අළුත්_රටක්_පැනලයන්න
ශ්‍රි ලංකාව තුල වෙසෙන සංවිධානාත්මක පිරිසක් විසින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් Réunion දූපතට විදේශගත කිරීමට තැත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ඉන්දියන් සාගරයේ මැඩගස්කර් ආසන්නයේ වර්ග කිලෝමීටර් 2,511 පමණ වන දුපතක් වන මෙහි ජනගහනය 865,000 පමණවේ ,
මිනිස් ජාවාරම්කරුවන් විසින් විදෙස්ගතවීමට බලාපොරොත්තුව සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුනියන් පිරිසක් හලාවත හා මීගමුව යන ප්‍රදේශවලට රැගෙන විත් රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
එසේ, පුද්ගලයින් පිරිසක් නංවාගත් යාත්‍රාවක් මුහුදු මාර්ග ඔස්සේ විදේශගතවීමට පිටව යන අවස්ථාවේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එම යාත්‍රාව 2018 සැප්තැම්බර් මස 10 වන දින රාත්‍රී කාලයේ දී නාවික සැතපුම් 40 ක් දුරින් අත්අඩංගුවට ගෙන ඇත.
එදින අත්අඩංගුවට ගත් මෙම පිරිස නාවික හමුදාව විසින් කොළඹ වරාය පොළිස් ස්ථානය වෙතට භාර දිමෙන් පසු එම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භකර තිබේ.
පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධයි :
මෙම පිරිස අතර මඩකලපුව, හලාවත, අම්පාර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ කිහිපයක සිට පැමිණ ඇති සිංහල ජාතිකයින් 21 දෙනෙකු ද දෙමළ ජාතිකයින් 67 දෙනෙකු ද මුස්ලිම් ජාතිකයින් 02 ක් ඇතුලු පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර එම පිරිස අතර ඵක් කාන්තාවක්ද සිට ඇත.
යාත්‍රාවේ සිට ගමන් මගී පුද්ගලයින්ගෙන් මීගමුව ප්‍රදේශයේ පදිංචි ස්ථානයක් හෝ නිවැරදි ලිපිනයක් නොදන්නා ලක්ෂ්මන්, දංකොටුව ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි, හලාවත ප්‍රදේශයේ නාමල් නොහොත් තරංග, වලචචේන ප්‍රදේශයේ මුහුන්දන් නැමැති අය විසින් පොරොන්දු වු මුදල් ලබා ගෙන පුද්ගලයින් විදේශ ගත කිරිම සිදුකර ඇත.
මෙහි මුලික කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට නීතිවිරෝධි ලෙසට ප්‍රංශයට අයත් Reunion දුපතට පිටව ගොස් දැනට ඵහි පදිංචිව සිටින බලාපුවඩුගේ ප්‍රසාද් ඉංදික ඩිලාන් මෙන්ඩිස් යන අය බවට තොරතුරු අනාවරණය වි ඇත.
Réunion : ලංකාවේ කට්ටිය පැනල යන්න රටක් හොයාගෙන !

lol balaagena yaddi lankawe aiyyala loka sithiyeme thiyena punchi dupatak wath athaarala daala naha wage. me wage minis jaawaram karayo nisa thamai ada lankawe passport eka lokey thiyena narakama passports walin ekak wela thiyenne. munwa nawaththuwe naththam heta api kaatawath holiday visit ekakatawath rata yanna hamba wenne naha. danatamath lankanslata neethi thadai