ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    for provate universities, it is a good idea actually. but what are the courses available in those universities. there is a certain demand for each of type of professions. if the output is higher than that then even medical or engineering graduates may stay at home jobless. this part is also we have to consider. i do not know the demand and the supply atm for those courses. what I'm saying is if (only if) the demand is satisfied by the govt uni then no point in starting pvt uni that offers the same degree.
    the problem is with the attitude. every one want to be a doctor or an engineer. whay can't we have degree courses for other areas. of you see the intakes of foreign uni there is hell lot of subjects. Eng or med is just only two fields. we should go to that point.
     

    Wal Bada

    Well-known member
  • uba ai ban hama welema uba gana hari ihalin katha karanne?? balahan uba daana moda tharka. owayenma penawa ne uba dokek une nikanma nikan poth gullek vidiyata kiyala.machan uba kiyana vidiyata A/L A3k ganne supirima moka tika nan me weddi me rate mona tharan mola kaarayo tikak inna ona da ban.loke wena ona ratak ganin, aa ratawal ada weddi hama paththenma mona tharan issarahin da inne ? dannawada ekata hethuwa mokak da k iyala.. nikanma nikan xam 1k matha kaagewath future 1 theeranaya wenne nathi nisaa. aa ratawal wala thamange hakiyawa anuwa karanna ona tharan degree thiyenawa private uni wala. bio karala A3k gathhtama uu dokek ma wenna ona naa, uuta hithenawa nan uu kamathi puravidyawa paththen issarahata igenaganna kiyala uu eka thoragannawa. ithin eliyata enne nikanma nikan xam 1k pass wela campus gihin ahuwena degree 1 karala eliyata ena kenek newe. mokak hari field 1k gana hoda danumak thiyena kenek. aa eliyata ena kenata aa field 1 gana hoda danumak thiyenawa,ithin eyala aluth dewal hoyanna aluth deyak karanna try karanawa. machan uba dokek ne, ubalata mona paadameda kiyala thiyenne minihek ge dakshakama buddiya A/L result 1 matha rada pawathi kiyala. A/L s3 gaththa ekatath enne campus qulified kiyala thamai.A/L kiyanne thiyena seemitha sampath pramanaya nisa hamotama chance 1 denna bari nisa aa seemitha sampath pramanaya laba denna ona kaata da kiyala thoraganna thiyena xam 1k misa dakshayai adakshayai thorala 2ta bedana xam 1k newe uba hithana vidiyata.
    මම මං ගැන ලොකුවට හිතා ගෙන ඉන්නවා තමයි. රටට බරක් වෙන්නේ නෑ කියන එක ලොකු කතාවක් නම් උඹලා කියන්නේ පට්ට ලොකු කතා.

    උඹ හරි මචන්. පිට රටවල් වල කරන්න අවශ්‍ය තරම් උපාධි තියෙනවා. නමුත් එ රටවල් වල තේරුම් ගත්තු යථාර්තයක් තියෙනවා, ඔකොටම ඉංජිනේරුවො/ දොස්තරලා / නීතිඥයෝ වෙන්න බෑ කියල. ඒ හින්දා භාෂාව වගේ දේවල් වලටත් පුද්ගලික උපාධි තියෙනවා. ඒ වුනාට ලංකාවේ හැඩුවොත් එකක් හදන්නේ එක්කො ඉංජිනේරුවෝ හදන්න, නැත්නම් ඩොශ්තරලා හදන්න. තාම දැක්කෙ නෑ බෞද්ධ ශිෂ්ටාචාරය, පාළි වගේ එව්ව උගන්වන පුද්ගලික විශ්ව විද්‍යාල. ඒකෙන්මෙ අරමුණ පැහැදිලි වෙනවා.

    උසස් පෙළ කියන්නේ හැකියාව මනින්න තියෙන විභාගයක්. ඒක සර්ව සම්පූර්ණ නෑ. නමුත් පිළිගත හැකියි. උසස් පෙළින් වැඩි ලකුණු ගන්න ශිෂ්‍යය එසේ නොකරන ශිෂ්‍යයාට වඩා "වැඩ කාරයෙක්" වීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඇත්තටම උසස් පෙල කියන්නෙ අයි.කිව්. එක මනින පරීක්ෂණයක් වගේ.

    සමහර රක්ෂා වලට යම් බුද්ධි මට්ටමක් අවශ්‍යයි. පුද්ගලික වි.වි. ආවම වෙන තවත් දෙයක් තමයි මේ අවම පරිසාදන මට්ටමට බොහෝ දෙනෙක්ට ලඟා වෙන්න හැකි පරිදි උසස් පෙළ විභාගයේ තත්වය බාල වීම. මේක් දැනුත් වෙනවා. ඒක හින්දා තමයි ඔච්චර ඇ3 ඒවා තියෙන්නේ. අපි උසස් පෙළ කරන කාලේ A4 තිබුනෙ 30 - 40 විතරයි. අපේ අම්මලගෙ තාත්තලාගේ කාලේ A4 ගත්තු පොරට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා. මේ විදියට උසස් පෙළ තතවය පහත ගිහින්, ඕනෙම මැට්ටෙක්ට වග කිය යුතු රක්ෂා වලට සල්ලි බලයෙන් ඇතුළු වෙන්න පුළුවන් වෙනවා.


    අනික මම අහපු ප්‍රශ්නෙට ඔයාට උත්තරයක් නෑ. වෙන වැල් බයිල විතරයි කියල තියෙන්නේ. රජයේ වි.වි. වලට පුද්ගලික සිසුන් ඇතුලත් කර ගැනීමට එකඟ නැත්තේ ඇයි?
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • me rate danatath kee denek doctors la innawada rusiyawe ,indiyawe , cheene, uk,us wala degree 1 karala awith mehe mbbs karala government hospital wala wada karana aya. minissu doctor wa channel karanne A./L result 1 ahala da ?? colombo genaral hospital 1k director russiya wala medicine karala aapu kenek ne.private kiwwa gaman ubala hithanne 8 pass unwath aran doctor pattamak denawa kiyalada ban.a/l awama s3 thiyenna ona, eetath wada salli dunna kiyala pass karanne naa.uba kiyana vidiyata nan me loke ratawal 189 ma thiyenne oona 1ma xam system 1k. O/L karala eeta passe A/L karala z score hodama aya balala campus aran campus 1th thiyanna oona 1ma xam 1k mulu lokema. uba gon harak tharake oka ne.:lol:
    ඔයා නැවතත් ඔයාගේ නොදැනුම පෙන්නනවා. පිටරටින් මොන වෛද්‍ය උපාධි ගහලා ආවත් ලංකාවේ විභාගයකට (Act 16) මුහුණ දෙන්න ඕන (වෛද්‍ය පණතේ 16 වැනි වගන්තියට අනුව). එහෙම පාස් වෙන අයට විතරයි වෛද්‍ය සභාවේ ලියපදිංචිය ලැබෙන්නේ. (ඒක නැතුව බෙහෙත් දෙන්න බෑ).

    අනික ඔය දාපු කොමෙන්ට් එක කින්ඩියට දාපු එකක්. ඒක ඔය තරම් බරපතලව ගණන් ගන්න එපා. S 3 ක ගන්න කෙනා වෛද්‍ය අධ්‍යාපනයට සුදුසු නෑ කියලයි මම නම් හිතන්නේ. නමුත් අර කලින් කිවුව විදියට රජයේ වි.වි. වලට ගෙවීමේ පදනමින් ඇතුලු වෙලා එකම විභාග කරලා බහුතරයකට සමත් වෙන්න පුළුවන් බව පෙන්නුවොත් මම මගේ අදහස වෙනස් කරගන්න කැමතියි. එතෙක් මම හිතන්නේ B3 වත් නැති කෙනෙක් වෛද්‍යවරයෙක් නොවිය යුතු බවයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    පුද්ගලික වි.වි. ආවම වෙන තවත් දෙයක් තමයි මේ අවම පරිසාදන මට්ටමට බොහෝ දෙනෙක්ට ලඟා වෙන්න හැකි පරිදි උසස් පෙළ විභාගයේ තත්වය බාල වීම. මේක් දැනුත් වෙනවා. ඒක හින්දා තමයි ඔච්චර ඇ3 ඒවා තියෙන්නේ. අපි උසස් පෙළ කරන කාලේ A4 තිබුනෙ 30 - 40 විතරයි. අපේ අම්මලගෙ තාත්තලාගේ කාලේ A4 ගත්තු පොරට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා. මේ විදියට උසස් පෙළ තතවය පහත ගිහින්, ඕනෙම මැට්ටෙක්ට වග කිය යුතු රක්ෂා වලට සල්ලි බලයෙන් ඇතුළු වෙන්න පුළුවන් වෙනවා.

    ඔය තර්ක ගොඩ නගන්නේ විශ්ව විද්‍යාලයක් ඉගැනීම සම්පූර්ණ කරන්න පුලුවන් බැරිද යන්න තීරණය කරන්න උසස්පෙල විභාගය සුදුසුයි කියන තර්කය මත.

    ඒ වුනාට ලෝකෙ හොඳම විශ්වවිද්‍යාල වශයෙන් පිලිගැනෙන හාවර්ඩ්, යේල් ඔකස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල ව්ලට වගේම ඊට පහලින් තියෙන හොඳ විශ්වවිද්‍යාලත් උසස්පෙල විතරක් නෙමෙයි අමෙරිකන් සැට් 1 හා සැට් 2 විභාගත් ඉහලින් ගනන් ගන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේම තක්සේරු ක්‍රම නිර්මාණය කරගෙන තියෙනවා සිසුන්ගේ හැකියා ව මනින්න A සාමාර්ථ 3ක් තිබ්බා කියලම ඒවගේ විශ්ව විද්‍යාලවලට ගන්නේ නෑ




    රජයේ වි.වි. වලට පුද්ගලික සිසුන් ඇතුලත් කර ගැනීමට එකඟ නැත්තේ ඇයි?

    මචන් ඔය ප්‍රස්නෙ අහලා වැඩක් නෑනෙ. මේ අයියලා, එන් ඩී ටී කරන එවුන්ට ප්‍රැක්ටිකල් එකක් කරන්න විශ්වවිද්‍යාලයේ ලැබ් එකක් පාවිච්චිකරන්න නොදෙන, පුස්තකාලයෙන් පොතක් දෙනවට විරුද්ද කාළකන්ණි ජාතියක්නෙ.

    පුද්ගලික ළමයි ආවොත් මුන් උන්ව මරලා දාලා ඒක සාධාරිණීකරනය කරලා මිනීමරුවන් නිදහස් කරව් කියලා කැම්පස් වහගෙන පෙලපාලි යයි.
     

    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    උඹ කතා කරන ටෝන් එකෙන්ම පේනවා උඹට තර්කයක් නෑ, තියෙන්නේ මඩ විතරයි කියල. මගේ බක පන්ඩිතකම් ගැන බොරුවට කෑගහන්න කලින් තමුන් ගේ ප්‍රශ්න බලා ගත්තා නම් වඩා හොඳයි. මම රටට බරක් වෙලා නැති බව ආඩම්බරෙන් කියන්න කැමතියි. තමන්ටත් එහෙම කියන්න පුළුවන්ද කියල ඉස්සෙල්ල බලල ඉන්න.

    මගේ යෝජනාව රජයේ විශ්ව විද්‍යාල වලට දැන් ඉන්න ගානට වඩා 15 - 20% වැඩිපුර ඇතුළු කරන්න, හැබයි ඒ අයගෙන් සල්ලි ගන්නවා. ඒ අයට තියෙනෙ සුදුසුකම් නොමිලේ ඉගෙන ගන්න අයට තියෙන ඒවා නෙවෙයි. ඊට වඩා අඩු ලකුණු මට්ටමකින් හා සල්ලි තියෙනවා නම් ගන්නවා. ඔක්කොටම කරන්න වෙන්නේ එකම සිලබස් එක. උපාධියේ වෙනසකුත් නෑ.

    මේ වගේ ලේසි විදියක් තියෙද්දී ඇයි මේ ප්‍රයිවෙට් එකක්ම දාන්න යන්නේ? රහස තියෙන්නේ එතන. හේතුව ප්‍රයිවෙට් එකේ විභාග ලේසි වීම. නැත්නම් ඇයි එහෙම පියවරක් ගන්නේ නැත්තේ?

    20% නෙමේ 200%ක් උනත් දාගන්න බැරියැ, කට්ටියට ඉන්න, කන්න, බොන්න, practical කරන්න ඉඩ තියෙනවනම්,

    ප්‍රයිවෙට් එකේ exam ලේසියි කියල කවුද දේයියනේ ඔයාට කිවුවේ. ??????

    :P:P:P:P:P:P:P:P
     

    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    ඔයා නැවතත් ඔයාගේ නොදැනුම පෙන්නනවා. පිටරටින් මොන වෛද්‍ය උපාධි ගහලා ආවත් ලංකාවේ විභාගයකට (Act 16) මුහුණ දෙන්න ඕන (වෛද්‍ය පණතේ 16 වැනි වගන්තියට අනුව). එහෙම පාස් වෙන අයට විතරයි වෛද්‍ය සභාවේ ලියපදිංචිය ලැබෙන්නේ. (ඒක නැතුව බෙහෙත් දෙන්න බෑ).


    ඉතින් අප මහා විශ්වයේ මහා බුද්ධිමතානි, Act 16 ට මුහුන දෙන්න බැරිනම් කොහෙගිහින් කොයි degree එක ගෙහුවත් වැඩක් නෑනෙ dear

    ඔයා බය වෙන්න එපා,
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඒකෙන් පේන්නේ මොකද්ද? නිකම් වල්ගේ පාගගෙන ඤාව්! ඤාව්! ගාන්න එපා. කිසිම මිනිහෙක් නිකම් වැඩක් කරලා දෙන්නේ නෑ. ඒක හැමෝටම පොදු දෙයක්. අනික් අතට විශ්ව විද්‍යාල වලට යන අය, ආණ්ඩුවෙන් තමන්ට වියදම් කරපු සල්ලි වලින් උපරිම ප්‍රයෝජනය ලබනවා. ඒවා නාස්ති වෙලා නෑ. හරියට ඉගෙන ගන්නේ නැති එකා කරන්නේ ඒ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නිකම් විනාස කරන එක විතරයි.

    දුප්පත් මිනිස්සුන්ට කිසිම සෙතක් පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙන්නෙ නෑ. ඕක උසස් පෙළ සමත් වෙන්න බැරි සල්ලි / බලය තියෙන උන්ගේ එවුන්ට ලේසියෙන් දොස්තරලා, ඉංජිනේරුවො / නීතිඥයො වෙන්න ගහන ගැටයක්. ඔච්චරම අමාරුවක් තියෙනව නම් රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීමේ පදනමින් අමතර කන්ඩායමක් ඇතුලු කරගන්න පුළුවන්නෙ? මේ අය ඒකට කැමති නෑ. මොකද උසස් පෙළ හරියට සමත් වෙලා එන අය එක්ක එකම විෂය නිර්දේශය යටතේ තරඟ කරන්න බැරි බව ඒ අය දන්නවා. ඒ නිසා තමයි පහසු උපාධියකට පුද්ගලික විශ්ව විද්‍යාලෙකට යන්නේ.


    මචන් වල්ගෙ පාගාගෙන ඉන්නේ උඹ.. පොල් කඩන මිනිහ කෑ ගහනවද "පෞද්ගලික

    විශ්විද්‍යාල එපා.. දුප්පත් අයට එකෙන් ප්‍රශ්න ඇති වෙනවා" කියල? නෑ මචන්.. එහෙම කෑ

    ගහන්නේ උඹල.. එකයි මම උඹෙන් ඇහුවේ තර්කෙ මතු කරන උඹලට ඔච්චර කැක්කුමක්

    තියෙනවනම් එහෙම කරන්නේ නැත්තේ ඇයි කියල..
    ඊළඟට උඹල දැන් කියනවා තියෙන විශ්ව විද්‍යාල වලට සල්ලි ගෙවල ඉගෙන ගන්න ක්‍රමයක්

    ගැන.. එකට මම උත්තර දෙන්න කලින් මම උඹට කියන්නම් ඔය අදහස කොහොමද අවේ

    කියල.. උඹලට කලින් ඔහොම අදහසක් තිබුනේ නෑ.. එත් දැන් කට්ටිය උඹලට විරුද්ධ බව

    තේරුන නිසා තමයි ඔය අදහස ගෙනෙල්ල හරි ගොඩ යන්න හදන්නේ..

    උඹලගේ ඔය අදහසත් කිසිම ප්‍රයෝගික අදහසක් නෙවෙයි .. මචන් දැනටමත් මොරටුව

    විශ්ව විද්‍යාලේ තියෙන NDT එකෙයි ඉංජිනේරු පිඨයෙයි කොච්චර වලි යනවද? NDT

    කියන්නේ සල්ලි දීල කරන එකක් නෙවෙයි වෙලත් එතන ගොඩක් ප්‍රශ්න ....
    උඹ හිතනවද සල්ලි ගෙවන සෙට් එකකුයි, නොගෙවන සෙට් එකකුයි එකට දැම්මොත් උන්ට

    කවදාවත් ඩිග්රි එක ඉවර කරන්න පුළුවන් වෙයි කියල??

    උඹලගේ පුහු තර්ක මචන් කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ...

    අනික උඹල කියනවා පෞද්ගලික විශ්ව විද්‍යාල වල විභාග ලේසි වෙනවලු.. උඹට කව්ද ඕක

    කිව්වේ? අධ්‍යාපන ඇමති ද? නිකන් බොරුවට කලබල වෙලා දඟලන්නේ නැතුව පොඩ්ඩක්

    හොයල බලල කතා කරන්න නේද.. මේ ලෝකේ මොන රටක හරි විශ්ව විද්‍යාලයක්..

    විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නකොට නියමිත ප්‍රමිතියකට තියෙනවද කියල

    බලනවා.. එහෙම ප්‍රමිතියකට නැත්තම් පටන් ගන්න දෙන්නේ නෑ.. මේක කරන්න මෙහෙ

    ආණ්ඩුවෙන් නෙවෙයි.. එංගලන්තෙන් හෝ අමෙරිකාවෙන් (මට රට හරියටම මතක නෑ..

    මේ දෙකෙන් එකක්..) .. හෙහෙ.. දැන් උඹට තේරෙනවනේ නැට්ට පාගාගෙන දඟලන්නේ

    වෙන කවුරුත් නෙවෙයි උඹ මයි කියල..



    :P:P:P
     

    sacosl

    Member
    Aug 10, 2006
    108
    13
    0
    Colombo-Kandy
    ශ්‍රී ලංකාව නිදහස් රටක් උනාට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන අපේ වියදමින් විශ්වවිද්‍යාල වලට ගිය උන් ම.... අපට.... අපේ වියදමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්න ඉඩක් නෑ.

    විභාගයට මුහුන ‍දෙන අවස්ථාවේ තිබුනු මානසික කායික පීඩනය නිසාම ෆේල් වෙන කී දාහක් ඉන්නවාද. උඹලගෙ ලක් එකට ගොඩ ගියා කියල අනිත් එවුන්ට ඉගන ගන්න තියෙන පාරවල් වහන්න එපා

    කුහක වෙන්න එපා
     

    Wal Bada

    Well-known member
  • 20% නෙමේ 200%ක් උනත් දාගන්න බැරියැ, කට්ටියට ඉන්න, කන්න, බොන්න, practical කරන්න ඉඩ තියෙනවනම්,

    ප්‍රයිවෙට් එකේ exam ලේසියි කියල කවුද දේයියනේ ඔයාට කිවුවේ. ??????

    :P:P:P:P:P:P:P:P
    ඒක දනට එහෙමයි කියල කවුද දෙයියෝ කිවුවේ? මම කියන්නේ වෙන්න ඉඩ තියෙන දෙයක් ගැන.:P:P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    මචන් ඔය ප්‍රස්නෙ අහලා වැඩක් නෑනෙ. මේ අයියලා, එන් ඩී ටී කරන එවුන්ට ප්‍රැක්ටිකල් එකක් කරන්න විශ්වවිද්‍යාලයේ ලැබ් එකක් පාවිච්චිකරන්න නොදෙන, පුස්තකාලයෙන් පොතක් දෙනවට විරුද්ද කාළකන්ණි ජාතියක්නෙ.

    machan nikam kata thibuna kiyala ohomama boru kiyanna epa. saduda uni arinawa. awith balapan. ehema NDT ayata lab use karanna nodena scene ekak na. ewagema NDT aya ona tharam library eka use karanawa. awith balapan. poth wala kochchara NDT student ID thiyenawada kiyala.
     

    Wal Bada

    Well-known member
  • ඔය තර්ක ගොඩ නගන්නේ විශ්ව විද්‍යාලයක් ඉගැනීම සම්පූර්ණ කරන්න පුලුවන් බැරිද යන්න තීරණය කරන්න උසස්පෙල විභාගය සුදුසුයි කියන තර්කය මත.

    ඒ වුනාට ලෝකෙ හොඳම විශ්වවිද්‍යාල වශයෙන් පිලිගැනෙන හාවර්ඩ්, යේල් ඔකස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල ව්ලට වගේම ඊට පහලින් තියෙන හොඳ විශ්වවිද්‍යාලත් උසස්පෙල විතරක් නෙමෙයි අමෙරිකන් සැට් 1 හා සැට් 2 විභාගත් ඉහලින් ගනන් ගන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේම තක්සේරු ක්‍රම නිර්මාණය කරගෙන තියෙනවා සිසුන්ගේ හැකියා ව මනින්න A සාමාර්ථ 3ක් තිබ්බා කියලම ඒවගේ විශ්ව විද්‍යාලවලට ගන්නේ නෑ



    මචන් ඔය ප්‍රස්නෙ අහලා වැඩක් නෑනෙ. මේ අයියලා, එන් ඩී ටී කරන එවුන්ට ප්‍රැක්ටිකල් එකක් කරන්න විශ්වවිද්‍යාලයේ ලැබ් එකක් පාවිච්චිකරන්න නොදෙන, පුස්තකාලයෙන් පොතක් දෙනවට විරුද්ද කාළකන්ණි ජාතියක්නෙ.

    පුද්ගලික ළමයි ආවොත් මුන් උන්ව මරලා දාලා ඒක සාධාරිණීකරනය කරලා මිනීමරුවන් නිදහස් කරව් කියලා කැම්පස් වහගෙන පෙලපාලි යයි.

    මම දන්න විදියට නම් ඔක්ස්ෆර්ඩ් එකට ලන්ඩන් ඒ ලෙවල් වල ඒ-3ක් තිබුණම ඇති. උසස් පෙළ 100% සාර්ථක ක්‍රමයක් නෙවෙයි. නමුත් ඒක ලෝකෙ තියෙන අනිත් තෝරා ගැනීමේ විභාග එක්ක බලද්දි එච්චරම නරකත් නෑ. උසස් පෙළ evaluation එක වෙනස් වෙනව නම් හොඳයි. හැබැයි ඉතින් අපේ උසස් පෙළ ලන්ඩන් උසස් පෙළ ගානට පහතට වැටුනොත් නම් වැඩක් නෑ.

    මම කියපු විදියට කලාම ඔක්කොම අය එකම පාඨමාලාවෙ අය බවට පත්වෙනවා. ඉංජිනියරින් / එන්.ඩි.ටී. වගේ බේදයක් එතකොට එන්නේ නෑ. මොකද ඔක්කොම එකම බැච් එකක් නිසා.
     

    Wal Bada

    Well-known member
  • මචන් වල්ගෙ පාගාගෙන ඉන්නේ උඹ.. පොල් කඩන මිනිහ කෑ ගහනවද "පෞද්ගලික විශ්විද්‍යාල එපා.. දුප්පත් අයට එකෙන් ප්‍රශ්න ඇති වෙනවා" කියල? නෑ මචන්.. එහෙම කෑ ගහන්නේ උඹල.. එකයි මම උඹෙන් ඇහුවේ තර්කෙ මතු කරන උඹලට ඔච්චර කැක්කුමක් තියෙනවනම් එහෙම කරන්නේ නැත්තේ ඇයි කියල..
    ඒකට උත්තර විදියට තමයි මම කිවුවේ කිසිම කෙනෙක් තමන්ගේ සේවය නිකම් දෙන්නේ නෑ කියල. පොල් කඩන පොර වුනත් එහෙමයි. ටොයිලට් හෝදන පිනිහ උනත් එහෙමයි. අපට පඩියක් ගෙවනවා. අපි ඒ පඩියට හරියන විදියට වැඩ කරනවා.

    ඊළඟට උඹල දැන් කියනවා තියෙන විශ්ව විද්‍යාල වලට සල්ලි ගෙවල ඉගෙන ගන්න ක්‍රමයක් ගැන.. එකට මම උත්තර දෙන්න කලින් මම උඹට කියන්නම් ඔය අදහස කොහොමද අවේ කියල.. උඹලට කලින් ඔහොම අදහසක් තිබුනේ නෑ.. එත් දැන් කට්ටිය උඹලට විරුද්ධ බව තේරුන නිසා තමයි ඔය අදහස ගෙනෙල්ල හරි ගොඩ යන්න හදන්නේ..
    ඔබතුමා මෝඩයෙක් කියල පෙන්වන්න එපා. මෙන්න මම මේක ලියල තියෙන්නේ 2009 ජූනි 09 වෙනිදා. මෙතන එවුන් කියන කියන පදයට මගේ ස්ථාවරය මම වෙනස් කරල නෑ

    මේ නයින් බලන කල පුද්ගලික වෙද විදුහල් අවශ්‍යතාවයක් වුව ද ඒ සඳහා වූ මූලික කරුණු ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වී නොමැත. මේ කරුණු සම්පූර්ණ වන තුරු රජයේ වෙද විදුහල් වලට ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගත හැකි වනු ඇත. විශ්වාසදායී ශිෂ්‍ය ණය ව්‍යාපාරයක් ඇති විය යුතු අතර, පුද්ගලික වෙද විදුහල් ඇති වන්නේ නම් ඒවා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් විය යුතු අතර රජයේ වෙද විදුහල් සමඟ පොදු විභාග පටිපාටියකට එක විය යුතුය. මීට වසර 20 කට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත සිදු වීම් එවිට අපට දකින්නට නොලැබෙනු ඇත.

    උඹලගේ ඔය අදහසත් කිසිම ප්‍රයෝගික අදහසක් නෙවෙයි .. මචන් දැනටමත් මොරටුව විශ්ව විද්‍යාලේ තියෙන NDT එකෙයි ඉංජිනේරු පිඨයෙයි කොච්චර වලි යනවද? NDT කියන්නේ සල්ලි දීල කරන එකක් නෙවෙයි වෙලත් එතන ගොඩක් ප්‍රශ්න .... උඹ හිතනවද සල්ලි ගෙවන සෙට් එකකුයි, නොගෙවන සෙට් එකකුයි එකට දැම්මොත් උන්ට කවදාවත් ඩිග්රි එක ඉවර කරන්න පුළුවන් වෙයි කියල??

    ව්ලගෙ පාගගන්න එපා. මෙතන ඉන්නේ එකම උපාධිය කරන එකම පිරිසක්. වෙනස කොටසක් සල්ලි ගෙවලා එන එක. ඔවුන්ට ලැබෙන සියලුම සම්පත් සමානයි. මේ ක්‍රමේට බය මොකද කියල මට තේරෙනවා. යටිහිතින් ඔයගොල්ල දන්නවා උසස් පෙළ හොඳට කරන අය දක්ෂයන් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි කියල. ඒ අය එක්ක නැතුව වෙනම කණ්ඩායමක් විදියට උපාධිය කරන්න හදන්නෙ ඒකනෙ

    උඹලගේ පුහු තර්ක මචන් කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ... අනික උඹල කියනවා පෞද්ගලික විශ්ව විද්‍යාල වල විභාග ලේසි වෙනවලු.. උඹට කව්ද ඕක කිව්වේ? අධ්‍යාපන ඇමති ද? නිකන් බොරුවට කලබල වෙලා දඟලන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලල කතා කරන්න නේද.. මේ ලෝකේ මොන රටක හරි විශ්ව විද්‍යාලයක්.. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නකොට නියමිත ප්‍රමිතියකට තියෙනවද කියල බලනවා.. එහෙම ප්‍රමිතියකට නැත්තම් පටන් ගන්න දෙන්නේ නෑ..

    ආ ඇත්තද? එතකොට මොකද ඔය මාලබේ එකේ උපාධිය වෛද්‍ය සභාවෙන් පිළිගන්නේ නෑ කියද්දිත් සිසුන් ඇතුල් කර ගන්නේ? ඒ අයට ලංකාවේ වෛද්‍යවරුන් විදියට සේවය කරන්න හම්බ වෙන්නේ නෑ. ඒත් හොරපාරෙන් යවන්න බලාගෙන ඒක පටන් ගන්න යනවා.
    මම පාස් වෙච්ච වෛද්‍ය කණ්ඩායමේ 987ක් ඉන්නවා. 688ක් රජයේ උපාධි. 299 ක් පුද්ගලික උපාධි. ඔය 688න් 270 - 300ක් වෙනකම් පිරිසක් දනට postgraduate trainees ල. අර 299 අයගෙන් එහෙම ඉන්නේ 5ක් විතර. මොකද පශ්චාත් උපාධි පරීක්ෂණය පොදු එකක්. MBBS පරීක්ෂණය එක එක විශ්වවිද්‍යාලයට ඕන විදියට. උපාධියේ වෙනස පැහැදිලියිනෙ?


    මේක කරන්න මෙහෙ ආණ්ඩුවෙන් නෙවෙයි.. එංගලන්තෙන් හෝ අමෙරිකාවෙන් (මට රට හරියටම මතක නෑ.. මේ දෙකෙන් එකක්..) .. හෙහෙ.. දැන් උඹට තේරෙනවනේ නැට්ට පාගාගෙන දඟලන්නේ වෙන කවුරුත් නෙවෙයි උඹ මයි කියල..
    මට මැරෙන්න හිනා යනවා. ලංකාව ඇතුලේ තියෙන උපාධියකින් පිටවන් වෛද්‍යවරුන් ලංකාවට් සුදුසුද නැද්ද බැලීම ලංකාවේ වැඩක්. ඒකට තමයි වෛද්‍ය සභාව තියෙන්නේ. ඒ අය තමයි විෂය නිර්දේෂය අධ්‍යයනය කරන්නේ. බොරු කියලා නෝන්ඩි වෙන්න එපා.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • 20% නෙමේ 200%ක් උනත් දාගන්න බැරියැ, කට්ටියට ඉන්න, කන්න, බොන්න, practical කරන්න ඉඩ තියෙනවනම්,
    වියදම ආයෙත් ගන්න පුළුවන් කියල පෙනෙනව නම් සම්පත් වැඩිකරගන්න එක මහලොකු වැඩක් නෙවෙයි. කොළඹ වෛද්‍ය පීඨයට අද උනත් අමතර 15ක් ගන්න පුළුවන්. එහෙම කළත් සායනික කණ්ඩායමකට වැඩිවෙන්නේ එක්කෙනෙක් විතරයි. කොළඹ දැනටත් පිටරටවල් වල සිසුන් සීමිත ගණනක් ගෙවීමේ පදනම අනුව ඇතුල් කර ගන්නව. කිසි කරදරයක් නැතුව ඒ අය ඉගෙන ගන්නවා.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අනික මම අහපු ප්‍රශ්නෙට ඔයාට උත්තරයක් නෑ. වෙන වැල් බයිල විතරයි කියල තියෙන්නේ. රජයේ වි.වි. වලට පුද්ගලික සිසුන් ඇතුලත් කර ගැනීමට එකඟ නැත්තේ ඇයි?

    ubalata adu gaane sama sudusukam aran uni 1ta ena unta wadhagath vidiyakata study karanna bari kota ubalata wada adu sudusukam aran ena unta mal daala kiss karala sup 1 dei ne ban untath paaduwe igenaganna.oka ohoma karama ubala kaagahanne elagata sudusukam thiyena unui nathi unui okkoma 1 ta lecs gihilla 1ma xam karanawa ,eka saahenna asadaranai kiyala. rata ta barak nathnan gihin ahinsaka minihek ta beheth tikak deepanko, rata ta bara na kiyanne A/L pass wela campus yana 1 newei ban.anika uba kiyanawa pol kadana ekath salli gannawa kiyala, pol kadana ekawa kohomada ban dokek ta samana karanne,, ubala padi wadi karaganna ehema marenna watila inna duppath minissu diha ahak arala balanawada wal badooooo, ethakota ubala oya rakinna hadana podi miniha malath kamak naa.wada kaarayo kaagahanne na ban mama wadakaru kiyala,uba kakul 2 putuwa uda thiyan wenna athi ratata bara naa kiyanne.:P
     
    Last edited:

    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    ඒක දනට එහෙමයි කියල කවුද දෙයියෝ කිවුවේ? මම කියන්නේ වෙන්න ඉඩ තියෙන දෙයක් ගැන.:P:P

    වෙන්න ඉඩතියෙන දෙවල් නෙමේ, වෙන දේවල් ගෙන කතා කරපන්, students ලගෙ සල්ලි වලට exam ලේසි කරන්නෙ නෑ මචෝ, එහෙම කලොත් ටික දවසකින් uni එක වහන්න වේයි. මොකද මුළු රටම Doc ලගෙන් පිරේයි. මොඩ කතා කියන්න එපා බං.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම දන්න විදියට නම් ඔක්ස්ෆර්ඩ් එකට ලන්ඩන් ඒ ලෙවල් වල ඒ-3ක් තිබුණම ඇති.


    නැහැ....

    London AL A3 කට ඔක්ෆර්ඩ්, කේම්බ්‍රිජ් යනවා බොරු.

    ඔක්ස්ෆර්ඩ්/කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලට අයදුම් කරන්න "අවම සුදුසුකම" තමයි A3.

    ගිය අවුරුද්දෙ Colombo International School (CIS) එකේ විතරක් A3 තියෙන ලමයි 20ක් විතර හිටිය බව මම හොඳට දන්නවා. අනෙක් ඉස්කෝලත් එක්ක ලංකාවෙම A3 තියෙන ලමයි අඩුම ගානෙ 100ක් වත් ඉන්න ඇති. ඔක්ෆර්ඩ් එකට ගිය අවුරුද්දෙ ගත්තෙ ලංකාවෙන්ම ළමයි 3න් දෙනයි.

    ඉන් එක ළමයෙක් මම පෞද්ගලිකව හඳුනනවා. ඒ ළමයා Royal College එකෙන් ලන්ඩන් උසස් පෙල කරන්න හොඳම international school එකකට ශිෂ‍යත්වයකින් තේරුනා.

    ඒ ළමයා නවයේ පංතියේ ඉන්නකොට ඉංග්‍රීසි භාශාවෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලියපු ලියලා පලකරපු, හැම විෂයකටම ලකුණු 100% ගත්තු පුදුම දක්ශ ළමයෙක්.
     

    sacosl

    Member
    Aug 10, 2006
    108
    13
    0
    Colombo-Kandy
    ඔයා නැවතත් ඔයාගේ නොදැනුම පෙන්නනවා. පිටරටින් මොන වෛද්‍ය උපාධි ගහලා ආවත් ලංකාවේ විභාගයකට (Act 16) මුහුණ දෙන්න ඕන (වෛද්‍ය පණතේ 16 වැනි වගන්තියට අනුව). එහෙම පාස් වෙන අයට විතරයි වෛද්‍ය සභාවේ ලියපදිංචිය ලැබෙන්නේ. (ඒක නැතුව බෙහෙත් දෙන්න බෑ).

    අනික ඔය දාපු කොමෙන්ට් එක කින්ඩියට දාපු එකක්. ඒක ඔය තරම් බරපතලව ගණන් ගන්න එපා. S 3 ක ගන්න කෙනා වෛද්‍ය අධ්‍යාපනයට සුදුසු නෑ කියලයි මම නම් හිතන්නේ. නමුත් අර කලින් කිවුව විදියට රජයේ වි.වි. වලට ගෙවීමේ පදනමින් ඇතුලු වෙලා එකම විභාග කරලා බහුතරයකට සමත් වෙන්න පුළුවන් බව පෙන්නුවොත් මම මගේ අදහස වෙනස් කරගන්න කැමතියි. එතෙක් මම හිතන්නේ B3 වත් නැති කෙනෙක් වෛද්‍යවරයෙක් නොවිය යුතු බවයි.
    මචං
    උඹ කියන විදිහට බී 3ක් ගත්ත කෙනෙක්වත් වෛද්‍යවරයෙකු වෙන්න හොඳ නෑනේ...
    ඒත් මචං පොඩ්ඩක් හොයල බලපං... දැං ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරුන් කී දෙනෙකුට ලංකාවෙ වෛද්‍ය උපාධියක් තියෙනවාද කියලා....

    හොඳට බැලුවොත් හොයාගන්න පුළුවං එයාල උපාධි කරල තියෙන්නේ ලෝකයේ නම ගිය විශ්ව විද්‍යාලවල සල්ලි වලට, එක්කො රුසියාවෙ හරි එංගලන්තෙ හරි. (ලංකාවෙ උපාධිධාරීනුත් පස්සෙ යන්නෙ ඒවටමයි)

    උඔට තවත් පුළුවන්නං අහල බලපං ඒ විදිහට පිටරට උපාධියක් අරගෙන ඉන්න කෙනාගෙ උසස් පෙළ ප්‍රතිඵල ගැන.... සමහර විට සී 2/3 ක් එස් පාස් එකක් වගේ වෙන්න පුළුවන් (ලංකාවෙ ඒ උපාධියට ළකුණු මදි නිසානෙ රට ගියේ)

    සමහරවිට මේ විදිහට ප්‍රතිඵල අරගෙන ඉල්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව කියල ‍දෙන මහාචාර්ය වරයාම වෙන්න පුළුවං....
     

    Wal Bada

    Well-known member
  • නැහැ....
    London AL A3 කට ඔක්ෆර්ඩ්, කේම්බ්‍රිජ් යනවා බොරු.

    ඔක්ස්ෆර්ඩ්/කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලට අයදුම් කරන්න "අවම සුදුසුකම" තමයි A3.

    ගිය අවුරුද්දෙ Colombo International School (CIS) එකේ විතරක් A3 තියෙන ලමයි 20ක් විතර හිටිය බව මම හොඳට දන්නවා. අනෙක් ඉස්කෝලත් එක්ක ලංකාවෙම A3 තියෙන ලමයි අඩුම ගානෙ 100ක් වත් ඉන්න ඇති. ඔක්ෆර්ඩ් එකට ගිය අවුරුද්දෙ ගත්තෙ ලංකාවෙන්ම ළමයි 3න් දෙනයි.

    ඉන් එක ළමයෙක් මම පෞද්ගලිකව හඳුනනවා. ඒ ළමයා Royal College එකෙන් ලන්ඩන් උසස් පෙල කරන්න හොඳම international school එකකට ශිෂ‍යත්වයකින් තේරුනා.

    ඒ ළමයා නවයේ පංතියේ ඉන්නකොට ඉංග්‍රීසි භාශාවෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලියපු ලියලා පලකරපු, හැම විෂයකටම ලකුණු 100% ගත්තු පුදුම දක්ශ ළමයෙක්.
    උඹ කිඅය්න කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යතව නම් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. ඒව කොහොම හරි අපේ දේශපාලුවෝ ටිකගෙ ළමඉ ඩැහැ ගන්නවා.

    මම 1996 දී ඒ ලෙවල් වලින් 11. 1997 ලන්ඩන් ඒ ලෙවල් වලින් ආසියාවෙන් 3 වෙනියා. හැබැයි ඔක්ස්ෆර්ඩ් එකේ ශිෂ්‍යත්වය ගත්තේ කොහේවත් නැති දේශපාලුවෙගේ දුවෙක්. පිටරට විශ්ව විද්‍යාල ඔය කියන තරම් සාධාරණ නෑ කියලයි මම හිතන්නේ. නැත්නම් ආසියාවෙන් 2, 3, 7, 9 හිටපු හතර දෙනාට ඕක නොලැබී වෙනම කෙනෙක්ට හම්බ වුනේ කොහොමද?