මම මේක සමාජීය රෝගයක්ද කියන්න දන්නෙ නෑ. විශේෂයෙන් ගැහැනු ළමයි අතර සුලබව දක්නට ලැබෙන ලෙඩක්. ඇතැම් පිරිමි ළමයි අතරත් විශේෂයි. වයස් කාණ්ඩය සාමාන්‍යයෙන් අවු 15 - 25 අතර වැඩිපුරම පෙන්නුම් කරනවා.
අපි ගෙදරදි වගේම ගෙදර පරිසරයෙදි හැසිරෙන හිතන විදිහට සාපේක්ෂව වෙනස්ම ලෝකෙක එළියට සමාජයට ආවම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මම මෙහෙම කියන්නම්කො...
එළියෙදි මුදල් ගෙවා හෝ නොගෙවා අපි වොෂ් රූම් පාවිච්චි කරනවා. කොච්චර පිරිසිදුවට තිබ්බත් වැලි ටිකක් හෝ පොඩි දුගදක් එනවනම් අපෝ ඈක්කා කියනවා. මෙහෙමනෙ මිනිස්සු හැසිරෙන්නෙ කියලා බණිනවා. විශේෂයෙන් යාලුවො යාලුවො එකට කතා කරනවා. ඒත් ඒ අයගෙ ගෙවල් වල වොෂ් රූම් ගන්න දෙයක් නෑ. සමහර වෙලාවට අර යන වොෂ් රූම් තරම් සීයට එකක් පහසුකම් ඇත්තෙත් නෑ. ඒත් එළියට ගියාම අමුතුම විදිහට රගපානවා.
ඇදුමක් ඇදගෙන යනකොට ඇති තරම් ඇද හොයනවා කොච්චර ලස්සන උනත් කැතයි ගැළපෙන්නෙ නෑ කියලා කතා වෙනවා. ඒ උනාට එහෙම කියන අය ඊට වඩා කැත ඇදුම් අදිනවා. සමහර වෙලාවට අනිත් අය ඇදගෙන යන ඇදුමක ගාණකට මෙයාලට ළං වෙන්න වත් බැරිවෙන්න පුළුවන්. ඒත් මග දිගට දකින අයගෙ ඇද හොයනවා.
අපි හිතමු කෑමක් කන්න ගියා කියලා. ඒක නම් ගෙවලා කන නිසා ඇද හොයන එක සාධාරණයි. නමුත් එහෙමවත් කෑමක් කන්න ගෙදර වත්කමක් නැති අය සෙනසුරාදා ඉරිදා පන්ති ගිහින් සල්ලි දාලා කෑම කාලා ඒකෙත් ඇද නොසෑහෙන්න හොයනවා.
අපි හිතන්න කුණු කාණුවක් ළගින් යනවා කියලා. වමනෙට එනවා අපෝ ඊයා මුන් මේවා සුද්ධ කරන්නෙ නෑ කියලා ජාතිය අමතනවා. ඒත් ගෙවල් වල ඇතුළෙත් ඊට වඩා ගදගහන තැන් තියෙනවා. ඒවා ගැන කිසිම ගාණක් නැහැ.
සමහරුන්ට ටවුමට ආවම පොඩි දුරත් පයින් යන්න අමාරුයි. අනේ අපි වීල් එකක් අරන් යමු අව්වයි. ඔච්චර දුර පයින් යන්න බෑ. එක එක කතා. ඒ උනාට ගෙදරට මහ පාරෙ ඉදලා කිලෝ මීටර් ගණන් මුන් ඩේලි පයින් යනවා. ටවුමට සෙට් එක ආවම ඉබේම ඒක අමතක වෙනවා.
කූඹියෙක් කෘමියෙක් ඇදන් ඉන්න ෂර්ට් එකේ තව කෙනෙක්ගෙ කෑම එකේ හිටියම පට්ටම විදිහට චාටර් කරනවා. ඒ උනාට උන්ගෙ ගෙවල් වල ගියාම බිත්තිවල රෙදිවල කූඹි වටකරගෙන සණකෙළි දානවා. උන් රෙදි ගසලා අයන් කරලා මේකප් එක දලා ටවුමට එනවා.ඒක උන්ට ඒ වෙලාවට අමතක වෙනවා.
කාටහරි වචනයක් වැරදුණාම ඇතිවෙන්න හිනාවෙනවා. සමහරුන්ට ඉංග්‍රීසි වගේ. ඒත් හිනාවෙන උන්ට එක වචනයක් කතා කරගන්න දැනුමක් නෑ. උන්ට වරදින වචනයක් ගාණෙ අමතක වෙනවා. ඒත් අනිත් උන්ට කට කපලා හිනාවෙනවා.
තව කෙනෙක් කලාත්මක වැඩක් උත්සාහ කරලා කළාම අපෝ වැඩක් නෑ. එහෙම කරන්න තිබ්බා මෙහෙම කරන්න තිබ්බා කියලා කියනවා. කිසිම විදිහකට අගය කිරීමක් නෑ. හැබැයි කියවන එකාට දශමෙක කරගන්න ඇති හැකියාවකුත් නෑ.
තව කෙනෙක්ගෙ ගෙදරක් වාහනයක් දැක්කම පාටෙ ඉදලා ඇද කියනව. එහෙම කියන උන්‍ටම ඉන්න හරිහමන් ගේකුත් නෑ. යන්න කියලා වාහනේකුත් නෑ.
අපි රංචු විදිහට පාරට බැස්සම නොකියන කුණුහරපයක් නෑ. යාලුවා එක්ක යනකොට පාරේ කෑ ගහන උන්ට හරක් කියලා බණිනවා. උන්ට අමතකයි උන් කල්ලි ගැහිලා කෑ ගහනකොට අර හරක් හොදයි කියලා. උන්ට බුද්ධියක් තියෙනවා නම් හිතෙන්න ඕන අපි යනකොටත් මේ විදිහටම පාරෙ අනිත් උන් හිතනවා ඇති කියලා.
සමහර වෙලාවට තැනකට බඩුවක් ගන්න ගියාම විශේෂයෙන් සුපර් මාර්කට් නැත්තම් ඇදුම් ෂොප් වලට හරි පොෂ් විදිහට හැසිරෙනව. වැඩ කරන අය පහළට දාලා අමුතු මානසික මට්ටමක් හදාගන්නවා. සමහර වෙලාවට ඒකේ වැඩකරන කොල්ලොන්ට කෙල්ලොන්ට මුන්ට වඩා සල්ලියක් වත්කමක් තියෙනවා. ගොඩක් කැම්පස් කොල්ලො කෙල්ලො පාර්ට් ටයිම් වැඩ කරනවා. මුන් ගිහින් උන්ට ෂෝ එක දාලා පෙන්නලා හැරිලා එනවා.
අපි නිතරම එළියට සමාජයට ආවම කල්පනා කරන්නම ඕන අපි ඉන්න සත්‍ය ලෝකයත් මොකක්ද කියන එකම. එතකොට මිනිස්සු මිනිස්සුන්වම පහත් කරගන්න එක එකා දෙන්නගෙන් හරි නතර වේවි.
අශ්~ අධිමාත්‍රා
අපි ගෙදරදි වගේම ගෙදර පරිසරයෙදි හැසිරෙන හිතන විදිහට සාපේක්ෂව වෙනස්ම ලෝකෙක එළියට සමාජයට ආවම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මම මෙහෙම කියන්නම්කො...
අපි නිතරම එළියට සමාජයට ආවම කල්පනා කරන්නම ඕන අපි ඉන්න සත්‍ය ලෝකයත් මොකක්ද කියන එකම. එතකොට මිනිස්සු මිනිස්සුන්වම පහත් කරගන්න එක එකා දෙන්නගෙන් හරි නතර වේවි.
