නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂික කරන බවට පාරම්බාන වත්මන් රජය වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ජාවාරමක නියැලෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි. එහි කැඳවුම්කරු අසංග වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
"ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත්රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ අරගලය තවත් වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)මගින් එම ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි යයි දන්වා තිබියදීත් රජය තවමත් එම ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන නොමැත. මෙමඟින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත තව දුරටත් තහවුරු වේ. ඡන්දයට පෙර නිදහස් අධ්‍යාපනය සුරකින්නට ප්රතිඥ දුන් රජය දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව මුදලට අධ්‍යාපනය විකුණන පෞද්ගලික විශ්වවිද්‍යාල පවා ආරම්භ කිරීමට උත්සාහ දරයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඕඒසීස් (OASIS) රෝහල අනුබද්ධව ආරම්භ කිරීමට අවසර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මේ වන විට ලබා දී ඇත.
නව රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පළමු ප්රවෘත්ති සාකච්ඡාවේදීම පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බවයි. නිදහස් අධ්‍යාපන අයිතිය වනසාලමින් අහිංසක දුප්පත් දරුවන් උගතුන් වීම වළකාලමින් මේ ආණ්ඩුව අර අදින්නේ තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යොදාගත හැකි "එහෙයියන්"පිරිසක් බිහිකර ශ්‍රී ලංකාවේ උගත් පරපුර විනාශ කර තම ඇමති දූදරුවන් සහ ධනපති දූදරුවන්ට අඩු සුදුසුකම් මත උපාධිය විකුණා දැමීමටය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය නොව ආසියාවේ ඛේදවාචකය බවට අප රට පත්වීම කිසිවෙකුට නැවැත්විය නොහැකි වනු ඇත. අද වන විට විභාගයක් හෝ නිසි පරිදි පවත්වා ගත නොහැකි තරමට අසරණ තත්ත්වයකට පත්ව ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමය තව දුරටත් විනාශ කර එහි මළගම සනිටුහන් කිරීමට මේ ආණ්ඩුව උත්සාහ දරයි.
1994 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ක්‍රියාමාර්ග
more -
here