(අ) සම්මත ප්‍රේමය

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    තමා කෙටි පණිවිඩ යවන විට සෙනුරි තමා දෙස බලා සිටිනු දහම්ට හොරැහින් පෙනුනි.

    “ගැණූ ලමයා නිතරම හෙවිල්ලේන් වගේ නේද?”
    ඇය ඇසුවාය.
    දහම් සිනාසුනි.

    “ජා ඇල බස් එක පටන් ගන්නේ කොටුවෙන් නේද?,මම නුවර බස් එකක ගිහින් නිට්ටඹුවෙන් බහිනවා,නැත්තම් නිට්ටඹු කොලඹ බස් එකේ ගියොත් ඒ අය ගාටනවා”.
    දහම් පැවසීය.

    කෙමෙන් කෙමෙන් බස් රථය කොටුව දුම්රිය ස්ථානය අසලට පැමිණිනි.

    “මන් යනවා පරිස්සමෙන් යන්න.මන් රැ වෙන්න ඔයට මැසේජ් එකක් එවන්නම්” දහම් පැවසීය.

    “බුදු සරණයි ඔයාත් පරිස්සමෙන්” සෙනුරි පැවසීය.

    ඇය බසයෙන් බසින තෙක් ඇසිපිය නොහේලා ඇය දෙස ඔහු බලා සිටියේය. අත වනා ඇයගෙන් සමුගත් ඔහු පිටකොටුවේ බෝ ගස අසලින් බසයෙන් බැස නුවර බස් නැවතුම්පල වෙත පා නැගුවේය.
    දහම් නිවසට පැමිනෙන විට රාත්‍රි 8 පමන විය.

    සෙනුරි 7.45 පමන වන විට සිය මාමගේ නිවසට ගිය බව ඇය එවූ කෙටි පණිවිඩයේ සටහන් වී තිබිනි.

    එදින සම්මන්ත්‍රණයේ සටහන් නැවත බලගත් ඔහු එදින නින්දට ගියේ හෙටත් පාලු නෑ ලෙස සිතමිනි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කතාවේ ඉතුරු ටික කෝ බන්
    avatar256626_3.gif