ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්

a-remote-meeting-place-where-aliens-mark-stevenson.jpg

මේ දිනවල අහසේ දිස්වෙන හඳුනා නොගත් වස්තු සමඟ පොළොව මතුපිට ආගන්තුක පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැටී තිබේ නම් ඒවා ග්‍රාහකයක කොටස් විය හැකි බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙසත්, එවැනි දෑ ස්පර්ශ කිරීම හානිකර විය හැකි බවත් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවට අනතුරු ඇඟවීමක් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අහසේ කිසියම් හඳුනානොගත් වස්තුවක් දිස්වූයේ නම් එදිනම හෝ ඉන්පසුව හෝ පොළොවේ යම් ආගන්තුක පාෂාණ කැබලි හෝ වෙනත් ලෝහමය කොටස් විසිරී තිබේ දැයි නිරීක්‍ෂණය කොට ඒ පිළිබඳව පර්යේෂණ ආයතනයේ 0112 - 693532 දුරකතනයට දැනුම් දෙන ලෙසයි.

විවිධ ප්‍රදේශවලින් රාත්‍රි අහසේ දක්නට ලැබෙන හඳුනා නොගත් වස්තූන්, ආලෝක හා වර්ණ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට ‘වෛද්‍ය පර්යේෂණ ආයතනය’ තීරණය කර තිබේ.

මේ පිළිබඳව විවිධ මත පළවී තිබුණත් මේවා කිසියම් ග්‍රහවස්තුවක් හෝ වෙනත් යානා විශේෂයක්ද යන්න පිළිබඳව නියමිත පර්යේෂණයක් අප රටේ මෙතෙක් සිදුකර නැතැයි වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

image-3-for-ufo-alien-sightings-gallery-183520794.jpg

එමෙන්ම පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ හඳුනා නොගත් ග්‍රහවස්තු ඇතුළත් වාර්තා, වීඩියෝ හා සීඩී තොගයක් බි්‍රතාන්‍යයේ බකිංහැම් ජීවවිද්‍යා මධ්‍යස්ථානය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා වෙත වෛද්‍ය පර්යේෂණායතනය විසින් ලබාදී ඇති අතර එම තොරතුරු මහාචාර්යවරයා විශ්ලේෂණය කිරීමට තීරණය කර ඇත.

destroy_the_world_lp_by_kirlinx-d3e3s2w.png

මේ සිද්ධීන් සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥ මතධාරීන් මත දෙකක් ඉදිරිපත් කර ඇති නිසා එම පුද්ගලයන් දෙපිරිසම කොළඹ කැඳවා ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කොට ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
භූකම්පන, රතුවැස්ස සහ විවිධ අද්භූත යානා සහ එළි පිළිබඳ මහජනයා අතර ඇති වී ඇති මතවාද පිළිබඳව එවැනි සාකච්ඡාවක් කැඳවීමෙන් කිසියම් නිගමනයකට එළැඹීමට හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි.

ඒ සෑම කරුණක් පිළිබඳවම ආපදා කළමනාකරණ අමාත්‍යංශය වශයෙන් ඉදිරියේදී ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.

aliens.jpg

මොකද හිතෙන්නේ උබලට මේ ගැන ?
මායා වරුන්ගේ calender එක දෙසැම්බර් 21 න් ඉවරයි . හැමෝම කියනවා ලෝක විනාසේ කියලා.
එහෙන් මෙහෙන් ලංකාවෙත් භූ - චලන සිද්ද වෙනවා , අදුරන්නේ නැති එළි කවදාවත් නැතිව අහසේ කැරකෙනවා , උල්කාපාත වැසි වහිනවා , දැන් නාසා එක හිටන් පිටසක්වල සිද්ධි ගැන සොයනවා ......

මේවා අතර අන්තර් සම්බන්දතාවයක් තියේද ?
නැත්නම් හුදෙක් සිදුවීම් පමණක්මද ?
දෙසැම්බර් 21 ලෝක විනාසේ නොවුනත් පෘතුවියට යම්කිසි තර්ජනයක් ඉදිරියට එල්ල වෙයි ද ?

කියන්න බලන්න ............................
:confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙසැම්බර් 21 ලෝක විනාසේ නොවුනත් පෘතුවියට යම්කිසි තර්ජනයක් ඉදිරියට එල්ල වෙයි ද ?

    21 වෙනිදා නම් පෘථිවියට අනතුරක් වෙයි කියලා මට නම් විශ්වාසයක් නැහැ.. ඒත් අනාගතයෙදි පෘථීවියට අනතුරු වෙන්න පුළුවන්.. උල්කාපාත, සුනාමි, සුළි සුළං, භූමි කම්පා ඔය වගේ දේවල් වලින්.. පිටසක්වල ජීවීන් ගැන අපි හරියටම ඇත්ත නැත්ත දන්නෙ නෑනෙ මචං.. ඇමෙරිකාව ගොඩක් දේ රහස් හැටියටනේ තියාගෙන ඉන්නෙ..
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    ඇයි බන් එළකිරි එකේ ඉන්න අපේ නායක තුමා ජීවියා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mewa okkoma minissu nikan boruwata hitagena inna ewa. dan samahara modayo kiyanawa 27th full moon day eka dawase mokak hari wei kiyala. mokada dan 21ta very close, still no clue. eeta passe kiyay 2013 dawasaka monawa hari wenawa kiyala. :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.

    මෙන්න අපේ රසපරීක්ෂක ලා වැඩේ පටන් අරගෙන..මුන්ට අවවාද දීල වැඩක් තියේද ඉතිං :lol::lol: අත තියන එක කෙසේ වෙතත් කෑල්ලක් කාල නොබැලුවොත් තමයි පුදුමේ :lol::lol::lol:

    737.jpg

    734.jpg
     
    • Like
    Reactions: Anuja methsara

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උල්කාෂ්ම කැබලි නම් අල්ලන්න තියා හිතන්නවත් එපා....එව්වා ගිණි ගන්නවා නම් නිවන්න වතුර දාන්නත් එපා..අර කවුද වගේ.....:P
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    21 වෙනිදා නම් පෘථිවියට අනතුරක් වෙයි කියලා මට නම් විශ්වාසයක් නැහැ.. ඒත් අනාගතයෙදි පෘථීවියට අනතුරු වෙන්න පුළුවන්.. උල්කාපාත, සුනාමි, සුළි සුළං, භූමි කම්පා ඔය වගේ දේවල් වලින්.. පිටසක්වල ජීවීන් ගැන අපි හරියටම ඇත්ත නැත්ත දන්නෙ නෑනෙ මචං.. ඇමෙරිකාව ගොඩක් දේ රහස් හැටියටනේ තියාගෙන ඉන්නෙ..

    අනේ මන්ද බන් Fb log උනත් ලෝක විනාසේ ගැන , එළකිරි ආවත් ලෝක විනාසේ ගැන වැඩිපුර කතාව ... :D

    mewa okkoma minissu nikan boruwata hitagena inna ewa. dan samahara modayo kiyanawa 27th full moon day eka dawase mokak hari wei kiyala. mokada dan 21ta very close, still no clue. eeta passe kiyay 2013 dawasaka monawa hari wenawa kiyala. :lol:

    එකෙත් ඇත්තක් තියනවා :D:yes:

    වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.

    මෙන්න අපේ රසපරීක්ෂක ලා වැඩේ පටන් අරගෙන..මුන්ට අවවාද දීල වැඩක් තියේද ඉතිං :lol::lol: අත තියන එක කෙසේ වෙතත් කෑල්ලක් කාල නොබැලුවොත් තමයි පුදුමේ :lol::lol::lol:

    අපොයි ඔව් මචන් මොකක් හරි ඕනෑම සිද්දියක් උනොත් ගමේ අයියල බයියල ටික සැදී පැහැදී ඉන්නවා හොට දාන්න .
    accident එකක් උන වෙලාවකත් එහෙමයි . ලෙඩා පාරේ මැරුණත් කමක් නැහැ driver ට නෙලන්න තියනවා නම් . :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි_කොල්ලා;14065391 said:
    ඇයි බන් එළකිරි එකේ ඉන්න අපේ නායක තුමා ජීවියා.
    ඔරියන් තුමාද.. බුවා ආයෙ එළකිරි එන්නෑ කිව්වා 21 පිටසක්වලයො ආවෙ නැත්තං.. එන්න දෙන එකකුත් නෑ මේකෙ එවුන්.. :lol:

    අනේ මන්ද බන් Fb log උනත් ලෝක විනාසේ ගැන , එළකිරි ආවත් ලෝක විනාසේ ගැන වැඩිපුර කතාව ... :D
    ඒක ඉතින් අපේ රටේ හැටියක්නේ බං.. මොකක් හරි මගුලක් අල්ලගෙන ඒක මත්තෙම නැහෙනවා..
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔරියන් තුමාද.. බුවා ආයෙ එළකිරි එන්නෑ කිව්වා 21 පිටසක්වලයො ආවෙ නැත්තං.. එන්න දෙන එකකුත් නෑ මේකෙ එවුන්.. :lol:

    ඒක ඉතින් අපේ රටේ හැටියක්නේ බං.. මොකක් හරි මගුලක් අල්ලගෙන ඒක මත්තෙම නැහෙනවා..

    ඔරියට ID ගොඩක් තියෙන්න ඕනේ.මට නම් හිතෙන්නේ අපි අතර ඉන්න එකෙක් තමයි ඔය ඔරියා වෙලා ඉන්නේ.
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    හදුනා නෙගත් වස්තුන් හො අහසින් වැටෙන හදුනා නෙගත් වස්තුන් සපර්ශ කිරිමට යන්න එපා කියන්නේ විකිරිණි ශීලි ද්‍රව්‍ය අඩුංගු වි තිබිමට පුළුවන් හින්දා.විකිරිණි ශිලි ද්‍රව්‍ය ශරිරගත විමේන් නොයෙකුත්‍ ලෙඩ රොග වැළදෙන්න ඉඩ තියනවා.කොටින්ම් කියනවා නම් හඳුනා නොගත් ලෙඩ ‍රොග.හරියේ...... ඔය කථාව පැතකින් තියමු දැන ගමු රතු වැස්ස රතු වැස්සේ සිටපු හදුනා නෙගත් ක්‍ෂුද්‍රජිවින් දැනට මේතෙක් ලොව සොය නෙගත්තු ක්‍ෂුද්‍ර විශේෂයක්.එකියන්නේ ඉතින් පිටසකවළින් අපු ක්‍ෂුද්‍රජිවින් විශෙෂයක්.හැබයි රතු වැස්සනම් මම හිතන්නේ මිනිසුන්ගේ ශරිරගත වුනා.හැබයි කිසිම රොගියෙක් දැනට වර්තා වෙලා නැහැ එ සම්බන්දව. කොමහරි මහාචර්ය්‍ය චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට පිටසකවල යනා පැමිණිමත් රතු වැස්සත් අතර සම්බන්ද තාවයක් තිබිය හැකිලු
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එළකිරි_කොල්ලා;14065617 said:
    ඔරියට ID ගොඩක් තියෙන්න ඕනේ.මට නම් හිතෙන්නේ අපි අතර ඉන්න එකෙක් තමයි ඔය ඔරියා වෙලා ඉන්නේ.
    :shocked::yes::yes::yes::yes::yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.

    මෙන්න අපේ රසපරීක්ෂක ලා වැඩේ පටන් අරගෙන..මුන්ට අවවාද දීල වැඩක් තියේද ඉතිං :lol::lol: අත තියන එක කෙසේ වෙතත් කෑල්ලක් කාල නොබැලුවොත් තමයි පුදුමේ :lol::lol::lol:

    737.jpg

    මෙක හෙන ලොකු කෑලක් වෙන්න ඇති, ගහෙ අත්තක්ම බිමනෙ. :confused: