(අ) සම්මත ප්‍රේමය

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    “හරි හරි මන් තරහ නැ පැටී.යාලුවෙක් හම්බුන් නැද්ද?”
    “ම්ම්.අදුරන කවුරුවත් නැ “

    දහම් නැවත් පිලිතුරු යැව්වේය.

    “මට බඩගිනි.එන්න කන්න”

    . සෙනුරි පැවසු හඩින් දහම් තම සිටින තැන මතක් කරගත්තේය.
    “මන් පිටකොටුවන් කාලා අවේ”

    “ කමක් නැ එන්න බත් ටිකක් කමු”

    .සෙනුරිගේ බල කිරීම මත ඇය සමග බත් කටවල් කිහිපයක් ඔහු ගිල දමන්නට විය.
    “මම කුලියපිටියේ..”

    “ආ එතකොට කුලියාපිටි ඉදන්ද අවේ”.

    “නැ නැ ජා ඇල මාමගේ ගෙදර ඉදන් ආවේ.නැන්දා තමා බත් පාර්සල් 2 දුන්නේ දවල්ටත් එක්ක”.

    “හා.. මමනම් දවල්ට කෑම ගෙනාවේ නැ.එලියේ කඩේකින් ගන්නවා”

    “.ඔව් ඉතින් පිරිමි ළමය් කොහොමත් කඩ කෑම වලටනේ ආස”
    . දහම්ට සිනහ පහල විය.

    “ඔයා කොහේද”

    සෙනුරි ඇසුවාය.

    “මම නිට්ටඹුවේ”

    “එතකොට අදත් ජා ඇල මාමාගේ ගෙදර ඉදලා හෙට හවසටද ගෙදර යන්නේ.”

    “නැ හෙට ලෙක්චර්ස් ඉවර උනම කුලියාපිටි යද්දි රෑ වෙනවා..සදුදා උදේම ජා ඇලේන් නගිනවා බස් එකට”.

    “නැන්දගේ කෑම රසය්..”

    “හ්ම් එයාට හොදට උයන්න පුලුවනි ..”

    “තව විනාඩි 10 තියේ පටන් ගන්න”.

    දහම්ගේ සිතේ පොඩි ගැටලුවක් පැන නැගුනි..

    සෙනුරිගේ වයස ඔහුට දැන ගැනීමට උවමනා විය.

    “කොහොමද අහන්නේ. ලැජ්ජාවේ බැ අහන්න.”

    “මේ ඒක නෙවය් ඔයාට වසය කීයද?”
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    “ආ මන් 85 ඉපදුනේ..”

    “85” දහම් මුමුණන්නට විය.

    ඇය දහම්ට වඩා වැඩි මහල්ය.

    අවුරුද්දක් දෙකක් නොව අවුරුදු 3 වැඩිමහල්ය.
    “මම 88”

    “අනේ ඔයා මල්ලියේක්ද? පෙනුමේන් නම් එහේම පොඩි බවක් පේන් නැ”
    “අනේ වයස වැඩියෙන් පේනවාද?”

    “නැ නැ ළමයො ඔන්න සර් ආවා”

    “අක්කා කෙනක්.”
    “කොහේ හරි දැකලා තියෙන බව දැනුනට කුලියාපිටියට ජීවිතේටවත් ගිහින් නැ” දහම් ට සිතිණි.

    “කළමණාකරණ්යේ විකාශනයේන් මේ පාර විභාගයට ප්රයශ්න එන්න පුලුවන්,ඒක නිසා ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න.”

    දහවල් විවේකයට දේශනය නතර කරමින් දේශකයා තම දේශනය නතර කලේය.
    “මම ඉක්මනට ගිහින් කෑම එකක් අරන් එන්නම්”

    “හ්ම් ඉක්මනට එන්න මේක අපි දෙන්නටම මදි තමා”

    “ඔව් අම්මේ දැන් කන්න හදන්නේ.ඔව් ඉවරය්.නැ කවුරුවත් අක්ක කෙනක් මන් ගාව හිටියා එයා තමා ෆිට් උනේ.”

    තම මවගෙන් පැමිණි දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් අසල පිහිටි කඩයකට ඔහු ඉක්මනින් පිය නැගුවේය..

    “පැටී...දවල්ට බය් කෑවාද?”

    දහවලට දහම්ට අනිවාර්යෙන් ලැබෙන කෙටි පණිවිඩය ලැබිණි.

    “ඔව් චූටි මන් කන්න හදන්නේ චූටි කෑවද? අක්කා කෙනේක් හම්බුනා එයා එක්ක තමා කන්න හදන්නේ.”

    “අක්කා කෙනෙක්”

    අසුරු සැනින් පණිවඩයක් ලැබිණි.

    “හ්ම් හ්ම්”

    කෙටි පණිවිඩ ඒම නැවතිනි.

    “කෙල්ලට හැමදේම කියන්න එපා බන්.

    මල වදේ. කෑම කද්දි හදිසියට කියන් නැතුව කාපන් බලන්න කන්න හදනවා”

    හම්ගේ මිතුරෙකු පැවසු දෙයක් සිහිපත් විය.

    කව්ද මැසේජ් එවන්නේ ගෑනු ළමයද?
    “හ්ම්ම්”

    “මගේ බොය් ෆ්රෙේන්ඩ් ඉන්නේ රට.ලබන අවුරුද්දේ එයා අවම අපි බදිනවා”
    “හ්ම්ම්ම්ම්”

    “මොකද හ්ම්ම්ම් ගාලා දිගටම ඇද්ගෙන ගියේ.”
    “අනේ මන්දා”

    “මොකද අනේ හැම වෙලාවේම අනේ මන්දා ගාන්නේ..”

    “අනේ මන් දන් නැ අනේ එක මට පුරුදු වෙලා”

    “පැටී මොනවද අද බත් එකේ තිබ්බේ..”

    “බත් තිබ්බා ඇට 22410 රතු අල 4ග්රැම් තිබ්බා චුටි පපඩම්ක් තිබ්බා.

    පරිප්පු ඇට 487 තිබ්බා ඇතින්නක් දාපු අලි බිත්තරයක් තිබ්බා.”

    දහම් සුපුරුදු ලෙස තම පෙම්වන්තියට යවන දහවල් ආහර වේල පිලිබද විස්තරය යැව්ව්වේය.

    “බත් ඇට ගණන් කලේ අක්කද? “

    පිළිතුරු ලැබුනි.

    “නැ එයා තමා පරිප්පු ඇට ගනන් කලේ.”

    “මන් තරහය් ගෙම්බා.”

    “අනේ ලොකු දෙයක්.

    මේ පාඩම පටන් ගන්න යන්නේ හවසට කෝල් එකක් දෙන්නම්”
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එල එල ඔන්න මාත් කියවන්න පටන් ගත්තා..හැබැයි මචෝ දිගටම ලියහන්..
    ගැට්ටටම ඇවිල්ල නතර කරනවා එහෙම නෙමෙයි ඕන්....:yes::yes:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    එල එල ඔන්න මාත් කියවන්න පටන් ගත්තා..හැබැයි මචෝ දිගටම ලියහන්..
    ගැට්ටටම ඇවිල්ල නතර කරනවා එහෙම නෙමෙයි ඕන්....:yes::yes:

    අනිවා මචන්.මන් ලියනවා.උබලගෙන් ලැබේන සප් එක මාරම වටිනවා
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    "ඉක්මනට යමු ටිකක් හවස් වෙනකම් පාඩම ගියනේ අර බලන්න අතන... සෙනුරි යම් කිසි දෙයක් පෙන්නුවාය.

    "කැම්පස් පේමය"
    දහම් පැවසුවේය.අසල ගසක් යට මුමුණමින් සිටි දෙදෙනකු දෙස බලමිනි.

    “මෙහාට එන ඕන කෙනක් අත්විදින දෙයක්.ඔය අත්දැකීම නොවිදපු කෙනක් නැතිව ඇති නේද?” සෙනුරි පැවසුවේ ලෙන්ගතු හඩකිනි.

    “අන්න බස් එක,ඉක්මනට නගින්න”

    බස් රථයේ ආසන හිස් වී නොතිබින, මන්ද යත් විශ්වවිද්ය්යාුලයේ සිසූන්ගේන් එය පිරී පැවතිනි.

    “සුදු බස් එකේ හිටන් ඉන්නේ..මම කොටුවට අවිත් කෝල් එකක් ගන්නම්”
    දහම් සෙනුරිට නොඇසෙන ලෙස සිහින් හඩින් තම පෙම්වතියට ඇමුතුමක් ලබා දෙමින් කීවේය.

    “ඉක්මණට එන්න අර දෙන්නා බහින්න යන්නේ”
    සෙනුරි දහම්ගේ අතින් ඇදගෙන ගොස් අසල සිටි ආසන්යේ වාඩි විය.

    “හ්ම්ම්.. අම්මේ යාන්තම් ඇති මේ ට්රැේෆික් එකේ හිටන් ගිහින් කකුල් පණ නැති වේනවා හොද වෙලාවට ශීට් එකක් හම්බුනේ”

    “ජා ඇලට යද්දි රැ 8 වත් වෙය් නේද?”

    “හ්ම්ම්.ඔයා යද්දිත් ඒ වගේ වේවි. ඔව් හවසට කිරිබත්ගොඩ හරියේ මාර ට්රැිෆික් එපා වෙනවා”

    “හෙට ආර්ථික විද්යායව නේද? “

    “හ්ම්ම් ඔයා කීය වෙද්දි කොටුවට එනවද??”

    “හී දැන් මම බහින තැන දන්නවා,ඔයා ඕන නැ හෙට,”

    දහම්ට ලැජ්ජා සිතිනි මදැයි හෙට උදේ එන වෙලාව අහගන්න ගියා.

    "පැටී තාම කොටුවට අවේ නැද්ද? " පෙම්වතිය දිගට හරහට කෙටි පණිවඩ එවයි.

    “5.30 ත් පහු වේවි කොටුවට එද්දි” දහම් කෙටි පණිවිඩයක් යැව්වේය.

    “ඔය බස් එක එලවන්නේ ඉබ්බෙක්ද ඔය තරම් පරක්කු”

    කෙටි පණිවිඩයට පිලිතුරක් ලැබිණි.

    “අනේ මන් දන් නැ, ඉබ්බෙක් වෙන් ඇති,පිටේ කට්ට නම් දැක්කේ නැ තාම.”