ආඩම්බරකාර තාත්ත
ලෝකෙ ජනගහණය ඉහල යාම හැම ප්‍රශ්ණයකටම මුල් වෙලා තියෙනව කියල දෙයියන්ට තේරුණාලු. ඉතිං උන්නාන්සෙ හිතුවලු මේකට විසඳුමක් විධියට තෑගි ක්‍රමයක් හඳුන්වල දෙන්න ඕන කියලා. අඩුවෙන් ළමයි හැදුවොත් වැඩියෙන් තෑගි.
මුලින්ම මේ වැඩේට තෝරගත්තෙ අනාගතේදි ඈස්චර්ය පෑදෙනවාය කියල අනාවැකි කියල තිබුණ ලංකාවලු.
ඉතිං දෙයියො මුලින්ම ගියාලු විපක්ෂෙ රනිල් ලොක්ක ගාවට. හදපු ළමයි ගාන ඇහුවලු. උන්දැට ළමයි නැති නිසා දෙයියන්ට අදහගන්නත් බෑලු. ‘මේ තරම් ආදර්ශමත් දේශපාලකයො ඉන්නවනෙ මේ රටේ’ කියල දෙයියො එතුමාට තෑගි කලාලු ලැම්බොගිණියක්.
ඊට පස්සෙ දෙයියො ගියාලු හිටපු ජනාධිපති ජයවර්ධන ලොක්ක ගාවට. ළමයි කීයක් හැදුවද කියල ඇහුවලු. එකයි කියල උත්තරේ ආවම දෙයියන්ට පට්ට හැපිලු. නියම ෆැමිලි ප්ලෑනිං කියල අළුත්ම බෙන්ස් කාර් එකක් තෑගි දුන්නලු.
තුන් වෙනියට ගියාලු ප්‍රේමදාස ලොක්ක ගාවට. උන්නැහේ දරුවො දෙන්නෙක් හැදුවයි කියල කියපු එක ගැන ඒ තරමට සතුටු නොවුන නිසා දෙයියො ප්‍රේමදාස ලොක්කට දුන්නෙ ටොයොටා කාර් එකක්ලු.
හතරවෙනියට ගියේ බණ්ඩාරනායක ලොක්ක ගාවටලු. එතුම දරුවො තුන් දෙනෙක් හැදුවනේ. ඉතිං හම්බ උනේ මරුටි කාර් එකක්ලු.
ඉතිං ඔය විධියට ලොක්කන්ට තෑගි දීගෙන දෙයියො චුත උනාලු.
ටික කාලෙකට පස්සෙ ජයවර්ධන ලොක්කයි ප්‍රේමදාස ලොක්කයි බණ්ඩාරණායක ලොක්කයි රනිල් ලොක්කයි තුන්දෙනා සෙට් වෙලා ඉන්නකොට එතනට ආවලු අපේ වර්තමාන රාජපක්ෂ ලොක්ක. උන්නැහැගෙ කකල් දෙකේ රබර් සෙරෙප්පු දෙකක්වත් නෑලු.
අර තුන්දෙනාට පුදුමයිලු.
“අඩෝ රාජා මොකෝ බං මේ. ඇයි දෙයියො උඹට මරුටියක්වත් දුන්නෙ නැද්ද?”
රාජපක්ෂ ලොක්ක මල පැනල උත්තර දුන්නලු.
“බම්බුව තමයි! දෙයියො මගෙන් ඇහුවෙවත් නෑ ඕයි. කවුද කාලකණ්නියෙක් උන්නාන්සෙට කියල මම ජාතියේ ආඩම්බරකාර තාත්ත කියල”