ආණ්ඩුවේ_මැරයෝ_ආබාධිත_සෙබළුන්ට_පහර_දෙති

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ආණ්ඩුවේ_මැරයෝ_ආබාධිත_සෙබළුන්ට_පහර_දෙති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති නිර්මල කොතලාවලගේ මැර කණ්ඩායමක් අද අළුයම හොරණ ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවන් පිරිසකට පහර දී ඇත. මෙසේ ආබාධිත රණවිරුවන්ට පහර දී ඇත්තේ හොරණ, ගල්පාත ප්‍රදේශයේදීය. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ආබාධිත සෙබළුන් තිදෙනෙක් මේ වන විට හොරණ මූලික රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

ලබන සඳුදා දින හොරණදී පැවැත්වෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජන රැලියේ කටයුතු වෙනුවෙන් තමන්ට හැකි ආකාරයේ සහයක් ලබා දීමට පැමිණ ඇති මෙම ආබාධිත රණවිරුවන් ආපසු යමින් සිටියදී මෙසේ ආණ්ඩුවේ මැරයින් විසින් පහරදී ඇත. පහරදීමේදී මෙම මැරයින් පවසා ඇත්තේ "තොපි කොහොමද මෙහෙ ජෙනරාල්ගේ වැඩ කරන්නෙ" යනුවෙනි. එමෙන්ම පහරදීමේදී පරුෂ වචනයෙන් ද බැන වැදී ඇත.


from :LT
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........



හොඳ වැඩෙ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යන්න හදනවට....දේශපාලනෙන් අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය ටික තමා....