ආකර්ෂණීය කටහඬක් හදාගන්නේ මෙහෙමයි 🎵📣

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com

    01. ඩයෆ්‍රම් ටෝක්ස්

    attactive-voice-01.jpg


    මේ කියන්නේ ඩයෆ්‍රම් එක නැතිනම් මහා ප්‍රාචීරයෙන් කතා කරන්න කියලා නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ කටහඬට හොඳ බරක් සහ ස්වරයක් ලැබෙන විදියක් ගැන. දැන් නිකමට හිතලා බලන්න, තමන් හුස්ම ගන්නකොට උස් පහත් වෙන්නේ පපුවද බඩද කියලා. පපුව නම්, ට්‍රයි කරලා බලන්න බඩට හුස්ම ගන්න. ඒ කියන්නේ බඩටද හුස්ම යන්නෙ? නෑ නෑ. පෙණහැල්ලට තමයි හුස්ම යන්නේ. හැබැයි ඒ හුස්ම ගන්න ක්‍රියාවට ජවය සපයන්නේ මහා ප්‍රාචීරය. ආන්න ඒකයි බඩ උස් පහත් වෙන්නේ. හැබැයි එහෙම ප්‍රාචීරයෙන්, එහෙම නැතිනම් ඩයෆ්‍රම් එකෙන් ජවය ලබාගෙන ගන්න හුස්ම බොහොම ස්ථාවරයි, ප්‍රබලයි. ඒ එක්කම අපි කතා කරන එකත් හොඳ බරකින්, රිලැක්ස් ගතියකින් සහ ගලායෑමකින් එනවා කියලා දැනේවි. ඇත්තටම මේක ඔය කටහඬ සම්බන්ධයෙන් කටයුතු කරන පුහුණුකරුවෝ ඕනම කෙනෙක් නිර්දේශ කරන දෙයක්.



    02. හුස්ම ගැනීමේ ව්‍යායාම

    attactive-voice-02.jpg


    දැන් කෙනෙක් හිතන්න පුලුවන් මොන කෙහෙල් මලකටද හුස්ම ගන්න ව්‍යායාම කරන්නේ කියලා. මොකද අපි සිංදු කියන්න යනවැයි? හරි, ගායක ගායිකාවන්ට බ්‍රීදින් එක්සයිසස් අනිවාර්යයි තමයි හොඳ ගායන හඬක් ලබාගන්න. හැබැයි එහෙමයි කියලා අපි සිංදු කිව්වත් නොකිව්වත් හුස්ම ගැනීමේ ව්‍යායාම නැතිනම් බ්‍රීදින් එක්සයිසස් කරන එකේ කිසිම පාඩුවක් නෑ. ඇත්තටම හුස්ම ගැනීමේ ව්‍යායාම කරනකොට ඕනම කෙනෙක්ගේ කටහඬ ශක්තිමත් සහ හොඳ පොහොසත් ස්වරයකින් යුක්ත වෙනවා කියලා තමයි ඒ සම්බන්ධ එක්ස්පර්ට්ලා කියන්නේ. ඒ වගේම, එහෙම හොඳ ශක්තිමත්, පොහොසත් ස්වරයකින් කතා කරනකොට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව කතා කරන බව හැඟෙන්නේ. ඒ වගේම, කතා කරනකොට හොඳ එනර්ජි එකකින් කතා කරන්නත් මේ හුස්ම ගැනීමේ ව්‍යායාම අත්‍යවශ්‍යයි.



    03. ස්ට්‍රෙස් කරන්න ඕන වචන

    attactive-voice-03.jpg


    අපි කතා කරනකොට නිකම්ම ෆ්ලැට් ඔහේ කතා කරගෙන ගියොත් අහගෙන ඉන්න අයට කොහොමද හැඟෙන්නේ? ඒක මෙලෝ රහක් නැහැ නේද? ආන්න ඒකට තමයි අපි කතා කරනකොට වාක්‍යයක සමහර අදාළ වචන අපි ස්ට්‍රෙස් කරන්නේ, වැඩි බරකින් උච්ඡාරණය කරන්නේ. ආන්න එතකොට අපි කතා කරන කොට විවිධත්වයකින් යුතුව, ජීවයකින් යුතුව, අවශ්‍ය තැන් වල ස්ට්‍රෙස් කරමින් කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම, කතා කරන අන්තර්ගතය ඇතුළේ හරි තැන් හරියට ස්ට්‍රෙස් කරන්න පුරුදු වෙන්න ඕන. මොකද, ස්ට්‍රෙස් කරන තැන වෙනස් වෙනකොට තේරුමත් වෙනස් වෙන නිසා. ඒකට උදාහරණයක් විදියට කිව්වොත්, “නදීකා, එන්න මෙහාට” කියන වාක්‍යයේ, නදීකා කියන කෑල්ල ස්ට්‍රෙස් කළොත්, ගොඩක් අය අතරින් නදීකට කතා කරන එක වෙන්නේ. මෙහාට කියන කෑල්ල ස්ට්‍රෙස් කළොත් ඒ කියන්නේ එන්න පුලුවන් තැන් කීපයක් තියෙනවා, හැබැයි මෙහාට එන්න කියලා. අන්න ඒ වගේ.



    04. හුස්ම ඇතුළේ කතා කරන ප්‍රමාණේ

    attactive-voice-04.jpg


    අපි කතා කරනකොට ඒකට අපි ගන්න හුස්ම ප්‍රමාණය, එහෙම නැතිනම් පෙණහළු වල රැඳිලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අදාළ වෙනවනේ. දැන් හිතන්න අපි එක හුස්මට කතා කරගෙන කරගෙන යනවා කියලා. එතකොට අපිට අන්තිම වචන ටික කතා කරන්න හුස්ම මදිවෙනකොට, නිකම් හඬ එළියට එන්නේ කැතට. එහෙම එක හුස්මෙන් කතා කරන්න උත්සාහ කරනකොට අපි කලබලේක, ආතතියක ඉන්නවා වගේ, අපේ පෞරුෂත්වය දුර්වලයි වගේ තමයි කෙනෙක්ට හැඟෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කතා කරනකොට හොඳ හුස්මක් සමගින් මධ්‍යම වේගයකින් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට කතා කරන අතරේ හුස්ම ගන්න ඕන තැන් හරියට හිතලා බලලා හුස්ම ගන්න ඕන. එක හුස්මෙන් ඔක්කොම කියලා දාන්න නොයන්න ඕන. මේක තනියම පුරුදු වෙන්න පුලුවන් දෙයක්.



    05. වේගය සහ හඬ ප්‍රමාණය

    attactive-voice-05.jpg


    ආකර්ෂණීය කටහඬකට මෙන්න මේකත් වැදගත් වෙනවා. දැන් කටහඬ වගේම අපි කතා කරන විදියත් කියන දෙකම එකතු වෙලා තමයි අපේ කටහඬ ආකර්ෂණීය වෙන්නේ. ආන්න ඒකට අපි කතා කරන වේගය සහ හඬ ප්‍රමාණය හරියට අවබෝධ කරගන්න සහ, ප්‍රශස්ත මට්ටමකින් කතා වේගය සහ හඬ ප්‍රමාණය පවත්වා ගැනීම කරන්න වුවමනායි. උදාහරණයක් විදියට ගත්තොත්, උඩ පොයින්ට් එකේදිත් අපි කියපු විදියට වේගෙන් වේගෙන් කතා කරගෙන යනකොට, ඒක කිසිසේත්ම ආකර්ෂණීය වෙන්නෙ නෑ. අනික් අතට අනවශ්‍ය විදියට මන්දගාමීව කතා කරනකොටත් අහගෙන ඉන්න අයට අමාරුයි. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයේ කතා කරන වේගයක් පවත්වා ගන්න ඕන. කතා කරන හඬ ප්‍රමාණය ගත්තත් මෙහෙමම තමයි. ඕන නම් අනික් අය ගියාත්මේ ඝණ්ටාර පූජ කරලද කියලා අහන වොලියුම් එකෙන් කතා කරන්න පුලුවන්, හැබැයි ඒක ආකර්ෂණීය නෑ. එහෙම නැතිනම් කණට ඇහෙන්නෙ නැති සිහින් හඬකින් කතා කරන්නත් පුලුවන්, හැබැයි ඒකත් කිසිසේත්ම ආකර්ෂණීය නෑ. දැන් මේ හරි වේගය සහ නියම හඬ වොලියුම් එක මුලින්ම තනියෙන් හදාගන්න උත්සාහ කරන්න. තමන් කතා කරන එක රෙකෝඩ් කරලා ආයෙ ආයෙත් අහලා බලන්න. එහෙම නැතිනම් වෙනත් කෙනෙක්ගේ උදව් අරගෙන පුරුදු පුහුණු වෙන්න.



    06. නහයෙන් කතා කරන එක හදාගමු

    attactive-voice-06.jpg


    තමන්ගේ වොයිස් එක ගැන කතා කරනකොට, සමහරුන්ට තියෙන දැඩි ප්‍රශ්නයක් තමයි, තමන් කතා කරන්නේ නහයෙන් කියන එක. අර නේසල් වොයිස් කියන්නේ, අන්න ඒකට. දැන් ඔය නහයෙන් කතා කරන එක හදාගන්න නම්, මුලින්ම හොයාගන්න ඕන තමන්ට ඇත්තටම තියෙන්නේ නේසල් වොයිස් එකක්ද කියලා. සාමාන්‍යයෙන් හයි පිච් එකේ යන, ඥාව් ඥාව් වොයිස් එකක් එනවා නං, ඒක ගොඩක් දුරට නහයෙන් කතා කිරීමක් තමයි. තව ක්‍රමයක් තියෙනවා නේසල් වොයිස් හොයාගන්න. නහයට යටින් අත තියන්න. දැන් කතා කරන්න. එතකොට වාතය සෑහෙන්න එළියට ඇවිත් අතේ වදින්නේ නහයෙන් නම්, ඒක ගොඩක් දුරටම නේසල් වොයිස්. ඕන නම් ඩබල් චෙක් කරන්න අත කට ඉස්සරහින් තියාගෙන ඉඳලා බලන්නත් පුලුවන්. වාතය ඇවිත් අතේ වදින්නේ කටින් නම්, ඒක නේසල් වොයිස් නෙවෙයි.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක බන් තැපෑලෙන් පීනන්න උගන්නව වගේනේ :lol:
    එක්සාම්පල් එකක් විදියට ඩෙමෝ එකක් තිබ්බ නන් මරු!


    ජෝක් එකක් කරේ. තැනක් යු මචන්!
     
    • Like
    Reactions: siri_ayya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    මේක හරියටම හරි. Speech Therapy වල practice කරන්නේ මේ techniques ටිකම තමයි
     
    • Like
    Reactions: kinkon