ආචාර්යවරුන්ගේ වර්ජනයේ හෙට දවස !!!
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනය අඛණ්ඩව මාස තුනකට අධික කාලයක් තවමත් පිළිතුරක් නැති ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම සංගමයේ මූලික ඉල්ලීම වූ වැටුප් ප්‍රශ්ණයට ක්ෂිණික විසඳුමක් ලබා දීමට රජයට නොහැකියාවක් නැත. මේ මස 28 වන දින අගනුවරට පාගමනින් රැස්වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුලු ආචාර්ය-සිසු එකමුතුව ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන්නට සූදානම්ය.
මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ බහුතරයක් ආචාර්යවරුන් යනු මේ රටේ ජාතිවාදය පෝෂණය කරන්නට සරුපසක් නිර්මාණය කළවුන්ය. විශේෂයෙන් සිංහල ජාතිය පෙරට තබා සියලු දේ කරන මහින්ද රාජපක්ෂ බලයට පත් කරන්නේ මේ අය විසින් නිර්මාණය කරන මතවාදය විසිනි. උතුරේ සිවිල් වැසියන් හතලිස් දහසක් ඝාතනය කරන විට එයින් උද්දාමයට පත්ව පාරට බැස කිරිබත් කන්නට මේ අය ඉදිරිපත් නොවුනත් තවමත් ජාතික ගැටලුවට තම දායකත්වය ගැන මේ අය ස්වයං විවෙිචනයක් කලේද නැත. මේ ආචාර්යවරුන්ගේ රන්කොත බවට පත්ව ඇත්තේ නලින්ද සිල්වායි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ බලය හිමි සුථතරය ජාතිවාදීන් නොවේ. ආචාර්යවරුන්ගේ ගැටලුව සහ අධ්‍යපනයේ සමස්ථ අර්බුදය බොහෝ විට මේ ආණ්ඩුවට තීරණාත්මක සාදකයක් වනු ඇත.
වසර 1989 දී රුමේනියාවේ නිකොලායි චාර්චෙස්කු බලය දරණ සමයේ ඔහු විසින් මහජන උද්ඝෝෂණයක් නින්දිත ආකාරයෙන් මර්දනය කරණු ලැබු අතර පසුව ඔහු සිය බලය පෙන්වන්නට පැවැත්වූ ජන රැළියකින්ම ඔහුට බලයෙන් පහ වන්නට සිදුවිය. මේ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවට රජය ලබා දෙන පිළිතුරේ ස්වභාවය අනුව රටේ දේශපාලනයේ නව මානයක් විවිර වන්නට බොහෝ දුරට හැකියාවක් පවතී. මේ නිසා මේ ගැටලුව දෙස පරීක්ෂාකාරිවීම වැදගත්ය. විශේෂයෙන් මේ ප්‍රශ්ණයේ මූලික ඉල්ලීම වූ වැටුප් ප්‍රශ්ණය සහ පසුව ඇතිවූ ඉල්ලීම් වලට රජය දෙන පිළිතුරු ඔස්සේ අචාර්යවරුන්ගේ වර්ජනය කුමන දිශානතියක් ගනු ඇත්ද යන්න ඉදිරියේ දී තීරණය වනු ඇත.

Source: 3Mana News Web
Last edited: