ආගම්_හා_බුද්ධ_ධර්මය_U_Agree ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ආගම්_හා_බුද්ධ_ධර්මය_U_Agree ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1431969
    උඩින් තියෙන නූලට මම හෙහෙම ප්‍රතිචාරක් ලිව්වා . . ඔයාල එකගද මාත් එක්ක? ? නැත්නම් ඔයාලගෙ අදහස් මොනාද? ?

    මචෝ . . මම බුද්ධ ධර්මය අදහන කෙනෙක්. (බුද්ධ ධර්මය ගැන මගේ දැනුම : ධර්මාචර්යය වෙනකල් ඉගන ගෙන තියෙනවා.) ඒත් එක්කම මගේ GF කිස්තියානි ආගම අදහන කෙනෙක්. (ඒයගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් Reverent ලා.ඉතින් එයාගෙ දැනුම ගැනත් ප්‍රශ්න ඕන නැහැ.)

    ඕයා ඔය අහපු ප්‍රශ්න, හැන අපි දෙන්නා තර්ක කරල ඇති ඕන තරම්. යන්න පුලුවන් ගැඹුරින්ම අපි තර්ක කරල තියෙනවා. ඒ හැම දෙකකින්ම මම තෙරුම් ගත්ත සහ මම විශ්වාස කරන දෙවල් ගැන මම කියන්නම්.

    පලවෙනි දෙ තමයි, ගොඩක් ආගම් වල තියෙන්නෙ බොරු නෙමෙයි, එත් අපි ඒවා තෙරුම් ගන්න හැටි තමයි වැරදි. .

    බුද්ධ ධර්මය කියන්නෙ ගොඩාක් ගැබුරු දෙයක් ඒක අපි සුලුවෙන් දැනගෙන තර්ක කරන්න යන්න හොදනැ ..


    අනිත් එක "බුද්ධ ධර්මය" කවදාවත් අනිත් "ආග"ම් එක්ක සංසංදනය කරන්න යන්න එපා ඒක මෝඩ වැඩක්.


    මචො, ලොකය දෙවියන් මැව්වා කියන එක , මිනිස්සු, ගහකොල මැව්වා කියන එක. ඇත්ත නෙමෙයි කියලා ටිකක් හරි ඉගන ගත්ත, ‍යම් කිසි දෙයක් හරි තෙරුම් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ට තෙරෙනවා. ### ඒත් එහේම දැන දැනත් ඉනිස්සු ඒවා විශ්වාස කරන්නේ ඈයි. . ? ? ?
    ආගමක් කියන්නෙ අන්ධ විශ්වාසයක්, ඒ ඒ ආගම ගැන උනත් හොදට ඉගන ගත්ත ඕනම කෙනෙක් ඒක දන්නවා, ඒත් තවදුරටත් ඒක විශ්වාස කරන්න ලොකුම හේතුව තමයි, ඒක ගොදක් ප්‍රශ්න වලට ගොඩක් ලේසි උත්තරයක් වීම.(Blind belief)
    ණුවන , බුද්ධිය කියන්නෙ වෙනම දෙයක්, විස්වාශය කියන්නෙ තවත් දෙයක්. ආගම කියන දෙ තියෙන්නෙ අපේ විශ්වාසය මත. ඇත්ත වුනත් නොවුනත්, මිනිස්සු ඒක විශ්වාස කරන්නව.

    අපි ගොඩක් අය බුද්ධ ධර්මය තුල ගැබුරට යන්නේ නැනේ .. කවුරු හරි කියන බන පොඩ්ඩක් අහගෙන ඕහේ ඉන්නවා. . කවුරුහරි බන කියන කෙනෙක් කිව්වම දෙවියක් කියල කෙනෙක් නැ ., නැකෙත් කියන්නෙ බොරු කියලා. . අපි එවා විශ්වාස කරල වානිජ කරනය හා ප්‍රසිද්දිය මතපදනම් වුනු බුද්ධ ආගමක් පස්සෙ යනවා.. ලන්කවෙ දැන් හැම තැනම තියෙනවා ඔයා වගේ මෆියා ජාවාරම්. ඕවට රැවටෙන්නෙ නැතුව බුද්ධ දර්මය ගැන හරියට අපු උනත් ඉගන ගන්න ඕන.

    විශ්වාසය හැන මම තව ටිකක් කිව්වොත්. . ලංකාවෙ බුද්ධ දර්මය අදහන අපි උනත් ඔය වගේ අපේ ඔලුවට දාපු සමහර දේවල් විශ්වාස කරනවා, උදා හරනයක් තමයි. අපි බෝගහට වදින එක, පිලිම වලට වදින එක. ඉස්සර මිනිස්සු හිටියෙ ගස්, ගල් වලට වැද වැද ඒක අර්ථවත් කරන්න තමයි. ඒ දෙක ගස් වෙනුවට බෝ ගසත්, ගල් වෙනුවට අප මහා බුදුරජානන් වහන්සේගේ රූපයත් ආදේශ කලේ .. ඈපි කිසි කතාවක් නැතුව ඒවට වන්දනාමාන කරනවනේ .. ඒක තමයි විශ්වාසය. නැතුව එහෙම දෙයක් ගැන බුද්ධ ධර්මයේ කොහෙවත් නැ.
    ආගමක් කියන්නෙ ඒවගේ දෙයක්. . !


    ආගමක් කියන්නෙ යම්කිසි රාමුවක් තුල හක්තිකයින් සීමා කරල, ඔවුන් විශ්වාස කලයුතු, හා පිලිපැදිය යුතු.. යම්කිසි නීති තුල ඕවුන් රදවාගැනීමක්. .
    ඒත් බූද්ධ ධරිමය කියන්නෙ. . ඊට ගොඩාක් හැබුරු විශ්ව ධර්මයක්.
    අනිත් ආගම් වල දෙවිවරුන්ට මිනිස්සු වදිනවා, ඒත් අප මහා බුදුරජානන් වහන්සේට දෙවිවරුන් තිස්තුන් කෝටියක් පාවා වැද නමස් කාර කලා. . අපෙ කට්ටිය පටල ගන්න එපා,...


    (සමහර යාලුවො දෙවියන් කියලා අය නැ කියල කියනවනම්, ඔයාල කවුරුහරි ඔය TV එකෙ ඇඩ් දාන famous බන කියන, බුද්ධ ධර්මය තවත් ආගමක් ලෙසට සුලු කරන්න හදන බුද්ධාගම වෙනුවට එයාට හිතෙන දෙවල් කියන, කගෙ හරි කීමකට අහුවෙලා .. ඔයාල තව ටිකක් බුද්ධ ධර්මය ගැන ඉගන ගන්න. දෙවියක් කියලා පිරිසක් ඉන්නවා, එයාලට ලෙඩ සුව කරන්න පුලුවන්. මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්. තව ගොඩාක් කරන්න පුලුවන්. දෙවියන් කියන්නෙ අපිට වඩා උසස් මනසක් දැනුමක්, හැකියාවක් තියෙන අය. බුදු දහමේ ඕන තරම් එහෙම අය ගැන සදහන් වෙනව. )