ආකල්පමය අතින් අපි කොහෙද
ගොඩක් කාලෙකින් එළකිරි එකේ ලිපියක් ලියන්නේ. හැම වෙලේම ඉතින් උදව් ඉල්ලලා තමයි ත්‍රෙඩ් දැම්මේ
. ඒත් කලෙක ඉදන් වෙච්ච දේවල් එක්ක මට මෙහෙම දෙයක් ලියන්න හිතුනා . අපි වගේ රටවල මිනිසුන්ගේ ආකල්ප මොන වගේද කියලා හොදින්ම අවබෝධ වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඔය වගේ චාටර් සිද්දි එළකිරි එකෙත් මට වෙලා තියෙනවා . ජීවිතේට නොදැක්ක යාලුවෝ එළකිරි එකෙන්ම ෆිට් වෙලා උන්ගේ යහපතට උදව් කරන්න ගිහින් අන්තිමට පොඩි කාලේ ඉදලා මාත් එක්ක ෆිට් එකෙන් හිටපු යාලුවෝ හිත හොද නැති වෙච්ච අවස්ථාත් තියෙනවා
. සමහර විට ඒ අයත් මේක කියවනවා ඇති . ඒගොල්ලොන්ට හින්ට් එකක් ගහන්න නෙමෙයි මම මේක ලියන්නේ . මොකද ඇත්තටම ඒ සිද්ද වෙච්ච දේවල් නම් මම අමතක කරලා තියෙන්නේ .
.
හැබැයි මේ ලගදී සිද්දියක් වුණා . මේකනම් එළකිරි එකට අදාල නැහැ . හැබැයි මේ දේ හින්දම තමයි මම මේක ලියන්නේ . මේ සිද්දිය ගැන විස්තර මට කියන්න බැහැ . ඒකෙන් වෙච්ච දේවල් වලින් මම අවබෝධ කරගත්තු දේවල් ටිකක් මේකේ මෙහෙම ලියන්නම්
අපේ රටවල මිනිස්සු කියලා මම මේකෙන් කියන්නේ ලංකාව , ඉන්දියාව වගේ දියුණු වෙමින් පවතින ආසියානු රටවල අය බවත් පිටරටවල මිනිස්සු විදියට මම හදුන්වන්නේ යුරෝපියානු , ඇමරිකානු, ඕස්ට්‍රේලියානු වගේ දියුණු මහද්දීප වල සිටින අය බවත් සලකන්න . මෙම ලිපියෙන් පිටරටවල අයට කඩේ යෑමට බලාපොරාත්තු නොවෙන බවත් මෙය සම පුද්ගලෙයෙකුටම අදාල නොවන බවත් සලකන්න . වැදගත් : තවද මා ද අපේ රටවල මිනිසුන්ට අයිති බවත් මා සතුවද පහත ගුණාංග ඇති බවත් සලකන්න . මෙහෙම මම ලිව්වේ මොකද සැමදේම වැරදි පැත්ත දැක විවේචනය කිරීම අපේ රටවල මින්සුන්ගේම ආකල්ප වල කොටසක් බව හොදින්ම අවොබෝධ වී ඇති නිසාය
දැන් කාලාන්තරයක් තිස්සේ අපේ රටවල් දියුණු වෙමින් පවතින රටවල් . හැබැයි මටනම් හිතෙන්නේ තව බොහෝ කාලයකට එය එසේම වේ . අකල්පයම අතින් අපි තාම ඉන්නේ හරිම ප්‍රාථමික යුගය . මේක මීට අවුරුද්දකට වගේ කලින් වෙච්ච සිද්දියක් . දවසක් මම පංසලේ ඉද්දි අම්මා කෙනෙක් ළමයෙක් එක්ක ආවා . ඒ ළමයා ඒ පාර ශිෂ්‍යත්වය ලියන්න යන ළමයෙක් . අම්මා ළමයාවත් ළග තියාගෙන බෝධියට වැඳලා කියලා ළමයාගේ විභාග අංකය මේකයි . ළමයව හොදින් සමත් වෙන්න හොදින් විභාගයට මුණ දෙන්න පුළුවන් වෙන්න කියලා බෝධියට කියනවා . මම මේවගේ හරි වැරැද්ද දන්නේ නැහැ . හැබැයි බෞද්දයෝ විදියට ඒ වැඩේ හරිද කියලා මට ඒ වෙලේ හිතුනා. මොකද අප මහා බෝසතාණන් වහන්සේ සියලු දේ අත් හැර සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බෝධිය ගාව අපේ මිනිස්සු හැම දේම ඉල්ලනවා කියලා එවෙලේ මට හිතුනා.
තව දෙයක් තමයි වැඩක් කරද්දී විශ්වාසය වගේ දේවල්. මෙන්න මේකට අදාල හොදම දෙයක් ලගදී වුනා . මම උඩ කිව්වෙත් මේක ගැනම තමයි . මම කරන රස්සාව අනුව පිටරටවල් වල අයත් අපේ රටවල් වල අයත් දෙකම එක්ක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා . අපේ රටවල අයත් එක්ක වැඩ කරනවා අඩුයි . හැබැයි ලගදි වැඩක් කරන්න වුනා . මේ නම් ලංකාවේ කෙනෙක් නෙමේ . ලංකාව ට ළඟ ආසියානු රටක කට්ටියක්. කියලා වැඩක් නැහැ බොරුව කියන එක උපරිමේට තිබ්බා . ඒ බොරුව වහගන්න කියපු දේවල් අහළා හිනත් යනවා
. හැබැයි ඒ වගේ අත් දැකීමක් පිට රටවල් වල මිනිසුන්ගෙන් හරි අඩුයි කියලා මම හිතනවා . ඒ සිද්දිය මම ලොකුවට කියන්න කැමැති නැහැ .
අපිට අපේ දේවල් වලට වැඩිය අනුන්ගේ දේවල් හොයන එක පුදුම ආතල්. අනුන්ගේ ඔප දූප අපිට කන්න නැතත් ඕනේ . මේක නම් අපිට පරම්පරා වලින් එන ජානමය ලක්ෂණයක් . මට මතක විදියට මාර්ටින් වික්‍රමසින්හ මහතා එයාගේ මිරිගුව කියන පොතේ ලියාලා තිබ්බා අපේ රටවල උදවිය කොච්චර යුරෝපියානු වෙන්න හැදුවත් අනුන්ගේ ඔප දූප හොයද්දි සිංහල ගති ඉබේම මතු වෙලා එනවා කියලා .
මම මේ ලිපිය ලොකුවට ලියන්න හිතන්නේ නැහැ හැබැයි සාරාංශයක් විදියට විවිධ හේතු නිසා අපේ රටවල මිනිස්සු ආකල්පමය අතින් පිටරටවල් වල අය එක්ක බලනකොට බොහොම ප්‍රථමික තැනක ඉන්නේ කියලා මට හිතුනා . මේක මගේ අත්දැකීමක් විතරයි. කොහෙන්වත් අරන් ලියපු ලිපියක් නෙමෙයි . මට හිතිච්ච දෙයක් ඕගොල්ලොන්ට කියන්න හිතුනා .මම පිටරටවල කාලයක් ජීවත් වෙච්ච මනුස්සයකේ නෙමෙයි . සමහර විට පිටරටවල ගොඩක් කල් හිටපු කෙනෙක්ගේ අදහස් මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒක හරිම පුද්ගලානුබද්ද දෙයක් . හැබැයි මම අන්තිමට මට දවසක් යාලුවෙක් කියපු දෙයක් කියන්න කැමති. ඒක පුදුම විදියට මගේ හිතට වැදුණා
ගොඩක් කාලෙකින් එළකිරි එකේ ලිපියක් ලියන්නේ. හැම වෙලේම ඉතින් උදව් ඉල්ලලා තමයි ත්‍රෙඩ් දැම්මේ
. ඒත් කලෙක ඉදන් වෙච්ච දේවල් එක්ක මට මෙහෙම දෙයක් ලියන්න හිතුනා . අපි වගේ රටවල මිනිසුන්ගේ ආකල්ප මොන වගේද කියලා හොදින්ම අවබෝධ වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඔය වගේ චාටර් සිද්දි එළකිරි එකෙත් මට වෙලා තියෙනවා . ජීවිතේට නොදැක්ක යාලුවෝ එළකිරි එකෙන්ම ෆිට් වෙලා උන්ගේ යහපතට උදව් කරන්න ගිහින් අන්තිමට පොඩි කාලේ ඉදලා මාත් එක්ක ෆිට් එකෙන් හිටපු යාලුවෝ හිත හොද නැති වෙච්ච අවස්ථාත් තියෙනවා
. සමහර විට ඒ අයත් මේක කියවනවා ඇති . ඒගොල්ලොන්ට හින්ට් එකක් ගහන්න නෙමෙයි මම මේක ලියන්නේ . මොකද ඇත්තටම ඒ සිද්ද වෙච්ච දේවල් නම් මම අමතක කරලා තියෙන්නේ .
. හැබැයි මේ ලගදී සිද්දියක් වුණා . මේකනම් එළකිරි එකට අදාල නැහැ . හැබැයි මේ දේ හින්දම තමයි මම මේක ලියන්නේ . මේ සිද්දිය ගැන විස්තර මට කියන්න බැහැ . ඒකෙන් වෙච්ච දේවල් වලින් මම අවබෝධ කරගත්තු දේවල් ටිකක් මේකේ මෙහෙම ලියන්නම්
අපේ රටවල මිනිස්සු කියලා මම මේකෙන් කියන්නේ ලංකාව , ඉන්දියාව වගේ දියුණු වෙමින් පවතින ආසියානු රටවල අය බවත් පිටරටවල මිනිස්සු විදියට මම හදුන්වන්නේ යුරෝපියානු , ඇමරිකානු, ඕස්ට්‍රේලියානු වගේ දියුණු මහද්දීප වල සිටින අය බවත් සලකන්න . මෙම ලිපියෙන් පිටරටවල අයට කඩේ යෑමට බලාපොරාත්තු නොවෙන බවත් මෙය සම පුද්ගලෙයෙකුටම අදාල නොවන බවත් සලකන්න . වැදගත් : තවද මා ද අපේ රටවල මිනිසුන්ට අයිති බවත් මා සතුවද පහත ගුණාංග ඇති බවත් සලකන්න . මෙහෙම මම ලිව්වේ මොකද සැමදේම වැරදි පැත්ත දැක විවේචනය කිරීම අපේ රටවල මින්සුන්ගේම ආකල්ප වල කොටසක් බව හොදින්ම අවොබෝධ වී ඇති නිසාය

දැන් කාලාන්තරයක් තිස්සේ අපේ රටවල් දියුණු වෙමින් පවතින රටවල් . හැබැයි මටනම් හිතෙන්නේ තව බොහෝ කාලයකට එය එසේම වේ . අකල්පයම අතින් අපි තාම ඉන්නේ හරිම ප්‍රාථමික යුගය . මේක මීට අවුරුද්දකට වගේ කලින් වෙච්ච සිද්දියක් . දවසක් මම පංසලේ ඉද්දි අම්මා කෙනෙක් ළමයෙක් එක්ක ආවා . ඒ ළමයා ඒ පාර ශිෂ්‍යත්වය ලියන්න යන ළමයෙක් . අම්මා ළමයාවත් ළග තියාගෙන බෝධියට වැඳලා කියලා ළමයාගේ විභාග අංකය මේකයි . ළමයව හොදින් සමත් වෙන්න හොදින් විභාගයට මුණ දෙන්න පුළුවන් වෙන්න කියලා බෝධියට කියනවා . මම මේවගේ හරි වැරැද්ද දන්නේ නැහැ . හැබැයි බෞද්දයෝ විදියට ඒ වැඩේ හරිද කියලා මට ඒ වෙලේ හිතුනා. මොකද අප මහා බෝසතාණන් වහන්සේ සියලු දේ අත් හැර සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බෝධිය ගාව අපේ මිනිස්සු හැම දේම ඉල්ලනවා කියලා එවෙලේ මට හිතුනා.
තව දෙයක් තමයි වැඩක් කරද්දී විශ්වාසය වගේ දේවල්. මෙන්න මේකට අදාල හොදම දෙයක් ලගදී වුනා . මම උඩ කිව්වෙත් මේක ගැනම තමයි . මම කරන රස්සාව අනුව පිටරටවල් වල අයත් අපේ රටවල් වල අයත් දෙකම එක්ක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා . අපේ රටවල අයත් එක්ක වැඩ කරනවා අඩුයි . හැබැයි ලගදි වැඩක් කරන්න වුනා . මේ නම් ලංකාවේ කෙනෙක් නෙමේ . ලංකාව ට ළඟ ආසියානු රටක කට්ටියක්. කියලා වැඩක් නැහැ බොරුව කියන එක උපරිමේට තිබ්බා . ඒ බොරුව වහගන්න කියපු දේවල් අහළා හිනත් යනවා

. හැබැයි ඒ වගේ අත් දැකීමක් පිට රටවල් වල මිනිසුන්ගෙන් හරි අඩුයි කියලා මම හිතනවා . ඒ සිද්දිය මම ලොකුවට කියන්න කැමැති නැහැ . අපිට අපේ දේවල් වලට වැඩිය අනුන්ගේ දේවල් හොයන එක පුදුම ආතල්. අනුන්ගේ ඔප දූප අපිට කන්න නැතත් ඕනේ . මේක නම් අපිට පරම්පරා වලින් එන ජානමය ලක්ෂණයක් . මට මතක විදියට මාර්ටින් වික්‍රමසින්හ මහතා එයාගේ මිරිගුව කියන පොතේ ලියාලා තිබ්බා අපේ රටවල උදවිය කොච්චර යුරෝපියානු වෙන්න හැදුවත් අනුන්ගේ ඔප දූප හොයද්දි සිංහල ගති ඉබේම මතු වෙලා එනවා කියලා .
මම මේ ලිපිය ලොකුවට ලියන්න හිතන්නේ නැහැ හැබැයි සාරාංශයක් විදියට විවිධ හේතු නිසා අපේ රටවල මිනිස්සු ආකල්පමය අතින් පිටරටවල් වල අය එක්ක බලනකොට බොහොම ප්‍රථමික තැනක ඉන්නේ කියලා මට හිතුනා . මේක මගේ අත්දැකීමක් විතරයි. කොහෙන්වත් අරන් ලියපු ලිපියක් නෙමෙයි . මට හිතිච්ච දෙයක් ඕගොල්ලොන්ට කියන්න හිතුනා .මම පිටරටවල කාලයක් ජීවත් වෙච්ච මනුස්සයකේ නෙමෙයි . සමහර විට පිටරටවල ගොඩක් කල් හිටපු කෙනෙක්ගේ අදහස් මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒක හරිම පුද්ගලානුබද්ද දෙයක් . හැබැයි මම අන්තිමට මට දවසක් යාලුවෙක් කියපු දෙයක් කියන්න කැමති. ඒක පුදුම විදියට මගේ හිතට වැදුණා
අපිට වැඩිය පිට රටවල් වල මිනිස්සු නිවණට ලගයි මචං