අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මාත් වැඩකරන්නේ trade zone එකේ .
    අපේ cousin කෙනෙක් අර රද්දොළුවේ housing scheme එකේ covid positive වෙච්ච fatherවත්
    හම්බවෙලා . close contact නෙවේ නිසා මිනිහවනම් නිරෝදායනය කරලා නැහැ .
    ඇතුලේ එකෙක්ගෙන් හරි හැදිලා
    ලගදීම මටත් නිරෝදායනයට හරි IDH හරි යන්න වෙනවා .
    මේ මගුල් දැක්කහම corona හැදේවි කියන බයටත් වඩා depress වෙනවා .



    නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සහ බහු ජන සංවිධාන කිහිපයක් චෝදනා කරන්නේ විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෑතකාලීනව වසංගත තත්වය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගත බවයි.


    පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවය නොමැතිවීම, අනාරක්ෂිත ප්‍රවාහනය, අපිරිසිදු නිරෝධායන හල් සහ සේවකයන් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම, ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි කියනු ලබන මූලික COVID-19 රෙගුලාසි පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම සංවිධාන විසින් මාධ්‍යවේදීන් වෙත ලබා දී ඇති තොරතුරු පත්‍රිකාවක දැක්වේ.


    එම ලේඛනය පෙන්වා දෙන පරිදි ඔක්තෝබර් 11 ඉරිදා රාත්‍රී 10.30 ට පමණ ගර්භනී මාතාවක්, දරුවන් දෙදෙනෙක් හා කාන්තාවන් 25 ක් ඇතුළු කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයන් 45 දෙනකු හමුදාව විසින් බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත නිරෝධායනය සඳහා ගෙන ගොස් තිබේ.


    අසල්වැසි නේවාසිකාගාරයේ වෛරසය ආසාදිත වූ සේවකයන් කිහිප දෙනකු වාසය කර ඇති බැවින්, ඔවුන් ද නිරෝධායනය කළ යුතු බව හමුදා නිලධාරීන් පවසා ඇත.


    ඒ මොහොතේ තමන් මුහුණ දුන් අත්දැකීම කම්කරු තරුණියන් විසින් විස්තර කර ඇත්තේ මෙලෙසිනි.


    “අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ”


    නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන පරිදි ඔවුන් වේයන්ගොඩට ගෙනයන බව පවසා තිබුණත්, රැගෙන ගොස් ඇත්තේ දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයක් වෙතයි.


    එදිනම පාන්දර 12.30 ට පමණ ඇවරිවත්තේ ද සේවකයන් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබේ.


    “රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා. මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” යැයි කලුතරට පැමිණි සේවිකාවක් පවසා තිබේ.


    ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබේ.


    පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කලුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොමැත.


    කෑමට උයපු නැති කරෝල


    නීතිය හා සමාජ භාරයේ සඳුන් තුඩුගල පෙන්වා දෙන පරිදි එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා කෑමට ගත නොහැකි තත්වයේ ඒවාය.


    එම ස්ථානයේ වැසිකිළි උතුරා අපිරිසිදු වී තිබී ඇති අතර, ඒ වනතෙක් (ඔක්තෝබර් 13 වන විට) කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු හමුවීමට අවස්ථාවක් ලැබී නොමැත.


    නිරෝධායනයට යවා ඇති කම්කරුවන් පත්වී සිටින පීඩාකාරී තත්වය සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැර තිබී මේ සමග පලකෙරෙන ඇතැම් වීඩියෝ දර්ශන වල දැක්වේ.


    එම එක දර්ශනයක එන කාන්තාවක් තමන්ට ලැබුණු බත්මුල විසි කරන්නේ පිලී ගඳ ගහන නොපිසූ කරවල එහි ඇති බව අප්පිරියාවෙන් යුතුව පවසමිනි.


    එම ස්ථානයේ සිටි ඇත්තේ හමුදාව පමණක් වන අතර මධ්‍යස්ථානයට ඇතුළත් වූ පසු කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා නැත.


    “දොස්තර කෙනෙක් අපිව බලන්න එන බවට කටකතා අසන්නට තිබූනත්, නිල වශයෙන් කිසිවක් අප වෙත මෙතෙක් දැනුම් දී නැහැ” යි සිද්ධියට මුහුණ දුන් පිරිස පවසා තිබේ.


    ඔක්තෝබර් 13 දින වන විට සේවකයන් සඳහා සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි මූලික අත්‍යවශ්‍ය දෑ ලබා දී තිබුනත් කම්කරුවන් 400-500 ක් පමණ දෙනා අඩු පහසුකම් තුළ සිටින බව කම්කරුවන් පෙන්වා දී තිබේ.


    ඔවුන් පවසන පරිදි එක් කාමරයක් තුළ කම්කරුවන් හය හත් දෙනෙක් සිටින අතර ඇතැම් කාමර වල කම්කරුවන් තුනේ සිට පහ දක්වා පිරිසක් සිටිති.


    තිහකට වැසිකිලි 2යි


    නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන්නේ කම්කරුවන් 30 ක් පමණ පිරිසකට නෑම සදහා නාන කාමර 2 ක්, වැසිකිළි 2 ක් සහ සින්ක් 2 ක් පමණක් ඇති බවයි.(සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.)


    මෙහෙම ගියොත් මැරෙනවා


    කම්කරුවන් බිය පළ කරන්නේ එක් සේවකයකුට වෛරසය ආසාදනය වී තිබුනහොත් , නිසි ආරක්‍ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇති බවටයි.


    “මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා” ඔවුන් පවසා තිබේ.


    “මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා, සිරවීම් දෙකක් සිදුවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැඳුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ. මේ අයට ඡන්දය දීපු එකට අපිටම ගහන්න ඕන” තවත් සේවකයෙක් පවසා තිබේ.


    ආණ්ඩුවටත් ගුරුහරුකම්


    නිදහස් වෙළද කලාපයේ සේවකයන් අනාවරණය කර ඇති පරිදි වෛරස් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැති මොහොතක පවා ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන්නේ ආරක්ෂිත පියවරක් වශයෙනි.


    “අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ ඇනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්‍ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම ඇනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා,” තවත් කම්කරුවන් පිරිසක් විස්තර කර ඇත්තේ එලෙසිනි.


    එහිදී කම්කරුවන් රජයට අවධාරණය කර ඇත්තේ රජයේ රෙගුලාසි සහ නිරෝධායන පිළිපැදීමට තමන් විරුද්ධ නොමැති අතර නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස යි.


    හමුදාවට පුහුණුවක් දෙන්න


    තමන් නිරෝධායනය සදහා රැගෙන යෑමට එන හමුදාවට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා‌ තිබේ.


    “අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි, අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ‘අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි” ඔවුහු වේදනාවෙන් පවසා‌ තිබේ.


    හරියට අපි එයාලගෙන් ජීවත් වෙනවා වගේ


    මාධ්‍ය ආයතන වෙතද පිටපත් ලැබී ඇති වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ල හමුවේ රාජකාරියේ නිරත හමුදා භටයන්ට වෙළෙඳ කලාපයේ සේවකයන් සැලකු ආකාරයත් ඔවුන් සිහිපත් කර දී තිබේ.


    “මේ අවුරුද්දේ මුල පළවෙනි ලොක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින් අපි එයාලට දුන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ හමුදාව කියන්නේ කවුද කියලා, දැන් අපි තමයි විඳවන්නේ, අපි ගාමන්ට් වල වැඩ කරනවා කියලා අපි මෝඩයෝ නෙවෙයි, අපිටත් අයිතිවාසිකම් තියෙනවා.”


    රෝගයක් වැළඳීම වරදක් ලෙස සලකා කම්කරුවන් පීඩාවට පත් කරන්නේ ඔවුන් උපයන ධනයෙන් යැපෙන්නන් බව ඔවුහු අවධාරණය කරති.


    “අපි නිසා තමයි එයාලා හොඳට ඉන්නේ , ඒත් එයාලා හරියට අපිට සලකන්නේ අපි එයාලගෙන් ජිවත් වෙනවා වගේ, එයාල තමයි අපිට කරදරයක් වෙලා ඉන්නේ. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ” ඔවුන් කෝපයෙන් අසනු ලැබු බව නීතිය හා සමාජ භාරය හෙළි කර තිබේ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබ මචං එක අන්තෙක කොනේම ඉන්නේ .
    හරියට erozan වගේ .
    side එකක් ගත්තට කමක් නැහැ ඒත් මද්‍යලක්ෂය දිහාවට පොඩ්ඩක් ඇවිදගෙන වරෙන් .
    නැත්තන් සංවාදයක්වත් කරන්න අමාරුයි .
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ මචං එක අන්තෙක කොනේම ඉන්නේ .
    හරියට erozan වගේ .
    side එකක් ගත්තට කමක් නැහැ ඒත් මද්‍යලක්ෂය දිහාවට පොඩ්ඩක් ඇවිදගෙන වරෙන් .
    නැත්තන් සංවාදයක්වත් කරන්න අමාරුයි .

    අාපෝ හරි හරි...ඵහෙනම් සංවාදේ කරගෙන යන්න කැමති විදිහට.ඔන්න අපි ගියා...බායි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගෝඨ හැමදේටම හමුදාව දාල මිනිස්සුන්ට හමුදාව ඵපා කරවනවා මට පේන්නේ..ඒකටත් මොකක්හරි යටි අරමුණක් අැති.
    wedagath thread walata ewith thread kanna epaa huththige putho..appiriyai. mokakhari wedagath thread ekak beluwoth thoge anthawadi mathe witarai.ara erozan wage. ubata den oya hema huththatama gota wage ,seka nedda thowa hambunoth gota hukala kialaa? aniwa ekath ehema wenna ethi..gedara inne thoge maha ekaa neme eththa..thowa hambela thiyenne rajapaksa kenek weradiyata sarame pihidaganne nethiwa gahala. thread kanna epa wesige putha
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙන්ද කන්ද කරන්න කුලී ලියන්න්නොන්ට හොදට පුලුවන්.. කලිනුත් ඔහොම අදෝනා ලිව්වා ජෙප්පො සෙට් එකක්. මතකනෙ අර එක පරයෙක් ප්ලස්ටික් කෝප්පෙ කපලා ෆේස්බුක් දාලා මෝඩ ආතල දුන්නෙ. මේ රටෙ කෙහෙල්මල් 'සිවිල් සහ බහු ජන සංවිධාන' වලින් මිනිස්සුන්ට වෙන සෙතක් නැහැ, උන් හැම්දාම කලෙ එක එකාගෙ කොස් ඇට බාන එක.
    සාක්කි නැතුව පිලිගන්න අමරුයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලින් අත්දෑකීම් තියෙනවානේ කට්ටිය පෑනලා ගිහින්.. ඒ හින්දා දෑන් වට කරලා හොරු අල්ලනවා වගේ අල්ලනවා ඈත්තේ. අන්තිමට කාපු මකුනයි නොකාපු එකයි ඔක්කොම විදවනවා. හමුදාව ගන්න රිස්ක් එක ගෑන එක බල්ලෙක් කතා කරන්නේ නෑ. මතකනේ නේවි එකේ උන් කාපු කට්ට. හමුදාවේ එවුන් කෑවද බිව්වද කියලා අහන්න එක බල්ලෙක් නෑ. ඒ වුනාට උන්ට බනින්න නම් ගෝතයෝ සෙට් එකක් ඉන්නවා. ඕනම කෙනෙක්ට උපදෙස් දෙන්න පුලුවන්. ඒත් කන කට්ට දන්නේ හමුදාවේ එවුන්. මේ වෙලාවේ මේ වෑඩේ කරන්න ශක්තිය තියෙන්නේ හමුදාවට. ඒ හින්දා එයාලව යොදව ගන්න වෙනවා. එයාලත් කෑමති මේ රාජකාරි වලින් මිදිලා අපි වගේ ආරක්ෂිතව ඉන්න. ඒත් උන්ට ඒක කරන්න වෙලා තියෙන්නේ. මේක බාර ගන්න පුලුවන් වෙන කිසිම කෙනෙක් නෑ. මිනිස්සුත් පවු. ප්‍රශ්ණ ඈති, ඒත් හමුදාවට බනින එක තේරුමක් නෑ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකුන්ට හැංගෙන්න හොදයි..බොරු details දීලා ෆෝරම් පුර වන්න හොදයි...දැන් අරන් යද්දී නරකයි...එක පර රෝත්තකට හැදුනම පසහුකම් දෙන්න අමාරුයි..ටික දවසක් ඒ මිනිසුන්ට දීපල්ලා,සක්කිලි කතා කියන්නේ නැතුව..දෙයක් කරවී....

    ඒ මිනිසුත් වැඩේ ඇත හැරියොත් ලංකාවේ 5-10% මැරේවි..ඒ මෙරෙන්නේ තොපේ වයසක අම්මලා..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    කෙන්ද කන්ද කරන්න කුලී ලියන්න්නොන්ට හොදට පුලුවන්.. කලිනුත් ඔහොම අදෝනා ලිව්වා ජෙප්පො සෙට් එකක්. මතකනෙ අර එක පරයෙක් ප්ලස්ටික් කෝප්පෙ කපලා ෆේස්බුක් දාලා මෝඩ ආතල දුන්නෙ. මේ රටෙ කෙහෙල්මල් 'සිවිල් සහ බහු ජන සංවිධාන' වලින් මිනිස්සුන්ට වෙන සෙතක් නැහැ, උන් හැම්දාම කලෙ එක එකාගෙ කොස් ඇට බාන එක.
    සාක්කි නැතුව පිලිගන්න අමරුයි.
    මචං දැන් 1800ක් විතර covid positiveනේ .
    ඔතන එකෙක්ට close contact කීයක් ඇත්ද ?
    මේ පාර කලින් වගේ නෙවෙයි viral load එක වැඩි .
    කලින්ට වඩා virus එක පස් ගුණයක් powerfull .
    එකෙක්ට close contact 10යි කියල හිතුවොත් 18000ක් නිරෝදයනය කරන්න වෙනවා .
    මම දන්නේ නැහැ කීදෙනෙක් නිරෝදයනයට ගෙනිච්චද කියල .
    එත් ලංකාවට ලොකු ප්‍රමාණයක් නිරෝදයනය කරන්න resource නැහැනේ .
    ඒකනිසා මට හිතෙන්නේ මේ කියන දේවල් ඇත්ත කියල .
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං දැන් 1800ක් විතර covid positiveනේ .
    ඔතන එකෙක්ට close contact කීයක් ඇත්ද ?
    මේ පාර කලින් වගේ නෙවෙයි viral load එක වැඩි .
    කලින්ට වඩා virus එක පස් ගුණයක් powerfull .
    එකෙක්ට close contact 10යි කියල හිතුවොත් 18000ක් නිරෝදයනය කරන්න වෙනවා .
    මම දන්නේ නැහැ කීදෙනෙක් නිරෝදයනයට ගෙනිච්චද කියල .
    එත් ලංකාවට ලොකු ප්‍රමාණයක් නිරෝදයනය කරන්න resource නැහැනේ .
    ඒකනිසා මට හිතෙන්නේ මේ කියන දේවල් ඇත්ත කියල .

    හරි එහෙනම් ඇත්ත කියලා මේකවත් නොකර 5-10% මැරෙන්න අරිමු? 😂 😅 අපේ උන් ගෙවල් වල තිබ්බම වෙන දේ දැක්කේ නැද්ද?මහත්තයා positive,නෝනා වැඩ කරලා
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඕකුන්ට හැංගෙන්න හොදයි..බොරු details දීලා ෆෝරම් පුර වන්න හොදයි...දැන් අරන් යද්දී නරකයි...එක පර රෝත්තකට හැදුනම පසහුකම් දෙන්න අමාරුයි..ටික දවසක් ඒ මිනිසුන්ට දීපල්ලා,සක්කිලි කතා කියන්නේ නැතුව..දෙයක් කරවී....

    ඒ මිනිසුත් වැඩේ ඇත හැරියොත් ලංකාවේ 5-10% මැරේවි..ඒ මෙරෙන්නේ තොපේ වයසක අම්මලා..
    මේක ගැන tv සන්වදේකදී අජිත් රෝහණගේන් නිවේදකයා විමසා සිටියා, එවෙලේ ඔහු කිව්වේ අදාල කර්මාන්ත ශාලාවෙන ලබා දීපු දත්ත මත පදනම්ව තමයි ක්‍රියා කාලේ කියලා (වැඩේ wela tieyenne hr එකේ data update වෙලා තිබුනේ නැ. මෙයාල පරණ address වලට කට්ටිය හොයද්දි නැති උනාම බොරු address දීලා පලා ගහිල්ලා කියලා report කරලා tieyenne) ඕක ඉතින් හුඟක් තැන් වල වෙනවා එන lamai බෝඩින්, telephone numbers නිටරම වෙනස් කරනවා නේ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    කලින් අත්දෑකීම් තියෙනවානේ කට්ටිය පෑනලා ගිහින්.. ඒ හින්දා දෑන් වට කරලා හොරු අල්ලනවා වගේ අල්ලනවා ඈත්තේ. අන්තිමට කාපු මකුනයි නොකාපු එකයි ඔක්කොම විදවනවා. හමුදාව ගන්න රිස්ක් එක ගෑන එක බල්ලෙක් කතා කරන්නේ නෑ. මතකනේ නේවි එකේ උන් කාපු කට්ට. හමුදාවේ එවුන් කෑවද බිව්වද කියලා අහන්න එක බල්ලෙක් නෑ. ඒ වුනාට උන්ට බනින්න නම් ගෝතයෝ සෙට් එකක් ඉන්නවා. ඕනම කෙනෙක්ට උපදෙස් දෙන්න පුලුවන්. ඒත් කන කට්ට දන්නේ හමුදාවේ එවුන්. මේ වෙලාවේ මේ වෑඩේ කරන්න ශක්තිය තියෙන්නේ හමුදාවට. ඒ හින්දා එයාලව යොදව ගන්න වෙනවා. එයාලත් කෑමති මේ රාජකාරි වලින් මිදිලා අපි වගේ ආරක්ෂිතව ඉන්න. ඒත් උන්ට ඒක කරන්න වෙලා තියෙන්නේ. මේක බාර ගන්න පුලුවන් වෙන කිසිම කෙනෙක් නෑ. මිනිස්සුත් පවු. ප්‍රශ්ණ ඈති, ඒත් හමුදාවට බනින එක තේරුමක් නෑ
    මෙතන හමුදාවට බනින එක නෙවෙයි කරන්නේ .
    ඒ මිනිස්සුන්ට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් දේවල් ඒ මිනිස්සු කරනවා .
    එයාල කරන්නේ නියෝග පිළිපදින එකනේ .
    එත් ඔයා හිතන්න ඔයාට කොරෝන නැහැ .
    එත් මේ එක්කන් යන නිරෝදයනය මද්‍යස්ථානයක
    ඉන්න කෙනෙක්ගෙන් සවුක්‍යආරක්‍ෂිත නොවෙන විදියට ඉන්න
    වෙලා තියෙන නිසා කොරෝන බෝඋනොත් මොකද වෙන්නේ .
    මට පොඩිකාලේ ඉදල asthma තියෙනවා .
    මට හැදුනොත් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ .
    කඩේ යාම හැර වෙන වැඩක් නැති
    ඔයාල වගේ රෙදි හෝදන අයටත් මට වගේම corona හැදිලා වලපල්ලට යන්න ලැබෙන්න කියල
    ප්‍රර්ථනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ .