ආන්ඩුවේ වැඩ ගැන සතුටක් නෑ, එහෙම සතුටුවෙන්න මේක perfect ආන්ඩුවක් නෙමෙයි. කොරෝනා නිසා ආන්ඩුව ෆේල් නොකියමි. ආන්ඩුව වෙයිද්‍යවරු අනුමත කල ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් නොවූවත් බොහෝදුරට පිලිපැද්ද අනිත් කාරණය දෙවැනි රැල්ල එනවිට මාස පඩි කාරයන් ලොක්ඩව්න් ලොක්ඩව්න් යයි හුරේ තැබුවත් ප්‍රදේශ පමණක් හුදකලා කර ආර්තිකය පවත්වා ගැනීමට උත්සාහ කිරීම.
එහෙත් අනිත් කාරණා විශාල ප්‍රමාණයකින් ආන්ඩුව ෆේල්. සතුටුවියහැකි කාරණා ඇත්නම් ඒ 20A සම්මත කිරීම(ද්විත්ව පුරවැසි කතාව හැර), මානවහිමිකම් කවුන්සිලයේ රටට අහිතකර යෝජනා වලින් ඉවත් වීම, වුර්තිකයන් යම්තාක් දුරකට හෝ රාජ්‍ය ආයතන වල ප්‍රදානින් කිරීම, ආනයන සීමා කිරීම සහ දේශීය කර්මාන්ත නගා සිටුවීමට උත්සාහ කිරීම, බෙහෙත් වැනි දෑ රට තුලම නිපදවීම, ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ඩිජිටල් කරණය වගේ දේවල් තමයි. සාපේක්ෂව ගතහොත් යහපාලනය සහ මේ ආන්ඩුව අතර වෙනසක් නැත.

දේශපාලන පක්ශ දෙකම campaign finance reform අත ගහන්නෙ නැත්ත හේතුව මේකයි. මට අර දේශපාලන කඩේ යන උන් දැක්කමත් දුකයි. පව් කොල්ලො. චන්දෙ දෙන එකාට වඩා funding කරන එකා තමයි ඇමරිකාවෙ වුනත් වැදගත්. අර මහ ජාතිකවාදිය ආපු ගමන් කලේ sand permit අයින් කල එකනේ.රට අරන් යන්නේ ජනාධිපති නෙමෙයි. යට ඉන්න නොන් පොලිටිකල් උන්. Plan ටිකක් ගහලා පොලිටිකල් ලොක්කොන්ට යවනවා. 80%ක්ම වෙන්නේ ඕක.
කොරොනා මර්දනය ගැන මන් මධ්‍යස්ථයි. ලස්සනට පලවැනි එක කොන්ට්‍රොල් කරන්, පන්සල්, පල්ලි ජනතාව රොතු පිටින් ගැවෙසෙන තැන් ඕපන් කරා. කොරොනා හැදුනොත් ත්‍රස්ථවාදියෝ වගේ ඇදගෙන ගියේ ඒකෙන් ගොඩක් මිනිස්සු හංගන්න පටන් ගත්තා.
ටැක්ස් අඩු කරපු එක තදින්ම තේරැන්නේ බඩු ගනන් යනකොට. Rich get richer poor ger poorer. සල්ලි තියන උන්ගේ ටැක්ස් අඩු කරා. මන් මේකට විරුද්දයි.
ඔය කැම්පේන් වලට සල්ලි පම්ප් කරන බිස්නස් කාරයෝ ඉන්නවා, දිලිත් ල වගේ සෙට් එකක්. උන්ට ඕන විදිහකට නීති හදගන්නවා.
අනාවැකියක් කියන්නම්. පලාත් සභා හෝ ඊට කලින්, හකිම්, බදුර්දීනුයි රජයට එකතු වෙනවා. ඒක ලාවට හින්ට් එක 20ට උන්ගේ පක්ෂයේ උන් එකඟ වෙලා අරුන් විරුද්ධ වීම. මිනිස්සුන්ව ශේප් එකේ රවට්ටපු එක තමයි කරේ.
අපේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහය හදල තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය එක්ක. 19න් කරේ ඒකෙ බලය අඩු කරල අගමැති බලවත් කරන එක. ඒක මෙයිත්‍රීපාල කිව්ව වගේ එක බස් එකක් ඩ්‍රයිවර්ල දෙන්නෙක් ඉන්න system එකක්. ඒකෙ ප්‍රතිපල අපි හොඳටම අත් වින්දනෙ.20 සම්මත කිරීම ...???
20 වෙනි සංශෝධනයේ තියෙන හොද මොනවද බන් ...???
ආනයන සීමා කරලා තියෙන්නේ ආනයන හා අපනයන අතර වියදම පියව ගන්න ආන්ඩුවට විදේශ සංචිත නැති නිසා නේද ..??
ඔව් අනිවාර්යෙන් , අපිට ඕන විදිහට ආණ්ඩුව ලස්සනට ගේම ගහනව,![]()
![]()
aththatm imports nawaththanna reason ek foreign exchange nathi vima, nathuw me ape un deshiya eva naga situwanna karapu deyak neme, anik completely nawaththala na 120 days walin pay karanaw nm genna puluwanඅපේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහය හදල තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය එක්ක. 19න් කරේ ඒකෙ බලය අඩු කරල අගමැති බලවත් කරන එක. ඒක මෙයිත්‍රීපාල කිව්ව වගේ එක බස් එකක් ඩ්‍රයිවර්ල දෙන්නෙක් ඉන්න system එකක්. ඒකෙ ප්‍රතිපල අපි හොඳටම අත් වින්දනෙ.
අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනෙනම් තනිකරම අලුත් ව්‍යුහයක් එක්ක නව ව්‍යවස්ථාවක් ගේන්න වෙනව අලුත් මැතිවරණ ක්‍රමයක් සමග.ඒ මැතිවරණ ක්‍රමය තුල එක් පාර්ශවයකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටවන්න අවකාශ තියෙන්න ඕනෙ. උදාහරණයක් විදියට ජනාධිපති නාම මාත්‍රිකයි අගමැති ෆුල් බලවත් කියල හිතමු. එතකොට ආන්ඩුව දත වගේ එක එක සුලු පක්ශ වල සහයෝගය මත දිව්වොත් රටම අවුල්. අනුර කියනව වගේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කුනු මාලු වගේ සල්ලිවලට විකිනෙන මන්ත්‍රීල. ඉතින් ෆුල් බලවත් අගමැති පත් කිරීම උන්ගෙ අතට ගියොත් හිතාගන්න පුලුවන්. මේ දැනට පවතින ක්‍රමය තුල කැමති උනත් අකමැති උනත් ජනාධිපති තෝරගන්නෙ මේ රටේ ජනතාව. පත්වුනාට පස්සෙ සල්ලිවලට වෙනස් කරන්න බෑ ඒක.
අනිත් ප්‍රදානම කාරණය තමයි මේ ව්‍යවස්ථාව තුල විධායකය සමග බැදෙන 13 වෙනි සංශෝධනය. මේකතුල විධාකයේ ඇති බැමි ලෙහුවොත් අපේ රට තවදුරටත් ඒකීය රටක් නෙමෙයි.
ඒක නිසා මගේ මතය නම් මේ ව්‍යවස්ථාව පවතිනතුරු ජනාධිපති ශක්තිමත් විය යුතුයි. Ideally හොඳම වැඩේ මේ ඔක්කොම නැතුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි.
------------
ආනයන නැවැත්වීමට හේතුව ආනයන අපනයන gap එක අඩු කිරීම තමයි එයින් දේශීය කර්මාන්ත නැගී සිටීම සිදුවෙනව. උදාහරණයක් ලෙස පහුගිය දිනක පාඩු ලැබූ එතනෝල් නිපදවන සමාගමක් ඉතා විශාල ලාබ ලැබුව. ඒවගේම දැනට රටතුල ප්ලාස්ටික් වැනි දෑ නිපදවන සමාගම්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මේවගේ දේවල් නෙමෙයි සරුගංල් වැනි දෑ පවා අනවශ්‍ය ලෙස පිටරටින් ගෙන එන එක නැවැත්වීම හොඳ දෙයක් නොවේද? බෙහෙත් රට තුල නිපදවීම හොඳ දෙයන් නොවේද? ආනයන පාලනය කොට ටිකින් ටික දේශිය නිශ්පාදින වැඩිදියුණු කරගතහොත් කලක් යනවිට එම නිශ්පාදින අපනයන කිරීමට පවා හැකිවේවි. එවිට කෙදිනකහෝ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වේවි. නමුත් එය නම් බොහෝ දුරය. ඒ දෙස තැබූ සාර්ථක පියවරක් ලෙස මෙය දකිමු. සිරිමාවෝ මෙන් අත්තනෝමතික පිස්සු විකාර ලෙස ආනයන සීමා කිරීමක් ගැන නොවේ මා අදහස් කරන්නෙ.
අපේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහය හදල තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය එක්ක. 19න් කරේ ඒකෙ බලය අඩු කරල අගමැති බලවත් කරන එක. ඒක මෙයිත්‍රීපාල කිව්ව වගේ එක බස් එකක් ඩ්‍රයිවර්ල දෙන්නෙක් ඉන්න system එකක්. ඒකෙ ප්‍රතිපල අපි හොඳටම අත් වින්දනෙ.
අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනෙනම් තනිකරම අලුත් ව්‍යුහයක් එක්ක නව ව්‍යවස්ථාවක් ගේන්න වෙනව අලුත් මැතිවරණ ක්‍රමයක් සමග.ඒ මැතිවරණ ක්‍රමය තුල එක් පාර්ශවයකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටවන්න අවකාශ තියෙන්න ඕනෙ. උදාහරණයක් විදියට ජනාධිපති නාම මාත්‍රිකයි අගමැති ෆුල් බලවත් කියල හිතමු. එතකොට ආන්ඩුව දත වගේ එක එක සුලු පක්ශ වල සහයෝගය මත දිව්වොත් රටම අවුල්. අනුර කියනව වගේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කුනු මාලු වගේ සල්ලිවලට විකිනෙන මන්ත්‍රීල. ඉතින් ෆුල් බලවත් අගමැති පත් කිරීම උන්ගෙ අතට ගියොත් හිතාගන්න පුලුවන්. මේ දැනට පවතින ක්‍රමය තුල කැමති උනත් අකමැති උනත් ජනාධිපති තෝරගන්නෙ මේ රටේ ජනතාව. පත්වුනාට පස්සෙ සල්ලිවලට වෙනස් කරන්න බෑ ඒක.
අනිත් ප්‍රදානම කාරණය තමයි මේ ව්‍යවස්ථාව තුල විධායකය සමග බැදෙන 13 වෙනි සංශෝධනය. මේකතුල විධාකයේ ඇති බැමි ලෙහුවොත් අපේ රට තවදුරටත් ඒකීය රටක් නෙමෙයි.
ඒක නිසා මගේ මතය නම් මේ ව්‍යවස්ථාව පවතිනතුරු ජනාධිපති ශක්තිමත් විය යුතුයි. Ideally හොඳම වැඩේ මේ ඔක්කොම නැතුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි.
------------
ආනයන නැවැත්වීමට හේතුව ආනයන අපනයන gap එක අඩු කිරීම තමයි එයින් දේශීය කර්මාන්ත නැගී සිටීම සිදුවෙනව. උදාහරණයක් ලෙස පහුගිය දිනක පාඩු ලැබූ එතනෝල් නිපදවන සමාගමක් ඉතා විශාල ලාබ ලැබුව. ඒවගේම දැනට රටතුල ප්ලාස්ටික් වැනි දෑ නිපදවන සමාගම්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මේවගේ දේවල් නෙමෙයි සරුගංල් වැනි දෑ පවා අනවශ්‍ය ලෙස පිටරටින් ගෙන එන එක නැවැත්වීම හොඳ දෙයක් නොවේද? බෙහෙත් රට තුල නිපදවීම හොඳ දෙයන් නොවේද? ආනයන පාලනය කොට ටිකින් ටික දේශිය නිශ්පාදින වැඩිදියුණු කරගතහොත් කලක් යනවිට එම නිශ්පාදින අපනයන කිරීමට පවා හැකිවේවි. එවිට කෙදිනකහෝ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වේවි. නමුත් එය නම් බොහෝ දුරය. ඒ දෙස තැබූ සාර්ථක පියවරක් ලෙස මෙය දකිමු. සිරිමාවෝ මෙන් අත්තනෝමතික පිස්සු විකාර ලෙස ආනයන සීමා කිරීමක් ගැන නොවේ මා අදහස් කරන්නෙ.
වෙනසක් නෑ පරක්කු වෙලා හරි ඒක වීගෙන යනව.ලොල් අපේ ආණ්ඩුව තිබ්බ හින්ද මෙහෙම හරි ගේම ගහනව අර මෝඩ පුතා ආව නම් ඌත් වලේ මෙලහට කොරෝනා හැදිල..
අපෝ නෑ 17යි 19යි ඊට ගොඩක් වෙනස්. 17න් කරේ ස්වාදීන කොමිශන් සභා ඇතිකරල ජනාධිපතිගේ බලතල regulate කරනව වගේ වැඩක් මිසක් ජනාධිපති බලතල වලින් කොටසක් අගමැතිට දීපු එක නෙමෙයි. 17 ගෙනාව කියල ජනාධිපතිට අගමැති පත්කිරීම, අමාත්‍යවරු පත් කිරීම, අමාත්‍යාංශ තමන් යටතේ තබාගැනීමට නොහැකි උනේ නෑ.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ගොඩාක් දුරට එක වගේ මචන්..ජනාධිපති ධූර කාලය අවුරුදු 5 කිරීම පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක් යනකන් විසුරවන්න බැරි වීම වගේ දේවල් විතරයි වෙනස්..17 වෙනි සංශෝධනය තියාගෙන යුද්දෙත් දින්නා නම් අනිත් ඒවා ගැන කවර කතාද බන්..සිරා ජනාධිපති ධූරය භාවිතා කරපු විදිහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මනින්න එපා.20 වෙනි සංශෝධනය කියන්නේ තනි පුද්ගලයකු වටා බලය රැස් කරන අරමුණින්ම හදපු එකක්.ඒකෙන් රටකට යහපතක් වෙන්නේ නෑ..වෙන රටවල් වල බලපන්කෝ බලය විමධ්‍යගත කරලා තියෙන්නේ කොහොමද කියලා..එතකොට තේරෙයි 20 වෙනි සංශෝධනය අවුල් කියලා..