොඩිය / ජාතික ගීය වෙනස් කරන්න.
දැන් ඉස්සර නෝට්ටු ටික ටික භාවිතයෙන් අයින් කරනවා. ඒ අයින් කරනකොට නෝට්ටුව විතරක් නෙවෙයි අයින් වෙන්නේ. ඒකේ හිටපු කඩුවක් උස්සගෙන හිටපු සිංහයත් අයින් වෙනවා. ඒ වෙනුවට 2010.01.01 නිකුත් කරපු නෝට්ටු සීරීස් එකේ එන්නේ පොල්කිච්චෝ, දෙමලිච්චෝ. පොඩ්ඩක් අරගෙන බලපල්ලා අළුත් නෝට්ටුවක්. ඒකෙ එකම තැනක පේන නොපෙනෙන ගානෙන් එක සිංහයෙක් ඉන්නවා, දිය සලකුණේ සිංහයෙක් නෑ.
මේ අළුතින් නිකුත් කරපු නෝට්ටු, රු 10 කාසි සෙට් එකයි සමරු කාසි/ නෝට්ටු නෙවෙයි. කාලෙන් කාලෙට සමරු කාසි නෝට්ටුවලට ඕවා එහා මෙහා වුනාට මෙච්චර කාලයක් සිංහයට / සිංහයා එක්ක රාජ්‍ය ලාංඡනයට මුකුත් වුනේ නෑ. ඒත් දැන් ඒකත් වෙනවා.
මේක සමහර වෙලාවට එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් මට මෙහෙම හිතුන නිසා දැම්මේ. අදහසක් තියෙනවනම් කොටලා පලයව්.
ප ලි.
රෙප් ගැන කිසිම ආසාවක් නැත. කැපීමට සිතේ නම් කපනු මැනවි. මේ එළකිරියේ මවු ගුණ පිය ගුණ දැම්මත් රෙප් කපන්නන් සිටින බව දනිමි.