ආතතිනන්දට අභියෝගයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආතතිනන්දට අභියෝගයක්

නීතිඥ එල්මෝගෙන් ආතතිනන්දට අභියෝගයක් දේශීය 2010 මාර්තු 05 වෙනි සිකුරාදා, 08:37
dayananda_disanayaka.jpg
ජනාධිපතිවරණය පැවැති පසුගිය ජනවාරි මස 26 වැනි දින සවස 3.30 සිට 27 වැනි දින සවස 4.30 වන තුරු තමන් සිටි ස්ථානය හැකි නම් ජනතාවට හෙළි කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිවේදී එල්මෝ පෙරේරා මහතා මැතිවරණ කොමසාරිස්වරයාට අභියෝග කරයි.


එම කාලය තුළ මැතිවරණ කොමසාරිස්වරයා සිය නිවසේ හෝ මැතිවරණ කාර්යාලයේ නොසිටි බව එල්මෝ පෙරේරා මහතා අවධාරණය කරයි. පෙරේරා මහතා මැතිවරණ කොමසාරිස්වරයාට එසේ අභියෝග කරන බව කියා සිටියේ වත්කම් හා බැරකම් නීතිය හා මැතිවරණයකදී එය ක්‍රියාත්මක කරවීම පිළිබඳව කළ විමසීමකදීය.

මැතිවරණ කොමසාරිස්වරයා මේ වන විට ක්‍රියාත්මකවන්නේ නාමික තත්ත්වයෙන් පමණක් බවත්, එසේ නොකොට සැබෑ ලෙසම ඔහුට ඔහුගේ සීමාව තුළ සෘජුව කටයුතු කිරීමට අවශ්‍ය නම් පනතේ බලතල ඔහුට හොඳින්ම ප්‍රමාණවත් බවත් හෙතෙම කියා සිටී.

එල්මෝ පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ අණ පනත්වලින් ඔහුට හිමිව තිබෙන බලතල හෝ ක්‍රියාත්මක නොකොට, ඒවායේ ඇති සුළු තාක්ෂණික දෝෂ මත එල්ලී සිටිමින් මැතිවරණ කොමසාරිස්වරයා රටම අගතියට ඇද දමන බවයි.

2000 වසරේ මහ මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයාම ගත් අඥාන තීන්දුවක් මත ඡන්ද පෙට්ටි මත, ස්ටිකර් ඇලවීමට ගොස් ඇතිවූ අර්බුදකාරී තත්ත්වයේදී තමා ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ඔහු අවංක පුද්ගලයෙකුය යන හැඟීමෙන් වුවද එහිදී ඔහු ආරක්ෂා කර ගැනීමෙන් තමාද වරදක් කළේය යන සිතිවිල්ල පළමු වතාවට තමා තුළද පැන නගිමින් තිබෙන බව එල්මෝ පෙරේරා මහතාගේ අදහසයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම අඥාන ක්‍රියාකලාපයන්ට සිය විරෝධයත්, විග්‍රහයත් දක්වා සියලු කරුණු ඇතුළත් ලිපියක් ඔහුට භාරදීමට තමා තීරණය කළ බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ එල්මෝ පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.