ආචාරීන් සහ වනාචාරීන්

doctors

Member
Nov 26, 2008
13
1
0
ආචාරීන් සහ වනාචාරීන්

83829669-10216383615171746-8726315171040985088-o.jpg



ආචාර්ය උපාධියක් කියන්නෙ කිසියම් විෂය ක්ශේත්‍රයකට අදාලව මිනිහෙකුට ලබාගතහැකි ඉහලම ශාස්ත්‍රීය සුදුසුකම. ඉතින් ඒක ගන්න එක පාරටම බෑ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නම් ඒක ගන්න සාමාන්‍ය උපාධියක Bachelor Degree ඉහල පන්ති සාමාර්ථයක්, පශ්චාත් උපාධියක් Masters Degree හෙවත් මාස්ටර්ස් එකක්. තියෙන්න ඕන.

එහෙම තිබිලත් අදාල විෂය ක්ශේත්‍රයේ සුපරීක්ශක මහාචාර්ය වරයකු යටතේ, කිසියම් නිශ්චිත ප්‍රස්තූතයක් අරභයා දීර්ඝකාලීනව සිදු කරන පර්යේශණාත්මක අධ්‍යයනයක් මත පදනම්ව කරන ලද නවෝත්පාදක, එකී විෂය ක්ශේත්‍රයට අළුතින්ම එක්කල යම් සිද්ධාන්තයකට තමයි ආචාර්ය උපාධියක් ලැබෙන්නෙ.

උදාහරණයක් වශයෙන් ඔය ඉහලින් කියාපු ක්‍රියාමාර්ගය හරහා දිග කාලයක් ගත කරල තමයි වික්‍රමබාහු කරුණාරත්න මහතා 'ප්ලස්මා භෞතිකය' Plasma Physics කියන විෂයට ආචාර්ය උපාධියක් ගත්තෙ. මේ ආචාර්ය උපාධිය සඳහා ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේශණ වල යෙදෙද්දි ඔහුගෙ සමකාලිනයෙක් වෙලා ඉඳල තියෙනව 'සර්වලෝක සිද්ධාන්තය' හෙවත් The theory of Everything පිලිබඳව ලොවට කියූ සුප්‍රකට භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්.

අසාමාන්‍ය මිනිසුන්ට විවිධ ක්ශේත්‍රයන්හි කරන ලද ජාතික සේවාවන් අගයමින් 'සම්මාන ආචාර්ය උපාධි' ලබාදීමේ සම්ප්‍රධායකුත් තියෙනව. ඒත් ඒව ලැබුනු අය ඒක තමන්ගෙ නමට මුලින් කියවන්නෙවත් නෑ. ඒක පෙන්නල රැකියාවක් ලබාගන්නෙත් නෑ. අදාල විෂය උගන්වන්නෙත් නෑ.

කොහොම වුනත් මෑත කාලයක ඉඳල කොළඹ විශ්ව විද්‍යාලය ඉතාමත්ම විවාදාත්මක ලෙස ගණිතය වැනි සුවිශේෂී විෂය ක්ශේත්‍රයන්ට අදාලව ආචාර්ය උපාධි ප්‍රධානය කරල තියෙනවා. ගණිත විෂයෙහි අමාරුම සිද්ධාන්ත සියල්ල ඉගැන්වෙන්නේ සාමාන්‍ය උපාධි අවස්ථාවේදී. ඉතින් ගණිතයට සාමාන්‍ය උපාධියක් නැති කෙනෙකුට ආචාර්ය උපාධි පර්යේශණයක් සඳහා ලියා පදිoචි වීමට අළුත් ක්‍රමවේදයන් කොළඹ විශ්ව විද්‍යාලය හඳුන්වල දීල ඇති.

එකම දේ ඒ විදියට සාමාන්‍ය සහ මාස්ටර්ස් උපාධි නැතුව ඉඳුරාම ආචාර්ය උපාධියකට ලියා පදිoචිවීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය විසින් අළුතින් හඳුන්වා දී ඇති ඇතුලත්වීමේ නිර්නායකයන්, Entry Criteria ඒ සඳහා උනන්දුවක් ඇති සුවාසූ දහසක් හුදී ජනයාගේ දැනගැනීම පිනිසත් ප්‍රසිද්ධියට පත්කිරීමයි සදාචාරාත්මක වගකීම වන්නේ.
 

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    :lol:


    තමුන් මේකට සුදුසු නෑ කියල දැනගෙන හොර පාරෙන් ඔවා ගත්තාම තියෙන ආතල් එක මොකක්ද මචන් ...
    මිනිස්සුත් හිනාවෙනවා තමන්ගේ හිතත් දන්නවා මේක බොරුවක් කියලා.. ලොකු මානසික අවුලක් තියෙන්න එපැයි ඔය වගේ එකක් හොර පාරෙන් ගන්න. රෝවන් ඇට්කින්සන් ට නය්ට් පදවියක් දෙන්න ගියාම ගත්තේ නෑ මට එපා කිව්වා කෙලින්ම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සැටලයිට් ඉංජිනේරියස් කෙනෙකුට ආචාර්ය උපාධියක් උබලා හිතන තරම් අමාරු දෙයක් නෙවේ.