ආච්චිට_මොකක්_වෙයිද?
මාර සීන් එකක්නෙ දැන් ටිකකට කළින් වුණේ..
මං මේ ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ඇවිත් ලියන්නෙ. මේක උඹලා නොකියව යන්නෙපා ඈ, මේවට උඹලත් වගකියන්න ඕනෙ.
අපේ අල්ලපු ගෙදරට පල්ලෙහා ගෙදරට එහා පැත්තෙ තියෙන ගෙදර හෙන කළබැගෑනියයි. ආච්චිට ඊයෙ උදේ 9, 10 වගේ ඉඳන් කිවිසුම් යනවලු හචෝස් හචෝස් ගගා.. තාම නතර වෙලා නෑ.
දැන් නහෙන් ලේ එන්න පටන් අරං..
දඩ බඩ ගාල එහාගෙදර අයියගෙ වීල් එකට දාගත්තා ගියා. අපිත් ගියා ඉස්පිරිතාලෙ පව්නෙ අපිව පොඩිකාලෙ බලාකියාගත්ත ආච්චි පොඩ්ඩනෙ.
ඇඩ්මිට් නම් කොරගත්තා ඒත් කිවිසුමේ නතරවීමක් නෑ. ආච්චි ගියා වාට්ටුවට. පොඩි නංගි ගියා ආච්චි එක්ක. අපි ගියේ නෑ ගෑණු වාට්ටු අස්සෙ රිංගන්න 

ඒපාර ඒ ගෙදර නැන්දා කාටද කෝල් එකක් ගත්තා. ටිකක් කතාකරලා ගෙනත් දුන්නා අර ඇඩ්මිට් කොරගන්න තැන ලොකු පොරට.
මං බැලුවා යකෝ ඇමතියෙක්වත්ද කියලා,, ඒත් එහෙම දන්න කෙනෙක් නෑ. අරූත් මෙන්න සර් සර් ගගා කතා කරනවා.
ඊට පස්සෙ වාට්ටුවේ ඩොකාට පණිවිඩයක් යවපි ආච්චිව හොඳට බලන්න කියලා. පිස්සු කොරයි. 
මම කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳලා නැන්දගෙන් ඇහුවා,, 'නැන්දෙ අර කාටද කතාකළේ? ඇමති කෙනෙක්වත්ද?
'. නැන්දා කියපි 'නෑ පුතේ, ආච්චිගෙ නංගිගෙ පුතා මහාචාර්යවරයෙක්නෙ. අපි එයාට කතාකලේ.. පුතා ඒ මාමව දන්නෙ නැතුව ඇති කොළඹ ඉන්නෙ' කියලා.
මම හොල්මන්ද පොල්කොළ. නැන්දා යන්නත් හදලා ආයෙ හැරිලා කියපි 'ආ පුතාලගේ ව්‍යවහාරික ගණිතය පේපර් එක හදන්නේ ඒ මාම තමයි
' කියලා.
කාලවරෙන්කො. දැන්නම් තේරුණා ආච්චිට මොකද වෙලා තියෙන්නෙ කියලා.
උදේ 8.30 ට පේපර් එක ගත්ත උන් පේපර් එක හදපු ප්‍රොෆාගෙ අම්මව මතක් කරලා තියෙනවා.. ඒක ඉතින් හැමදාම හැමෝම කරන එකනෙ.
පේපර් එක කොච්චර ලේසිද කිව්වොත් 9-10 වෙනකොට ප්‍රොෆාගෙ ලොකු අම්මවත් මතක් කරල තියෙන බවයි පේන්නෙ.
මාත් මතක් කරානෙ හත්මුතු පරම්පරාවම. පව් බං ආච්චි. එයාගැන හිතලවත් ඇලපයිඩ් පේපර් එක හදපු ප්‍රොෆාගෙ පරම්පරාව මතක් කරන එක නතර කරපල්ලා ඈ. 

මං කැපුණා
අමුණලා

' කියලා. කාලවරෙන්කො. දැන්නම් තේරුණා ආච්චිට මොකද වෙලා තියෙන්නෙ කියලා.
උදේ 8.30 ට පේපර් එක ගත්ත උන් පේපර් එක හදපු ප්‍රොෆාගෙ අම්මව මතක් කරලා තියෙනවා.. ඒක ඉතින් හැමදාම හැමෝම කරන එකනෙ.
පේපර් එක කොච්චර ලේසිද කිව්වොත් 9-10 වෙනකොට ප්‍රොෆාගෙ ලොකු අම්මවත් මතක් කරල තියෙන බවයි පේන්නෙ.
මාත් මතක් කරානෙ හත්මුතු පරම්පරාවම. පව් බං ආච්චි. එයාගැන හිතලවත් ඇලපයිඩ් පේපර් එක හදපු ප්‍රොෆාගෙ පරම්පරාව මතක් කරන එක නතර කරපල්ලා ඈ. 

මං කැපුණා
අමුණලා

පට්ට සින් එක ඔයි! ඔය ඇත්තද කියන්නේ!? 