ආගමට ආවේ නැත්නම් ටීම් එකේ ඉඩක් නෑ

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ආගමට ආවේ නැත්නම් ටීම් එකේ ඉඩක් නෑ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්‍යාගමීකරන බලපෑම්....... ආගමට ආවේ නැත්නම් ටීම් එකේ ඉඩක් නෑ:angry::angry:

    ඕනෑම ආගමක් ඇදහීම හෝ විශ්වාසයක් තබා ගැනීම මුලීක මානව අයිතියකි. නමුත් තමන්ගේ විශ්වාස බලහත්කාරයෙන් සෙසු පිරිස් වෙත පැටවීමට යනවා නම් එය ගෝත්‍රිකත්වයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවෙන එවැනි ආගමික අන්තවාදය වැපිරීමක් පිළිබදව චෝදනා එල්ල වෙනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තනතුරු දරනා එක්තරා ආගමික නිකායකට අයත් ප්‍රබල නිළධාරීන් පිරිසක් සිය බලය භාවිතා කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට බලපෑම් සිදු කරමින් සිටිනා බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකාරීත්වය දරනා චන්දික හතුරුසිංහද මෙම ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. උපතින් බෞද්ධයෙකු වූ චන්දික පසුව මෙම ආගමික නිකාය වැළදගත් පුද්ගලයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බෞද්ධ ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සිදුවන නොසලකා හැරීම් සහ ඉවත් කිරීම් පසුපස චන්දික හතුරුසිංහද සිටිනා බව කියවේ.

    මේ තත්වය උග්‍ර වන්නේ චන්දික හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් විසින් මෙම ආගමික නිකායට, ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රබල බලපෑම් කළ හැකි පූජකයෙකු ලවා දේශනා සංවිධානය කරමින් සිටිමෙනි. කණ්ඩායම තුල බෞද්ධ ක්‍රීඩකයන්ටද මෙම ආගම වැළද ගැනීමට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකරුවා වූ චරිත් සේනානායකද පසුගියදා කණ්ඩායමෙන් ඉල්ලා අස් වුනා. ඒ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලපෑමෙනි. චරිත් සේනානායක වෙනුවට කණ්ඩායමට පත්වූ නව කළමණාකරුවාද මෙම ආගමික නිකායට සම්බන්ධ පුද්ගලයෙකි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවන මෙම ආගමික අන්තවාදී බලපෑම පිළිබදව ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරු චරිත් සේනානායක ඉරිදා පුවත්පතකට අදහස් දක්වා තිබුනා. එහිදී චරිත් සේනානායක පවසා තිබුනේ​

    "හතු පිපෙනවා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා, ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා වටේ කට්ටිය බඳවාගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක්ම බුද්ධාගමේ ඉදලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නෙ කට්ටිය බඳව ගන්න. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් ඔහොම ගියපු අයට තමන්ගේ දෙවියො අදන්නේ නැති අයව පේන්නෙ යක්කු වගේ. දෙවියන් අදහන්නේ නැතිනම් ඔයා යකා. ඔතැන ප්‍රශ්නයක් තියෙනවා. මම නෑ කියන්නෙ නෑ. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යයෙන් මොකක් හරි කරයි කියලා. ඕක හොද දෙයක් නෙවෙයි.

    තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුනත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.

    මම දන්නෙ නෑ ඒක බලවේගයක් කියලා මාව එළියට දාන්න. මම පුද්ගලිකව විරුද්ධයි ඔය ආගම් ප්‍රශ්න ටීම් එක ඇතුලට ගන්නවට. ජාති, ආගම්, කුල භේද තියෙනවා නම් වන් ටීම් වන් නේෂන් වෙන්න බෑනේ. ඔය කල්ලියේ අය මිනිහෙක් අනිත් පැත්තට හරවගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුලුවන්." යනුවෙනි.​

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට එකම සුදුසුකම විය යුත්තේ දක්ෂතාවය මිසෙක ආගමික විශ්වාස නොවේ. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලක්ව තිබෙනා පසුබෑමට මෙම ආගමික අන්තවාදයද බලපා තිබිය හැකි බැවින් වහාම මේ පිළිබදව අවදානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමයි
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Hanna Pothurusinhaya melo rahak na dan okage wada. Awa kale boru sobane tibbe. Dan uth ara godemai.