මම හිතන්නේ internet එක search කළාම උඹට අවශ්‍ය උත්තරේ ලැබෙයි.
මගේ දැනුමින් මේ ගැන පොඩ්ඩක් කියන්නම්.
1. ආගම: ආගම කියන්නේ ඇදහීමක්. ඒක යම් අධිභෞතික දෙයක් ගැන විශ්වාසයක්. අනිවාර්යයෙන් මැවුම්කරුවෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ආගම ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා. චාරිත්‍ර සහ අභිචාර විධි, විශ්වාස පද්ධති, ධර්මමය කාරණා සහ ඉගැන්වීම්, ආගම වටා ගොඩනැගිච්ච සාහිත්‍ය-ඉතිහාස-කලා සම්ප්‍රදායන්, පුරාණෝක්ති සහ කතාන්තර එහෙම. කොටින්ම "ආගම" කියල නිර්වචනය කරන්න පුළුවන් හැම එකේම- බුද්ධාගමේ පවා- ඔය ලක්ෂණ තියෙනවා.
2. දහම: "ධර්ම/ ධම්ම" කියන්නේ භාරතීය ප්‍රභවයක් තියෙන වචනයක්. එක පැත්තකින් ඒකෙන් කියන්නේ නීතිය. විශ්වයේ පවතින නීතිය, නියාමය එහෙම හඳුන්වන්නත් ඔය වචනය පාවිච්චි වෙනවා. ඒ වගේම තව පැත්තකින් යුක්තිය කියන අර්ථයෙනුත් ඔය වචනේ පාවිච්චි වෙනවා. ධර්මයට අනුව රාජ්‍යය කිරීම යන තැන්වලදී වගේ. බුදුහිමියනුත් තම ඉගැන්වීම සඳහා පාවිච්චි කළේ "ධම්ම" යන වචනය. ඒ අනුව නිවන කරා පමුණුවන ඉගැන්වීම හඳුන්වන්නත් ඔය වචනේ ගැළපෙනවා.
3. දර්ශනය: "love of wisdom" කියන දේ තමයි ඔය වචනේ තේරුම. දර්ශනය කියන්නේ ලෝකයේ මූලික ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරමින් ඒවාට පිළිතුරු සෙවීමේ උත්සාහයක්.
3.1. ඥානවිභාගය: දැනුම එන්නේ කොහෙන්ද? අත්දැකීමෙන්ද? තර්කයෙන්ද? යනාදී දේවල් ගැන විමසීම
3.2. සද්භාවවේදය: පැවැත්ම ගැන ප්‍රශ්න: යමක් ඇත්තෙන්ම පවතිනවාද? නැතිනම් තියෙන්නේ අපේ හිතේ විතරද? හේතුවකින් ඵලයක් එන්නේ කොහොමද? හේතුව තුළ ඵලය තියෙනවාද? නැති නම් ඵලය පස්සේ එනවාද? ලස්සන කියන්නේ මොකක්ද? එවැනි යමක් තියෙනවාද? යනාදී ගැටළු
3.3. ආචාරවිද්‍යාව: හොඳ-නරක යනු මොකක්ද? ඒවා වෙන් කරන නිර්ණායක තියෙනවාද? ආදී ගැටළු