ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009
මං ගැන හදුන්වා දීමේ අටුවාටීකා ඕනේ නැනේ
දැනට මාසෙකට කලින් සිද්ද වුන දෙයක් මේ.
අලුත් පට්ටමට මාරු වීමත් සමගම company එකෙන් කිව්වා සති දෙකකට ගාල්ල යන්න කියලා පුහුණු වැඩසටහනකට. එහෙ තමා අපේ Model Branch එක තියෙන්නේ.
ඉතින් එකේ අයත් එක්ක වැඩ කරලා පොඩි අදහසක් ඔලුවට දාගන්න ගමන් market එකේ වැඩ වෙන හැටිත් බලාගන්න කිව්වා
එතැනදී සැහෙන ලොකු ප්‍රශ්නයක් උනේ නවතින්න තැනක් හොයාගන්න එක. නෑදෑයෙක් වත් නැ ඒ පැත්තේ.
ඒ වෙලාවේ ටක් ගාලා ඔලුවට ආවේ අපේ එළකිරි එකේ සුදු මල්ලිව
sudumalli2009
ගත්තා කෝල් එකක් පොරට.
"කිසි අවුලක් නැ උබ වරෙන් ගමයා අයියේ". කියලා කිව්වා පොර.
අපි දෙන්න ෆෝන් එකෙන් කතා කරාට දැකලවත් නැ ඉතින්
කෙස් එක කොහොමද කියලවත් දන්නෙත් නැනේ
ඇත්තටම හිතුවටත් වඩා ආදරයෙන් පිරුණු තැනක් ඒ ගෙදර. සුදු මල්ලිගේ අම්මා මට සැලකුවේ ඒ අම්මගෙන්ම ඉපුදුනු පුතෙකුට වගේ. පුදුම ආදරයක්.
ඒ අම්මා මට තනියම එලියට යන්නවත් දුන්නේ නැ බන් හිටපු දවස් ටිකේ
සුදු මල්ලිත් සුපිරිම ඩයල් එකක්, උ වගේම සුපිරි යාලුවෝ සෙට් එකකුත් ඉන්නවා ඒ පැත්තේ උටම හරියන.
මම ආවා කියලා ආරංචි උන ගමන් කෝල් එකක් ආවා අපේ චාමික සහෝදරයාගෙන්
chamikawp
පොරත් එක්කත් සෙට් උනා දවසක් Galle IN එකේ පොඩි අඩියක් ගහන්න
ඇත්තටම සුදු මල්ලි උබගේ අම්මගෙන් ලැබුණු ආදරය, රැකවරණය, වෙනුවෙන් වටිනාකමක් දෙන්න තරම් මම පෝසතෙක් නෙමෙයි. එත් අම්මව සතුටු කරන්න මට දෙන්න පුළුවන් උපරිම තෑග්ගක් දුන්න කියල මම හිතනවා.
එදා ඒ ගෙදරින් යනකොට, ඒ අම්මටයි තාත්තටයි වදිනකොට ඇස් දෙකට කදුළුත් ආවා.
මට ඒ වෙලාවේ හිතුන දෙයක් තමා කෙනෙකුගේ ආදරයක් නොලබන්න තරම් අපි පව් කරලා නැ කියන එක
ඒ අම්මා මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න ඕනේ

ඒවගේම අපේ GTRZ සහෝදරයාටත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ වගේ Community එකක් පටන් ගත්තට.
GTRZ
ඇත්තටම ලංකාව වටේ ඉන්න සුපිරි යාලුවෝ ටිකක් සෙට් උනා එළකිරි එකෙන්
ආදරෙන් සතුටින් පිරි සුබ රාත්‍රියක් ප්‍රර්ථනා කරනවා හැමෝටම

Last edited:

උබ දන්නවනේ උබ එන්න කලින් දවසේ තමයි අපේ අම්මගේ ටිකට් කපාගෙන් අවේ හොස්පිටල් එකෙන්...
පොඩි හරි අඩුපාඩුවක් උනා නම් එක තමයි හේතුව.. ඒ උනාට මට හිතෙනවා අඩුවක් උනේ නෑ කියලා..