මචන්ලා,
මුලින් ම කියන්න ඕනේ මේක ආණ්ඩුවට බනින්න ලියන එකක් නෙමෙයි (අනෙක සීන් එක court order එකක් නේ). ලංකාවේ අපි හිතන හැටි ගැන ප්‍රශ්න කරන්න ලියපු එකක්.
1. ප්‍රශ්නයක් කතා කරන්න එක තමන්ට බලපාන එකක් වෙන්න ඕනේ නෑ. උදා. සිගරට් බොන අයට හොමබ්ට ගහන්න කියල ආණ්ඩුව නීතියක් ගෙනාවොත් මම සිගරට් නොබිවත් එකට විරුද්ධ වෙනවා. මොකද ආණ්ඩුවට එකෙන් හැකියාව ලැබෙනවා හෙට නීතියක් ගෙන්න coca cola බොන අයට හොම්බට ගහන්න පුළුවන් කියල

.
2. ගොඩක් අය කියනවා මේවා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල. ලංකාවේ ඉතිහාසය බැලුවොත් ගණිකා වුර්තිය, etc ගැන සාහිත්‍ය කෘති වල පවා ලියල තියෙනවා. කව්ද decide කරන්නේ මොන සංකෘතික අංගද අපි ගන්න ඕනේ, මොනවද නොගන්න ඕනේ. මට හිතෙන්නේ මේක ලංකාවේ අපේ දෙබිඩි පිළිවෙතක්. ගොඩක් රටවල මිම්මට අනුව මේ පත්තරේ දාන වැඩේ නම් එච්චර නම්බුකාර වැඩක් නම් නෙමේ. ගොඩක් සහෝදරයෝ තර්ක කරන්න පුළුවන් ගොඩක් රට වල මිමි අපට පාන් ද කියල. අපේ ඉතිහාසයේත් ගණිකා වුර්තිය තිබ්බනම්, ගොඩක් රටවල වැල ගැන තදින් සලකන්නේ නැත්නම්, හරි හමන් තර්කානුකුල reasoning නැතිව ඇයි අපි මේකට විරුද්ධව කෑගහන්නේ. (ඉතිහාසේ වැල තිබ්බේ නෑ තමයි. but if f**king is legal, video taping is legal, even selling is legal, why the f**k is selling, video tape of f**king is illegal. wolla my flawless logic

)
3. කස්ටිය දන්නවද සමහර night club වල සිද්ධ වෙන දේවල්. එකෙක් ඒවාට අත තියෙනවද. මටනම් මේවා පෙන්නේ අපිව distract කරන්න කරන දේවල් වගේ. ආණ්ඩුවක් උනහම එයාල බලය රඳවාගන්න වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ මීට වඩා වැදගත් ප්‍රශ්න වලට මුලිකත්වය දෙන්න කියල. මේවගේ නිවුස් උඩ අපි ගහ මර ගන්න එක තේරුමක් නෑ කියලයි මගේ අදහස. (අපේ ආණ්ඩු හිතවාදී සහෝදරයෝ තේරුම් ගන්න, මම කියන්නේ UNP එකටවත් JVP එකටවත් බලය දෙන්න කියල නෙමෙයි, අපි සිතන විදිය වෙනස් කරන්න ඕන කියල).
4. සමහර සහෝදරයෝ පෙන්වා දුන්න ලංකාවේ porn stars ල නෑ කියල. ඇත්ත, සල්ලි වලට රඟපාන professional අය මම හිතන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට වෘෂණ කෝෂ නැති සහෝදරයෝ හොරෙන් video කරලා පොස්ට් කරපු ඒවා තමයි තියෙන්නේ. ගොඩක් අය මේ වැල දකින්නේ නෑ. නමුත් පත්තරේ දැම්මොත් ඒ අයට පාරේ බැහැල යන්න වෙන්නේ නෑ නේද?
ප. ලි. මෙම ලිපිය කියවා තරහ යන සහෝදරයන් වෙත. මේක මගේ පෞද්ගලික මතය විතරයි. මේක ඔයාල ඔක්කොම පිළිගන්න ඕනේ කියල පොඩ්ඩක්වත් මම හිතන්නේ නෑ. මේ පිස්සා ලියල තියන දේ වැරදි කියල හිතනවානම් හොඳයි. මම වැරදි ඇයි කියල කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් අගය කරලා සලනනවා. මොකද මමත් ඉගෙන ගන්න කරන මනුස්සයෙක්

.