ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???

    guys පොඩි ආතල් ගාණක්. බලන්ඩ පුලුවන්ද කියලා.;)

    මෙන්න ප්‍රශ්නය.
    -------------------------------------------------------------------------
    එක මිනිහෙක්ට ගෙවල් 3ක් තිබ්බා. ඒ මිනිහා ගෙවල් 3න කුළියට දුන්නා. එක ගෙදරකට කුළිය රැ.10/=. :)

    දැන් ඉතින් පලවෙනි මාසේ කුළිය එකතු කරන්න ඒ මිනිහා, එයාගේ සේවකයෙක්ව යැව්වා. කුලී කාරයෝ රැ.10/= ගානේ සේවකයාට දුන්නා.
    එතකොට ඔක්කොම ගාන රැ.30/=.:nerd:

    ඉතින් සේවකයා රැ.30/= අයිතිකාරයට ගිහිල්ලා දුන්නා. අයිතිකාරය ඒ සේවකයාට රැ.5/=ක් දුන්නා. අයිතිකාරයා රැ.25/=ක් තියාගත්තා.

    පස්සේ සේවකයා තේ කඩයකට ගිහිල්ලා රැ.2/=කට tea එකක් බිව්වා. දැන් ඉතුරු කීයද???
    රැ.3/=යි.

    සේවකයා රැ.3/= ගිහින් කුලී කාරයන්ට බෙදා දුන්නා.
    ඔන්න ඕක තමා කථාව. මෙන්න ගාණ.;)
    -------------------------------------------------------------------------

    දැන් බලන්ඩ කුලී කාරයන්ට ගිය වියදම කීයද? රැ.9/=යි නේද?:eek:

    එතකොට රැ.9 * 3 = රැ.27යි.

    රැ.27යි + රැ.2/=කට tea එකයි = රැ.29/=යි.*****:no:

    කෝ රැ.1/= ???? මොකද උනේ???
    :baffled::oo::eek:
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    ඒ රුපියල තියල තමා කඩ කාරය ඇරලා තියෙන්නේ..රුපියල් 2 තේ ඉල්ලන්න ගිහිල්ලා
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය ගානම වෙන විදියකට කලින් එකෙක් අහල තිබුනා..
    හැබැයි මූ අහලා තියන විදිය වැරදියි..
    තේරුමක් නැති විදියටනේ අහලා තියෙන්නේ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මෙතන රුපිලක් අවුලක් නැහැ නේ
    රුපියල් (9*3)27 කියන්නේ කුලී කාරයො වියදම් කරපු ගාන ඒ කියන්නෙ අයිතිකාරයට ගියපු රුපියල් 25යි අරු මාටිය ගහපු රුපියල් 2යි සේරම ඇතුලත්ව (තව ඉතුරු රුපියල් 3ක් තියනවා ඒක නිසා 27+3 = 30 හරියට එනවා). උබ මේකෙ ආපහු ඒ 27ට අරු මාටිය ගහපු 2 එකතු කරේ මොන පදනමකින්ද?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔහොම ගණන් හදල රුපියලක් නැතිවෙලා බේරුනොත් ඇති.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ගොන් ප්‍රශ්න අහන්න එපා බන්,
    Rs 50ක් අරන් එක එක විදියට වියදම් කරලා වියදම් ගානයි, අතේ ඉතුරු ගානයි වෙනස් වෙනකොට ඒ වෙනස උනේ කොහොමද වගේනේ ????
    අතේ ඉතුරු ගැනයි, වියදම් ගානයි සමාන වෙන්නේ නැහැ.
    ගණන් දන්නා එකෙක් ඕව අහන්නෙත් නැහැ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබ ගාන දාල තියන විදිහ තේරෙන්නේ නැහැ.
    මොකද්ද අර අන්තිමට හදල තියන විදිහ?
    තේරුමක් නැහැනේ?
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    :lol: කුලිය 9*3 = 27, අයිතිකාරයට 25යි තේ එකට 2යි. ගානට එනවනේ බන්. :cool:

    ප්‍රශ්ණය ඇහුවේ මෙහෙම.. මට තේරුනෙත් නැහැ. එත් උත්තර මම හිතන්නේ මේක