ආඩම්බරයි_තාත්තේ . . .
දුම්රියක්. තිරිංග යෙදීමට හෝ පාලනය කරන්නට කිසිදු මිනිස් පුළුටක් නොමැති දුම්රියක්. ඒ පමණක් නොවේ. ඒ දුම්රිය පසුපස මැදිරිවල පුරවා ඇත්තේ භයානක විෂ ද්‍රව්‍යයකි.
රියැදුරාගේ සුළු අතපසුවීමකින් පාලනය කරගත නොහැකිව පැයට සැතැපුම් හැත්තෑවක වේගයෙන් තනිවම දුවන මේ දුම්රිය දිව යන්නේ ලක්ෂ ගණනාවක ජනගහණයක් සිටින අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ අග නගරයක් වෙතයි. බිහිසුණු ජන සංහාරයක් කරන වේගයෙන් දිවෙන මේ දුම්රිය නවතාගැනීමට දුම්රිය සමාගමේ අධිකාරීන් දෙතුන් වරක් උත්සාහ කළත් එය මුළුමනින් අසාර්ථක වෙනවා.
අවසානයේ මේ දැවැන්ත නොනවතින යකඩ යකා නවතාලන්නට ඉදිරිපත් වන්නේ පළපුරුදු දුම්රිය ඉංජිනේරුවකු වන ෆ‍්‍රෑන්ක් සහ ඔහුගේ සහායක ආධුනිකයා වන විල් විසිනුයි. තවත් දුම්රිය එන්ජිමකින් මේ දුම්රිය පසුපස එළවා යන ඔවුන් දෙදෙනා ජීවිතය පරදුවට තබා මේ භයානක විපත නවත්වන්නට උපරිම ශක්තියෙක් උත්සාහ කරනවා.
ඔවුන්ට මේ බියකරු අධික වේගයෙන් දිවෙන යකඩ යකා නවත්වා ගත හැකි වේවිද? ඔව්, ඔවුන් එක්ව අවසාන මොහොතේ එය නවත්වනවා. දැවැන්ත ව්‍යසනයකින් ස්ටැන්ටන් නගරයේ මිනිස් ගංගාවක් බේරී ජීවත් වෙනවා.
2001 දී පෙන්සිල්වේනියාවේ ස්ටැන්ටන් නගරයේ සැබෑවටම සිදු වූ මේ බියකරු සිදුවීම සිනමාහල්වල දැවැන්ත සිනමා තිර මත නොනවතින රූප මාලාවක් ලෙස අප කාගෙති ආතතියෙන් සපිරි සිනමා අත්දැකීමක රඳවා තබන්නට සමත් වුනා ඔබට මතකද ?
එය එතරම් ත්‍රාසජනකය. එහෙත් එය "අන් ස්ටොපබල් ට්‍රේන්" චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේ දර්ශන සැබෑ ලෙසින් සිදු වුවහොත් . . .
විනාශයක් නැතත් එවන් සිදුවීමක් 2013 දෙසැම්බර් මස 05 වනදා අළුයම අප රටේද සිදුවිය. ඒ මාලිගාවත්ත අංගනයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව රත්මලාන දක්වා ධාවනය වීමෙනි.
2013 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයේ (HLS) සේවකයන් සිරිත් පරිදි තම රාජකාරියේ යෙදී සිටියහ. අංගනය තුල දුම්රිය මැදිරි එහා මෙහා කිරීමට යොදා ගන්නා "වයි ක්ලාස්" ("Y" Class) වර්ගයේ එංජිමක් වැරදි අකාරයට පනගන්වන උත්සහ දරන ශබ්දයක් ඔවුනට ඇසුනි, දෙවන වරද වැරදි ආකරයට එංජිම පනගන්වන ලදි, ඒ මොහොතේ එහි සිටි සේවකයන් කිහිප දෙනෙක් "කව්ද යකෝ එංජිම කන්න හදන්නේ" කියා කෑ ගැසූහ. ඒ සමඟම තෙවන වරද එන්ජිම පන ගැන්වීමට දැරූ උත්සාහය සාර්ථක විය. එම එංජිම නවතා තැබූ ස්ථානයෙන් ඉවත් කිරීමට පණිවිඩයක් යවා තිබූ බැවින් එංජිම පනගැන්වූයේ කව්රුන්දැයි සෙවීමට කිසිවෙකු වැඩි උනන්දුවක් නොදැක්විය. එවිට වෙලාව රාත්‍රී 12.00 ට පමණ විය. රාත්‍රී සේවයේ යෙදී සිටින සේවකයන් රාත්‍රී 12ට සේවා මුර මාරුකරගත යුතුය (රාත්‍රී 12ට පිටවීම සටහන් කර එම මොහොතේම නැවත පැමිණීම සටහන් කලයුතුය ).
එංජිම පැන ගැන්වූ තැනැත්තන්ද එංජිම ක්‍රියාත්මකව තිබියදීම තම සේවා මුර මාරු කර ගැනීමට යාම සඳහා එංජිමේ අත් තිරිංග නොයොදා එංජිමෙන් බැස කාර්යාලය දෙසට පිටත් විය. එසේ එංජිමෙන් බැස යාමට පෙර ඔවුන් කල්ච් එක ක්‍රියාත්මක කර ඇත්දැයි පරික්ෂාකර කර නොබලා ඇත. මීට පෙර අවස්ථාවේ එංජිම ක්‍රියා විරහිත කරන විටද ඔවුන් විසින් ක්ලච් එක ක්‍රියා විරහිත කර ඇතිදැයි හරියාකාරව නොබැලුවා විය හැකිය. කෙසේ වෙතත් එංජිම ක්‍රියාත්මක වී තිබූ බැවින් වායු ටැංකි ක්‍රමක් ක්‍රමයෙන් පිරෙමින් පැවතින. අවසාන මොහොතේ වායු ටැංකි සියල්ල පිරී අවසන් වූ පසුව මෙතෙක් වේලා තදවී පැවති තිරිංග ක්‍රමයෙන් ලිහිල් වීමට පටන්ගති. ඔවුන්ගේ අවාසනාවටදෝ ඒ මොහොතේ එංජිමේ ක්ලච්ය ක්‍රියාත්මක වී තිබින. එංජිම ධාවනයට අවශ්‍ය සියළු සාධක සම්පූර්ණ වී තිබියදී මේ සිත් පිත් නැති යකඩ ගොඩ තවත් බලා සිටින්නේ කුමටද ? එංජිම තුල නිපදවූ බලය යම යම් උපාංග හරහා ගොස් නිදහස්ව තිබූ රෝද මත නැවතින. එම බලය මඟින් එම රෝද ක්‍රමයෙන් ක්‍රියා කිරීමට පටන් ගෙන ඇත. දැන් එංජිම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන බව එය පනගැන්වූ අය පවා දැන සිටියේ නැත.
වේලාව රාත්‍රී 12.30 ට පමණ ඇත. අංගණ කෙළවරේ පොයින්ට්ස්මන් ලෙස සේවය කල තැනැත්තා කාර්යාලයට ඇමතුමක් ලබාදී "ෂන්ටින් එන්ජිමක් ලයිට් නැතුව කළුවරේම පොයින්ට්ස් කඩාගෙන ඉස්සරහට යනවා, ඒකෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙත් නෑ" කියා පවසා ඇත. පොයින්ට්ස්මන් යනු අංගණයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීම සඳහා පිලි එහා කරන සේවකයා. ඔහු විසින් පාර නිසි පරිදි සකසා නොදුන්නොත් පොයින්ට්ස් වලින් (රේල් පාරකින් තවත් පාරකට මාරු වෙන තැන) දුම්රියට නිසි මාර්ගයට යාමට නොහැකිය. එවැනි අවස්ථා වලදී බොහෝ විට සිදුවන්නේ එම දුම්රිය පිලී පැනීමකට ලක්වීමයි, එහෙත් මෙම වයි ක්ලාස් එංජිමේ ඇති එක් දුර්වලතාවයක් මත එවැනි අවස්ථා බොහෝ විට මඟ හැරී යාමට ඉඩ ඇත. එනම් මෙම එංජින් වර්ගයේ ඇති රොද සියල්ලම එන්ජිමත් සමග එකවරම හැරීමකට ලක්වීමයි. එහෙත් අනිකුත් එංජින් වල ඇති රෝද යම යම් අවස්ථාවලදි එම අවස්ථාවනට උචිත පරිදි ඉතා සුළු වශයෙන් එහා මෙහා වීම සිදුවේ.
ඇමතුම ලැබුනු මොහොතේම ක්‍රියාත්මක වූ ධාවනාගාර ෆෝමන් මහතා තම සේවකයන් කැදවා දුම් රිය නවතා ගැනීම සඳහා අප කලයුත්තේ කුමක්දැයි විමසන අතරතුර රියදුරෙකු නොමැති දුම්රිය එංජිමක් අංගනයෙන් පිටවී ඇති බව පාලක මැදිරියටද දැනුම් දෙනු ලැබුවා. පාලක මැදිරිය සිටි නිල්ධාරීන් ක්ෂණීකව සොයා බලා එන්ජිම කොම්පඤ්ඤවීදියට ආසන්නව ගමන් කරන බව දැනුම් දෙන ලදි. ඒ වන විට එම එන්ජිම ලෙකෝ හංදියේ ඇති පොයින්ට්ස් එකද කඩාගෙන ගමන් කර තිබූ නිසා වෙනත් එන්ජිමක් මේ මාර්ගයේ ඔස්සේ ගමන් කරවා පසු පසින් ගොස් එංජිම නවතා ගැනීමට නොහැකි බව පිරිස අතර සිටි එක් සේවකයෙක් පවසා ඇත.
"සර් එංජිම අපේ, ඕක මට මගේ දරුවෙක් වගේ, අපි මේක කොහොම හරි නවත්තමු. මට වාහනයක් දෙන්න" කියා ඔහු නැවතත් තම ෆොමන් මහතාට පවසා ඇත. හරි මම ඔබට වාහනයක් දෙන්නම්. ඔබට එය කල හැකිදැයි ඔහු විමසා ඇත. "හරි සර් මම කරන්නම්". අපි කැබ් එකේ යමු ෆොමන් මහතා පවසා ඇත "එපා මට කැබ් එක එපා, මට එම්බුලන්ස් එක දෙන්න, අපි එකෙන් යමු".
ධාවනාගාරයේ තිබුණු ගිලන්රථයට ගොඩ වු ඔවුන් තිදෙනා සහ ෆොමන්වරයා රැගත් ගිලන් රථය සයිරන් නලාව හඩවමින් වේගයෙන් මාර්ඟයට අවතීර්න විය. එය ගිලන් රථයක් බැවින් අනිකුත් වාහන සහ මාර්ඟ රජකාරියේ යෙදී සිටි පොලිසියේ සහ හමුදාවේ නිල්ධාරීන්ගෙන් එයට කිසිදු බාධාවක් ඇති නොවීය. සුළුවෙලාවකින් බම්බලපිටියට පැමිණ මුහුද අසලින් ඇති පාර ඔස්සේ ඉදිරියට ඇදෙන අතරතුර දුම්රිය දැන් ඇත්තේ කොතැනදැයි ඔවුන් පාලක මැදිරියෙන් විමසන ලෙස තවත් ෆොමන්වරයෙකුට දුරකතනයෙන් දැනුම් දුන්නා. ටික වෙලාවකින් ෆොමන්මහතා ඒ මොහොත වන විට දුම්රිය එංජිම වැල්ලවත්තට ආසන්නයෙන් ගමන් කරන බව ඔවුනට දන්වන ලදි. ඔවුන්ගේ පලමු උත්සාහය වුයේ දුම්රිය බම්බලපිටියේදීම නවත්වා ගැනීමටය, එයෙත් එය අසාර්ථක විය, ඔවුන් සිතුවාට වඩා වේගයකින් එංජිම ගමන් කොට තිබින.
ඔවුන් යලිත් ගාළු පාරට අවතීර්ණවී කෙළින්ම රත්මලානට පැමිණ එතනින් හැරී රත්මලාන ස්ටේෂන් එක දෙසට ගමන් කර ස්ටේෂන් එක පසු කර කරගෙන මීටර් 200 ක් 300 ක් පමණ මොරටුව දෙසට පැමිණ දුම්රිය දැන් ගමන් කරන ස්ථානය ෆොමන් මහතාගෙන් විමසන ලදි. ඔහු පාලක මැදිරියත් හා සම්බන්ධ වී මේ වන විට එංජිම ගල්කිස්ස පසු කර ඇති අතර එය මෙතෙක් වෙලා ගමන් කර් තිබුනේ කොළඹ දෙසට දුම්රිය ගමන් කරන මාර්ඟයේය. එහෙත් ගල්කිස්සේදී පාලන මධ්‍යස්ථාන මඟින් එය ගාල්ල දෙසට ගමන් කරන මාර්ඟයට මාරු කර ඇති බව සඳහන් කරන ලඳි. බොහෝ දෙනාගේ වාසනාවට එදිනට මේ වෙලාවට ගාල්ලේ සිට පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන් ගැල් සහිත දුම්රියද නොවැලැක්විය හැකි හේතුවක් නිසා අවලංගු වී තිබින. තවත් සේවා දුම්රියක් පාලන මධ්‍යස්ථානය මඟින් මොරටුව දුම්රිය ස්ථානයේ නවතා තබන ලදි.
ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඉතා සුළු වේලාවකි. කෑලි කපන කරුවලේ ඔවුන්ට තිබුනේ එක ටෝච් එකක් පමණි. මොවුන් දැන් බලා සිටින්නේ එන්ජිම එනවිට දුවගොස් එහි එල්ලීමට. පැයට සැතපුම් 15ත් 20ත් අතර වේගයෙන් පැමිණෙන විදුලි පහන් කිසිවක් දල්වා නැති කළු පැහැති දුම්රියකට කෑලි කැපිය හැකි අන්ධකාරයේ රේල් පාරක් දිගේ දුව ගොස් එංජිමට ගොඩ වනවා යනු ජීවිතයත් මරණයත් අතර සටනක්. දහවල් කාලයේදී උවද දුම්රිය මාර්ගයක් දිගේ පැයට සැතපුම් 10ත් 15ත් අතර වේගයකින් දිව යාමට කෙතරම් අපහසුද ? දහවල් කාලයේ එසේ නම් රාත්‍රී කාලය ගැන කවර කතාද ?
ඒ වුණත් වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නොමැති බැවින් කෙසේ හෝ දුම්රියට ගොඩවී එහි පාලනය සියතට ගත යුතු බව ඔවුන්ගේ කල්පනාව විය, ඒ වන විට රත්මලාන දුම්රිය අංගනයේ පිරිසද මෙම දුම්රිය නවත්වා ගැනීමට සඳහා පොයින්ට්ස් එකකට යොමු කර පිලිපැන්නීමට කටයුතු කරමින් පැවතින, එහෙත් මෙම දුම්රිය එන්ජිම මෙච්චර දුරක් පැමිණියේ පොයින්ට්ස් දෙකක්ම කඩාගෙනය, තුන්වෙනි පොයින්ට්ස් එකෙනුත් දුම්රිය පිලි නොපැන්නොත් සිදුවන්නේ රත්මලාන අංගනෙයේ නවතා ඇති අනිත් දුම්රිය එංජින් වල ගැටී විශාල අලාභානියක් සිදුවීමය හෝ යම් හෙයකින් පිලි පැන්නොත් එංජිමට සහ රෙල් පාරට දැඩි අලාභානි සිදුවීම යන දෙකෙන් එකකි. එබැවින් කලයුතු හොදම දෙය එංජිමේ පාලනය සියතට ගැනීමය. පැමිණි පිරිස අතරින් එංජිමේ ක්‍රියාකාරීත්වය සහ එය ක්‍රියා විරහිත කලයුතු ආකාරය ගැන දන්නා එක අයෙක් අනෙකුත් දෙදෙනාටද පැහැදිලි කරදෙන ලඳි, යම් හෙයකින් ඔවුනට එන්ජිමට නැගගැනීමට හැකි වුවහොත් එය ක්‍රියා විරහිත කලයුතු අකාරය ඔවුන් දැන සිටීම නුවනනට හුරු බැවින්,
ගත වුයේ නිමේශයකි. මේ සද්දන්ත යකඩ හස්තිරාජයා ගේ හඩ යාන්තමට ඔවුනට අසිනි, දැන් කලයුතු දේ ගැන දෙපාරක් කල්පනා කලයුතුව නැත, අනිවාර්යෙන්ම තිදෙනාගෙන් කව්රු හෝ එන්ජිමට ගොඩවිය යුතුය, කතා කරගත් පරිදි ස්ථාන ගතවී සිටියත් අනික් දෙදෙනාම කළුවරේම එන එංජිමට ගොඩවීමට බිය විය. සද්දන්තයා තුන්වෙන්නා අසලින් ගමන් කරනවාත් සමගම ඔහු දුම්රියත් සමග ඉදිරියට මීටර් 100 පමණ ඉදිරියට දිව ගියේය. එහෙත් ඔහු ගමන් කල පැත්තේන් ඔහුට එන්ජිමට ගොඩවීමට නොහැකි වූ බැවින් ඔහු එංජිමේ අනික් පැත්තට පැන නැවතත් මීටර් 150ක් පමණ ඉදිරියට දිව ගොස් එන්ජිමට නැගීමට ඇති යකඩ වැට කරුවලේම අල්ලා ගත්තේය, තවත් මීටර් 50ක් පමණ එසේ දිව ගිය ඔහු තමාගේ එක් කකුලක් දුම්රියේ පාපුවරුව මත තැබීමට උත්සාහ කර ඇත, අවසානවට ඔහුගේ කකුල ලිස්සා ඔහුව පහලට ඇදී ගියද වාසනාවකටදෝ ඔහුගේ දනිස්ස පාපුවරුව මත නැවතින, මේ වන විට දුම්රියේ වේගය පැයට සැතපුම් 20ක් පමණ වූ බව බොහෝ දෙනාගේ අදහස විය, පය ලිස්සා පහලට ගිය නිසා ඔහුගේ අත යම් තරමකට ඇදීමක් සිදු උනද ඔහු සෙමින් අනිත් කකුල පාපුවරුව මත තමා නැගිටීමට් සමත් විය. ඉන් පසු ඉක්මනින් එංජිම තුලට ගිය ඔහු පලමුව එහි ක්ලචය ක්‍රියා විරහිත කොට තිරිංග යෙදවිය, විනාඩි 45ක්පමණ කාලයක් කිලෝමීටර් 15ක් පමණ දුරක් නිදහසේ පැමිණි මේ එංජිමේ වේගය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වී තවත් මීටර් 100ක් 150ක් පමණ දුරක් ගොස් නැවතුනේ සිදුවන්නට ගිය විනාශයක් වලක්වා ගනිමින් සියළු දෙනාගේම සිත වලට සතුටක් එක්කරමිනි. රියදුරෙකු රහිත මෙම එංජිම ධාවනය වීම නිසා දුම්රිය දෙපාර්තමෙන්තුවටද පොයින්ට්ස් දෙකක් කැඩීම හැර වෙනත් කිසිදු දේපල හානියක් සිදු නොවීය.
එය එසේ නිමාවිය එහෙත් මෙම එංජිම පණගැනුවේ කව්ද ? මෙය කාගේ වරදින් සිදු වීද යන්න සෙවීමට දුම්රිය දෙපාර්තමෙන්තුව විසින් මේ ගැන හොයන්න තීපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.
කමිටුවේ විමර්ශණ සිදුවෙද්දී වරද දුම්රිය නවතාගත් තැනැත්තා හා එම දුම්රිය අංගනයේ සිටි පිරිස මත පැටවීමට බොහෝ දෙනාගේ උත්සහය විය. ඒ අතර දුම්රියේ රියදුරු මහතා නියෝජනය කල වෘත්තීය සමිතියේ නියෝජිතයා ප්‍රධාන විය. දුක් වීමට කාරනවාක් නැත ඒ මේ රටේ හැටිය, අවසානයේ වැරදිකරුවා වන්නේ වරද කල පුද්ගලා නොවේ නිර්දොෂී පුද්ගලයාය. කෙසේ හෝ විමර්ශණ දිගින් දිගටම සිදුවිය, මෙම එංජිම ක්‍රියාත්මක කල පුද්ගලයාද මේ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ තමා මේ කිසිවක් නොදන්නා බවත් තමා නිර්දොෂී බවත් පවසා මෙයට වගකිව යුත්තේ අංගනයේ එදින රාජකාරි කල පුද්ගලයන් බවත් පවසා ඇත.
හිත් පිත් ඇති මිනිසුන් මේ මහා විනාශය වලක්වා ගත් පුද්ගලයා සහ ඔහු සේවය කල අංගනයේ අනිකුත් සෙවකයන් සහ නිලධාරීන් මෙයට වගකිව යුතු බව පුල පුලා පවසද්දී, මරදාන දුම්රිය ස්ථානයේ සවිකර ඇති සිත් පිත් නැති CCTV කැමරා මේ නිවැරදි මිනිසුන් බේරාගැනීමට අවශ්‍ය සාක්ෂි කිහිපයක් සටහන් වී තිබින, එදින රාත්‍රියේ එහි සවිකල ඇති කැමරාවල පටිගත්වූ කරුනු අනුව සිදුවන්නට ගිය මහා විනාශයට වගකිවයුතු, එහෙත් තමන් නිර්දොෂී බව පුල පුලා පැවසූ කෙනෙක් සමඟ තවත් දෙදෙනෙක් මෙම එංජිම පසු පස දිව යන දසුනක් සහ ඔවුනට එංජිම අල්ලා ගැනීමට නොහැකි වන දසුන් පෙලක් සටහන් වී තිබින. කරුණු පැහැදිලිය වහාම අංගනයේ රාජකාරි කල ෆොමන්වරයා කැදවා මෙම රූප රාමු වල සිටිනා පුද්ගලයන් කව්රුන්දැයි හදුනාගෙන නැවත එම තිදෙනා කැදවා කරන ලද ප්‍රශ්න කිරීම වලදී ඔවුන් විසින් මෙහි වරද සිදුකල බවට කරුණු අනාවරණය කරගැනීමට හැකිවී ඇත. ඒ අනුව ඔවුන් තිදෙනාගේ සේවාවන් අත්හිටුවා ඇත, දැන් කිසිවෙකු ඔවුන්ගේ සේවය අත්හිටෙව්වාට වැඩ වර්ජනය කරන්නේ නැත. එහෙත් එදා ඔවුන්ගේ සේවය අත්හිටවූ අවස්ථාවේ වැඩ වර්ජනය කල අය අද ඇටිකෙහෙල් කෑ රිලවුන් සේ සිටින්නේ මන්ද, එදා ඔවුන් වැඩ වර්ජනය කර උත්සාහ දැරුවේ වරදි කරුවන් බේරා නිවැරදි අය ගස් යවීමට නොවේද ?
සියල්ල එසේ නිමාවිය, සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා අදට දින 15ක් පමණ පසුවී ඇත. අද වනතුරුත් කිසිදු වගකිවයුතු පුද්ගලයෙක් මෙම විනාශය වලක්වා ගත් පුද්ගලායාට ඔවුන්ගේ ස්තූතිය පුද කලේ නැත. ඒ වෙනුවට ඔවුන් කලේ නිවැරදි පුදගලයන්ව ගස් යැවීමට කටයුතු කල එක නොවේද ?
කමක් නැත ඒ මේ රටේ හැටිය. ඔබ මට වීරයෙකි, ඔබ හැදූ වැඩූ මවට පියාට, ඔබගේ දරුවන්ට බිරිදට, ඔබගේ සමහරක් නෑයන්ට ඔබ හරි වීරයෙකි. ඇත්තටම මට හරි ආඩම්බරයි තාත්තේ . . .

Last edited:

එලකිරි ආ......
දැක්කනේ නාලන්ද එල්ලාවල මරපු සීන් එකට වෙච්ච දේ අන්තිමට......