ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්
මේ දිනවල අහසේ දිස්වෙන හඳුනා නොගත් වස්තු සමඟ පොළොව මතුපිට ආගන්තුක පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැටී තිබේ නම් ඒවා ග්‍රාහකයක කොටස් විය හැකි බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙසත්, එවැනි දෑ ස්පර්ශ කිරීම හානිකර විය හැකි බවත් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවට අනතුරු ඇඟවීමක් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අහසේ කිසියම් හඳුනානොගත් වස්තුවක් දිස්වූයේ නම් එදිනම හෝ ඉන්පසුව හෝ පොළොවේ යම් ආගන්තුක පාෂාණ කැබලි හෝ වෙනත් ලෝහමය කොටස් විසිරී තිබේ දැයි නිරීක්ෂණය කොට ඒ පිළිබඳව පර්යේෂණ ආයතනයේ 0112 - 693532 දුරකතනයට දැනුම් දෙන ලෙසයි.
විවිධ ප්‍රදේශවලින් රාත්‍රි අහසේ දක්නට ලැබෙන හඳුනා නොගත් වස්තූන්, ආලෝක හා වර්ණ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට ‘වෛද්‍ය පර්යේෂණ ආයතනය’ තීරණය කර තිබේ.
මේ පිළිබඳව විවිධ මත පළවී තිබුණත් මේවා කිසියම් ග්‍රහවස්තුවක් හෝ වෙනත් යානා විශේෂයක්ද යන්න පිළිබඳව නියමිත පර්යේෂණයක් අප රටේ මෙතෙක් සිදුකර නැතැයි වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.
එමෙන්ම පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ හඳුනා නොගත් ග්‍රහවස්තු ඇතුළත් වාර්තා, වීඩියෝ හා සීඩී තොගයක් බි්රතාන්යයේ බකිංහැම් ජීවවිද්‍යා මධ්‍යස්ථානය කේන්ද්‍රයේ අධ්යක්ෂ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා වෙත වෛද්‍ය පර්යේෂණායතනය විසින් ලබාදී ඇති අතර එම තොරතුරු මහාචාර්යවරයා විශ්ලේෂණය කිරීමට තීරණය කර ඇත.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥ මතධාරීන් මත දෙකක් ඉදිරිපත් කර ඇති නිසා එම පුද්ගලයන් දෙපිරිසම කොළඹ කැඳවා ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කොට ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
භූකම්පන, රතුවැස්ස සහ විවිධ අද්භූත යානා සහ එළි පිළිබඳ මහජනයා අතර ඇති වී ඇති මතවාද පිළිබඳව එවැනි සාකච්ඡාවක් කැඳවීමෙන් කිසියම් නිගමනයකට එළැඹීමට හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි.
ඒ සෑම කරුණක් පිළිබඳවම ආපදා කළමනාකරණ අමාත්‍යංශය වශයෙන් ඉදිරියේදී ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.
මොකද හිතෙන්නේ උබලට මේ ගැන ?
මායා වරුන්ගේ calender එක දෙසැම්බර් 21 න් ඉවරයි . හැමෝම කියනවා ලෝක විනාසේ කියලා.
එහෙන් මෙහෙන් ලංකාවෙත් භූ - චලන සිද්ද වෙනවා , අදුරන්නේ නැති එළි කවදාවත් නැතිව අහසේ කැරකෙනවා , උල්කාපාත වැසි වහිනවා , දැන් නාසා එක හිටන් පිටසක්වල සිද්ධි ගැන සොයනවා ......
මේවා අතර අන්තර් සම්බන්දතාවයක් තියේද ?
නැත්නම් හුදෙක් සිදුවීම් පමණක්මද ?
දෙසැම්බර් 21 ලෝක විනාසේ නොවුනත් පෘතුවියට යම්කිසි තර්ජනයක් ඉදිරියට එල්ල වෙයි ද ?
කියන්න බලන්න ............................