ආදම්ගේ දේශය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    ආදම් කියන්නේ කවුද? ක්‍රිස්තියානි සහ ඉස්ලාමිය ආගම් වලට අනුව ආදම් ලෝකයේ මුල්ම මිනිසා!

    ආදම් නබිතුමාගේ මැවීම.
    ආදම් නබිතුමා ලෝකයේ මුල්ම මිනිසා බව ලෝකයේ සිටින බිලියන හතක් පමණ වන ජනතාවගෙන් බිලියන හයක් පමණ දෙනා පිළිගනිති. එනම් ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන් මෙම කරුන තරයේ පිළිගනිති.

    බලාගෙන යනකොට ආදම් ජිවත් වෙලා තියෙන්නෙත් මේ දිවයිනේ. ඒක ඔප්පු වෙන්නේ මෙහෙමයි.

    1 - බ්‍රිතාන්‍ය රජය මුලු දිවයිනම අල්ල ගන්නවා.
    2 - ඔවුන්ට ලංකාවේ ඉතිහාසය ගැන කුතුහලයක් ඇතිවෙලා පාරම්පරික දේවල් අවුස්සන්න පටන් ගන්නවා
    3 - මේ ආතර තුරේදී ඔවුන්ට "ආදම් ගේ කදු මුදුන" (Adam's Peak) හමු වෙන්වා. බෞද්දයෝ මේකට කියන්නේ "සිරි පාදය" කියලා.
    4 - බලාගෙන යනකොට "ආදම්" කියන්නේ ක්‍රිස්තියානි සහ ඉස්ලාමිය අය මුල් කාලයේ බුදුන් වහන්සේට දුන්න තවත් නමක්.

    ආදම්ගේ දේශය

    මෙහි පෙන්වා ඇති කඳු මුදුන සිරි පාදයි. මේකට "සිරි පාදය" කියන්නේ බුදු හාමුදුරුවන්ට අයිති පා සටහනක් කදු මුදුනේ තියෙන නිසා.

    main-qimg-cb6c06b9b0944272da12923a481ec975

    මේ දූපතේ විශාල කන්දක් ඇති බව ද මම ඔබට කියමි. මෙය අරාබිවරුන්ට අනුව අපේ පළමු පියාට අයිති ස්මාරකයක්. අරාබිවරුන් පවසන්නේ එය අපගේ පළමු පළමු පියා වන ආදම්ගේ බවයි - මාකෝ පෝලෝගේ මතක සටහන්

    මෙතැන මාකෝ පෝලෝ සදහන් කරන්නේ සිරි පාද කන්ද එවකට අරාබිවරුන් "පළමු පියා" ට අයිති වූ ස්මාකරයක් ලෙසට හැදින්වූ ආකාරය.

    අරාබිවරුන් සිරි පාද කන්දට "ආදම්ගේ කන්ද" කියලා නම් කලේ මෙතැන සිරි පතුලක් තැන්පත් කරලා තියෙන නිසා. තවද, බැතිමතුන් ඉන්දියාවේ සිට දිවයිනට ගෙන යන මුහුදු මාර්ගය ආදම්ගේ පාලම ලෙස හදුන්වනවා.

    main-qimg-e41fe0dd2614c326a403862ffede2ca4


    යේසුස් සහ මොහමඩ් තුමාලා ගෝතම බුදුන්ගේ දහම ඉගෙන ගැනීමට ලංකාවට පැමිනෙනවා. ඔවුන් බුදු දහම ඉගෙන ගන්නේ එවකට ප්‍රසිද්ද වෙලා තිබුණ ආරාමයකින් වෙන්න පුලුවන්. මේ ගොල්ලෝ මෙතැන ඉගෙන ගන්න දහම ඔවුන්ගේ අනුගාමිකයන්ට ගැලපෙන පරිදි දේශනා කරන්න පටන් ගන්නවා.

    බුදුරජාණන් වහන්සේගේ පා සටහන සාමාන්‍යයෙන් කැටයම් කර ඇත්තේ මේ වගේ ගල් ලෑල්ලක.

    main-qimg-1dd9611fc867ae968d508bb5f4185da9

    සිරි පාද කන්ද උඩ ඇති සිරි පතුල බුදුන් වහ්සේගේ පාද ස්පර්ශය ලැබූ විශේෂ එකෙක්. මේ වගේ උදාහරණ කිහපයක් දිවයින වටේ තැන් තැන් වල තියෙනවා. මුල් කාල වල බුදු පිළිම වන්දනාවක් තිබුනේ නැහැ. ලංකාවේ කට්ටිය වන්දනා කලේ සිරි පතුල් වලට.

    අරාබි වෙළෙන්දෝ දිවයිනට වෙලදාම් කරන්න ආවිට "මක්කම" කියන මුහුදු බඩ ප්‍රදේශයක තිබුණ පන්සලක තැන්පත් කරලා තිබුණ සිරිපතුලකට වන්දනා කරන්න පුරුදු වෙලා හිටියා. මක්කම කියන්නේ යක්ක ගෝත්‍ර බෂාවෙන් සිරි පතුලට කියන නම.

    නමුත් සුනාමියක් ඇවිල්ල මේ ප්‍රදේශයම මුහුදට යට වෙන්ව. ඉන්පසු මේ පන්සලේ වාසය කල හාමුදුරුවෝ සහ අවට වාසය කල පිරිස වෙන් තැන් වලට යනවා මුහුදෙන් බේරෙන්න. එතකොට අලුතෙන් පැමිනෙන අරාබි වෙළෙන්දනට හමු වෙන්නේ පාලුවට ගිය පන්සලක තැන්පත් කරලා තියෙන සිරි පතුල.

    මේ ගොල්ලෝ මේ සිරි පතුල අරගෙන යනවා අරාබියට. අදත් මුස්ලිම් අය මක්කමේ වන්දනා කරන්නේ මේ සිරි පතුලට. මෙතැන "Black Stone of Mecca" කියන්නේ ලංකාවෙන් ගෙනියපු සිරි පතුලට.

    මක්කමේ කලු ගල - මුස්ලිම් වන්දනාමාන කිරීමේ වස්තුව, මක්කම මහා පල්ලිය තුළ ඇති කුඩා දේවස්ථානයේ නැගෙනහිර බිත්තියට ඉදිකර ඇත. ජනප්‍රිය ඉස්ලාමීය පුරාවෘත්තයට අනුව , ආදම්ට පාරාදීසයෙන් වැටීම මත ගල ලබා දී ඇත - මක්කමේ කලු ගල | ඉස්ලාමය

    ජයන්ත පතිරආරච්චි මහතා "මක්කම" කියන පොතේ මේ දේවල් දීර්ග ලෙස විස්තර කරනවා.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113
    Thanks for sharing but can't agree with this machan specially the fact that Jesus Christ and Nabi came in here to learn Buddhism

    Let's keep aside Christianity for a moment. If Nabi learnt Buddhism will he ever preach the mindless Arabs to behead non-followers and the ones who abandon Islam? Buddhism is a free thinking (refer කාලාම සූත්‍රය) and humane religion.
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    Let's keep aside Christianity for a moment. If Nabi learnt Buddhism will he ever preach the mindless Arabs to behead non-followers and the ones who abandon Islam? Buddhism is a free thinking (refer කාලාම සූත්‍රය) and humane religion.
    The authentic Buddhism taught by Gothama Buddha deteriorates over time. Although when certain individuals emerge time-to-time the authentic teaching is resurrected.

    By the end of the Anuradhapura era the authentic Dhamma had completely vanished. That is why it wasn't producing any more enlightened beings.

    The Buddhism you know today would not have been the same when Jesus and Mohommad arrived. It had undergone a severe deterioration. The version they take back is again revised.

    That is why you can see the common root Adam in all Abrahamic faiths. Although each faith goes in different directions.

    The beheading type of punishment that exist in Islam does not exist in Christianity. I could be wrong here because the original teaching is said to be contained in the "Old Testament".

    I showed a reference from Marco Polo above. Ibn Batuara is yet another explorer who make the same observation.

    Muslims believe in Adam as the first man, as the first Muslim, and as the first Prophet of Allah. The Hadith ( traditions and sayings of the Prophet Muhammad ( SAL) such as Shahih ul Bukhari and Quranic commentaries of Tafsir Baizavi and Tafsir Khazin have stated that Adam descended in Serendib,Sri Lanka, upon a mountain called “ Nood”.
    References to the sacred mountain Adam’s Peak are many. Sir W. Ousely, in his TRAVELS quoting from a Persian manuscript called Berhan Kattea” stated that Serendib is the name of a celebrated mountain where Adam descended from paradise”.
    However, one of the most famous Arab travelers to Adam’s Peak is Ibn Batuta, from Morocco.He visited Adam’s Peak in 1344 AD. In his writing Ibn Batuta speaks of many famous Muslim shrines on the way to Adam’s Peak. He also mentions” A Muslim ascetic who had lived on the road to the peak at a point in those days which was a recognized halting place for pilgrims and wayfarers - Reference
    This is why a conflict has arisen in Kurugala. The irony is both the Muslims as well as the Buddhists are worshipping the same person.

    Kuragala: Buddhist Sacred Site Or Sufi Shrine?​

    sufi.jpg
    The shrine at Jailani has also placed the Sri Lankan Muslims in a potential geo-religious conflict with Sinhala Buddhist majority. While the hard-line Buddhists are demanding the site be cleared of all Islamic buildings and monuments, the Muslims on the other hand are adamant that the mosque remain in its current location because it holds great significance for Muslims all over the island. Unless the issue is solved amicably, it could further aggravate tensions between the Buddhist and Muslim communities in the country. - Reference

    Although none of this really matters at the end of the day. What is important to note is the authentic Dhamma as spoken by the Gothama Buddha has been resurrected yet again in 2009 after the war ended.

    The authentic Buddha Dhamma can be found here and here.



    -> YATHARTHA
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pada1.jpg


    ඔය ශ්‍රීපාද කන්දෙ තව තැන්වල ගලේ අඩි සලකුණු තිබිල හම්බ උනා මතකද? දැන් ඔය තියරි දාල ඒක පැහැදිලි කරන්න.


    ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ ඇති ගල් තලාවක අප්‍රකට පිහිටා තිබූ පා සටහන් පිළිබඳ පුවතට මේ වන විට විවිධ මත ඔස්සේ අදහස් පළ වනවා.
    කලු ගල් තලාවක ඇතුළට නෙරා ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක් වූ අතර එය දැක ගැනීම පිණිස දස දහස් ගණන් පිරිස් මේ වන විට එහි ඇදී එන්නට පටන් ගෙන තිබෙනවා.
    මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයක්. එමෙන්ම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවද සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමාන බවයි එම ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
    මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙනවා. එහෙත් මේ පා සටහන් පිළිබඳ සැඟවුණු ඇත්ත කතාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
    මෙම පා සටහන පිහිටා ඇත්තේ මස්කෙළිය පොලිස් වසමේ ගාඩ්මෝර් මාර්ගයේ නිව්ෆෝක්මෝර් වතුයායේ ශ්‍රී පාද රක්ෂිතයට ආසන්න ගල්තලාවකයි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යේසුස් සහ මොහමඩ් තුමාලා ගෝතම බුදුන්ගේ දහම ඉගෙන ගැනීමට ලංකාවට පැමිනෙනවා. ඔවුන් බුදු දහම ඉගෙන ගන්නේ එවකට ප්‍රසිද්ද වෙලා තිබුණ ආරාමයකින් වෙන්න පුලුවන්.
    ඇයි ශිව දෙයියෝ. ශිව දෙයියොත් එන්න ඇති. මොකද හින්දු මිනිස්සු හිතන්නේ ශ්‍රිපාදයේ තියෙන්නේ ශිව දෙවියන්ගේ පා සළකුණ කියලා. ඒක නිසා තමයි ශිවනොලි පාදම් කියන්නේ.😂😂
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    බුදු හාමුදුරුවෝ වන්දනාව සදහා බුදු පිළිම නිර්දේශ කලේ නැහැ. උන් වහන්සේ නිර්දේශ කලේ සිරි පතුල, කෙස දාතු සහ උන් වහන්සේ භාවිතා කල සිවුර, පාත්තරය වැනි දේවල්. බුදු පිළිම අවේ මහායාන අභාෂයෙන් පොලොන්නරුව යුගය මුල් කාලයේදී.

    මේ තියෙන්නේ බුදු පිළිම එන්නට පෙර පන්සල් සකස් වෙලා තිබුණ ආකාරය.



    මෙතන පසු කලක තැන්පත් කරපු බුදු පිළිමය පිටුපස තියෙන්නේ මුල් කාලයේ වන්දනා කල සිරි පතුලක්. එතකොට සිරි පතුල් කියන්නේ බුදුන් වහන්සේ සංකේත කරන්න නිර්මාණය කල දෙයක්.

    නමුත් සිරි පතුල් 15 පමණ තියෙනව බුදුන් වහන්සේ ඇත්ත වශයෙන්ම පාද ස්පර්ශයට ලක් වුන සිරි පතුල්. සිරි පාද කන්දේ තියෙනවා එකක්, මක්කමේ එකක්, රුවන් වැලි සෑයේ බිම අලවලා තියෙනව එකක්.

    රුවන් වැලි සෑයේ බිම අලවලා තියෙන සිරි පතුල එතනට යන බොහෝ පිරිස් පාගනවා. මේවා ගැන දැන් අවුරුදු ගානක් තිස්සේ කියනවා දෙශපලන්යින්ට මොනව හරි කරන්න කියල - නමුත් මොනවා වත් වෙලා නැහැ.

    ඔය ශ්‍රීපාද කන්දෙ තව තැන්වල ගලේ අඩි සලකුණු තිබිල හම්බ උනා මතකද? දැන් ඔය තියරි දාල ඒක පැහැදිලි කරන්න.
    මෙතැන තියෙන්නේ කවුරුහරි මඩේ එරිලා සකස් වුන පාද සටහනක්. සිරි පතුලක් නොවේ.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    ඇයි ශිව දෙයියෝ. ශිව දෙයියොත් එන්න ඇති. මොකද හින්දු මිනිස්සු හිතන්නේ ශ්‍රිපාදයේ තියෙන්නේ ශිව දෙවියන්ගේ පා සළකුණ කියලා. ඒක නිසා තමයි ශිවනොලි පාදම් කියන්නේ.😂😂
    ශ්‍රිපාදය නොවේ නිවැරිදි නම "සිරි පාදය".

    ශිවගේ ඉතිහාසයට යම් කිසි පදනමක්, මුලාශ්‍ර තියෙන්න එපයි.
    සෑම සිරි පාදක්ම එන්නේ යම් කිසි ඉතිහාසක් සමග. මේක අලුතෙන් කරපු කසිම සමාන ලක්ෂණ නැති එකක් වගේ මට් පෙනෙනෙනේ. මට් මේ ගැන කතා කරන්න වැඩි දැනුමක් නැත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රිපාදය නොවේ නිවැරිදි නම "සිරි පාදය".

    ශිවගේ ඉතිහාසයට යම් කිසි පදනමක්, මුලාශ්‍ර තියෙන්න එපයි.

    සෑම සිරි පාදක්ම එන්නේ යම් කිසි ඉතිහාසක් සමග. මේක අලුතෙන් කරපු කසිම සමාන ලක්ෂණ නැති එකක් වගේ මට් පෙනෙනෙනේ. මට් මේ ගැන කතා කරන්න වැඩි දැනුමක් නැත.
    ඔය ශ්‍රීපාද කන්ද මුදුනෙ තියෙනව කියන අඩි සලකුණ දැකල තියෙන්නෙ කවුද? ඔරිජිනල් එක වහල ලොකු ගල්ලෑල්ලක කොටපු පතුලක් තමයි දැන් පේන්න තියෙන්නෙ.

    ඔරිජිනල් එක ඔය කන්ද පහල හම්බ උනා කියල මම ෆොටෝ දාපු ඒව වගේම ඒව කියලයි කියන්නෙ
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    ඔය ශ්‍රීපාද කන්ද මුදුනෙ තියෙනව කියන අඩි සලකුණ දැකල තියෙන්නෙ කවුද? ඔරිජිනල් එක වහල ලොකු ගල්ලෑල්ලක කොටපු පතුලක් තමයි දැන් පේන්න තියෙන්නෙ.

    ඔරිජිනල් එක ඔය කන්ද පහල හම්බ උනා කියල මම ෆොටෝ දාපු ඒව වගේම ඒව කියලයි කියන්නෙ
    සිරිපාදය කියන්නේ ගලක අච්චු ගහපු සැබෑ පාද සටහනක් නොවේ. සිරිපාදය කියන්නේ සංකේතයක්. අද බුදු පිළිම වගේ මුල් කාලේ මිනිස්සු වන්දනා කලේ පාදයක හැඩයකට ගලක කොටපු එකකට.

    හදපු දවසේ පටන් මිනිස්සු දිගටම වන්දනා කරන නිසා ඔරිගීනල් එක වෙන්න ඕනේ තාම තියෙන්නේ.

    සිරිපාදය හැදුනේ මේ වගේ -> සිරිපාදේ සත්‍ය කතාව
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,386
    113
    Oka Athathatama budu hamuduruwo tiyapu ekakda, Budun wahanse kiyanne minihek ne, Naththam budun Sihiwenna kotapu ekak da
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    මොකද්ද ඔය දෙකෙ වෙනස?

    මුල් කාලයේ රටේ අය "බුදු හාමුදුරුවෝ" කියල ආමන්ත්‍රණය කලේ නැහැ.

    කිවුවේ "සක්‍ය මුනි", "ගොතම සමන" සහ "සිරි" වගේ නම් වලින්.

    එතකොට "සිරි" කියන්නේ බුදු හාමුදුරුවනට ලැබුණ තවත් නමක්.

    එකයි මේ වගේ නම් හැදුනේ.

    සිරි සද්දර්මය -> බුදුන්ගේ ධර්මය
    සිරි දළදාව -> බුදුන්ගේ දළදාව
    සිරි පාදය -> බුදුන්ගේ පාදය
    සිරි ලක -> බුදුන්ගේ දේශය

    Oka Athathatama budu hamuduruwo tiyapu ekakda, Budun wahanse kiyanne minihek ne, Naththam budun Sihiwenna kotapu ekak da
    සිරිපාදය කියන්නේ ගලක අච්චු ගහපු සැබෑ පාද සටහනක් නොවේ. සිරිපාදය කියන්නේ සංකේතයක්. අද බුදු පිළිම වගේ මුල් කාලේ මිනිස්සු වන්දනා කලේ පාදයක හැඩයකට ගලක කොටපු එකකට.

    නමුත් සිරි පතුල් 15 පමණ තියෙනව බුදුන් වහන්සේ ඇත්ත වශයෙන්ම පාද ස්පර්ශයට ලක් වුන සිරි පතුල්. සිරි පාද කන්දේ තියෙනවා එකක්, මක්කමේ එකක්, රුවන් වැලි සෑයේ බිම අලවලා තියෙනව එකක්.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මුල් කාලයේ රටේ අය "බුදු හාමුදුරුවෝ" කියල ආමන්ත්‍රණය කලේ නැහැ.

    කිවුවේ "සක්‍ය මුනි", "ගොතම සමන" සහ "සිරි" වගේ නම් වලින්.

    එතකොට "සිරි" කියන්නේ බුදු හාමුදුරුවනට ලැබුණ තවත් නමක්.

    එකයි මේ වගේ නම් හැදුනේ.

    සිරි සද්දර්මය -> බුදුන්ගේ ධර්මය
    සිරි දළදාව -> බුදුන්ගේ දළදාව
    සිරි පාදය -> බුදුන්ගේ පාදය
    සිරි ලක -> බුදුන්ගේ දේශය
    ශාක්‍ය මුනි (සක්‍යමුනි) ,ගොතම සමන (ගොතම) මේ පද දෙක පාලි භාෂාවෙන් තත්භව හා තත්සම වෙලා සිංහල භාෂාවට ආපු වචන. සිංහල භාෂාව තුළම උපන් වචන (නිෂ්පන්න) නෙවෙයි. "සිරි" කියන වචනෙත් එහෙමයි. පාලියේ "සිරි" කියන වචනයම තමයි සිංහල භාෂාවට ඇවිත් තියෙන්නේ.
    පලියේ "සිරි" කියන්නේ "උතුම්, සෞභාග්‍යමත්" කියන අදහස. සිංහල භාෂාවෙත් "සිරි" කියන පදය යෙදෙන්නේ ඔය අර්ථයෙන්මයි. "ශ්‍රි" කියන්නෙත් 'සිරි' කියන්නෙත් එකම අදහස. "සිරිමත්" කිව්වත් "ශ්‍රිමත්" කිව්වත් එකම අරුත.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    ඔබතුමා සහ සමහර විද්වතුන් මේ අදහස දරාගෙන ඉන්නවා. නමුත් මෙතැන යම් කිසි සංශෝදනයක් විය යුතුයි. පලමුව, සිසිර මහත්මයා මෙතන සංස්කෘත භාෂාව පිළිබද කරන විග්‍රහයට සවන් දෙන්න -> සංස්කෘත භාෂාව

    "ශ්‍රි" කියන්නෙත් 'සිරි' කියන්නෙත් එකම අදහස.
    ඔබතුමා නිවැරිදියි. 'ශ්‍රි' කියන්නේ 'සිරි' වචනයේ සංස්කෘත පරිවර්තනය.

    සිරි (හෙළ) -> ශ්‍රි (සංස්කෘත)

    හෙළ හෝඩියට 'ශ' අක්ෂරය නැත . නමුත් පසු කාලයක, විශේෂයින්ම පොලොන්න්රුව් යුගයේදී සිංහල සංස්කෘත භාෂාවත් සමග කවලන් වෙනවා. මේ නිසා මිශ්‍ර සිංහල හෝඩියක් අවශ්‍ය වෙනවා. මේවා අවුරුදු ගණනක් තිස්සේ වුන අතපසු වීම්.

    නමුත් මේවා දැන්වත් නිවැරිදි කල යුතුයි. නිවැරිදි කල යුත්තේ සංස්කෘත භාෂාව ඔබගේ සහ අනුන්ගේ නිවනට බාදාවක් වන නිසා.

    "සිරි" කියන්නේ "උතුම්, සෞභාග්‍යමත්" කියන අදහස.

    බුදුන්ගේ ශරීර අවයව වලටත් "සිරි" සම්බන්ද කරනවා. උදාහරණයක් වශයෙන්.

    සිරි පාදය -> බුදුන්ගේ කකුල
    සිරි දළදාව -> බුදුන්ගේ දත

    ඔතනින් නවත්වන්න කිසිම හේතුවක් නැහැ. අපට මයිල් සහ බඩටත් "සිරි" යොදා ගත හැකියි මේ වගේ.

    සිරි කෙස් -> බුදුන්ගේ මයිල්
    සිරි කුස -> බුදුන්ගේ බඩ

    එතකොට "උතුම්, සෞභාග්‍යමත්" කියන අර්ථය මෙතට යොදන්න පුලුවන්ද මේ වගේ?

    උතුම්, සෞභාග්‍යමත් කකුල
    උතුම්, සෞභාග්‍යමත් දත
    උතුම්, සෞභාග්‍යමත් මයිල්
    උතුම්, සෞභාග්‍යමත් බඩ

    මේවා ගැලපෙන්නේ නැහැ. එතකොට, "සිරි" කියන්නේ නාම විශේෂනයක් නොවේ (not an adjective). එය නාම පදයක් (its a noun).

    බුදුන්ගේ කකුල
    බුදුන්ගේ දත
    බුදුන්ගේ මයිල්
    බුදුන්ගේ බඩ

    සිරි -> බුදු හාමුදුරුවෝ
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔබතුමා සහ සමහර විද්වතුන් මේ අදහස දරාගෙන ඉන්නවා. නමුත් මෙතැන යම් කිසි සංශෝදනයක් විය යුතුයි. නමුත් පලමුව, සිසිර මහත්මයා මෙතන සංස්කෘත භාෂාව පිළිබද කරන විග්‍රහයට සවන් දෙන්න -> සංස්කෘත භාෂාව
    දැන් ඔය පුද්ගලයා කියන විදිහට චුල්ලවග්ග පාලියේ කොතනද බුදුහාමුදුරුවෝ දේශනා කරළා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් ධර්මය ලියන්න කියන්න එපා කියලා. මුලින්ම ඒක කියන්නකෝ. ( ඔය පුද්ගලයා කියන්නේ "අනුජානාමි භිකඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණිතුං" කියන විනය පැනවීම ගැන වෙන්න ඕනි.)
    සිරි (හෙළ) -> ශ්‍රි (සංස්කෘත)

    හෙළ හෝඩියට 'ශ' අක්ෂරය නැත . නමුත් පසු කාලයක, විශේෂයින්ම පොලොන්න්රුව් යුගයේදී සිංහල සංස්කෘත භාෂාවත් සමග කවලන් වෙනවා. මේ නිසා මිශ්‍ර සිංහල හෝඩියක් අවශ්‍ය වෙනවා. මේවා අවුරුදු ගණනක් තිස්සේ වුන අතපසු වීම්.

    නමුත් මේවා දැන්වත් නිවැරිදි කල යුතුයි. නිවැරිදි කල යුත්තේ සංස්කෘත භාෂාව ඔබගේ සහ අනුන්ගේ නිවනට බාදාවක් වන නිසා.


    "සිරි" හෝ "ශ්‍රි" කියන වචන දෙකම තත්සම වුණු වචන. වෙන භාෂාවක වචන තවත් භාෂාවක ඒ අයුරින්ම යොදන කොට ඒ වචන තත්සම ලෙස හදුන්වනවා. "සිරි" කියන්නේ පාලි වචනයක්. ඒ වචනෙන් තමයි "සිරි" කියන සිංහල වචනය හැදිලා තියෙන්නේ. සිංහල සිංහල කියලා මොර දුන්නට ඔය වචන දෙකෙන් එකක්වත් සිංහලය තුළ උපන් වචන නෙවෙයි.
    හෙළ හෝඩිය කියන්නේ ඔය ශුද්ධ සිංහල හෝඩියට. ශුද්ධ සිංහල හෝඩියේ "ශ" අකුර නැති වුණාට සිංහල ප්‍රාකෘත හෝඩියේ "ශ" අකුර තියෙනවා. ලංකාවේ පැරණිම සෙල්ලිපි හමුවන්නේ මේ සිංහල ප්‍රාකෘත භාෂාවෙන්.(ක්‍රි.පූ.2 සිට ක්‍රි.ව.5 වෙනි සියවසය දක්වා කාලය සිංහල ප්‍රාකෘත යුගයයි.) කාලයත් සමග භාෂාව පරිණාමය වෙනවා. ඒක භාෂාවේ ස්වරූපය. පාලියට සංස්කෘතයට සිංහලයට පමණක් නොව ඕනෑම භාෂාවකට එය පොදුයි. ඕක නොදන්නෝ භාෂාවේ වෙනස් වීම අතපසු විමක් ලෙස සලකනවා. නූගත් කමක මහත.
    බුදුන්ගේ ශරීර අවයව වලටත් "සිරි" සම්බන්ද කරනවා. උදාහරණයක් වශයෙන්.

    සිරි පාදය -> බුදුන්ගේ කකුල
    සිරි දළදාව -> බුදුන්ගේ දත

    ඔතනින් නවත්වන්න කිසිම හේතුවක් නැහැ. අපට මයිල් සහ බඩටත් "සිරි" යොදා ගත හැකියි මේ වගේ.

    සිරි කෙස් -> බුදුන්ගේ මයිල්
    සිරි කුස -> බුදුන්ගේ බඩ

    එතකොට "උතුම්, සෞභාග්‍යමත්" කියන අර්ථය මෙතට යොදන්න පුලුවන්ද මේ වගේ?

    උතුම්, සෞභාග්‍යමත් කකුල
    උතුම්, සෞභාග්‍යමත් දත
    උතුම්, සෞභාග්‍යමත් මයිල්
    උතුම්, සෞභාග්‍යමත් බඩ

    මේවා ගැලපෙන්නේ නැහැ. එතකොට, "සිරි" කියන්නේ නාම විශේෂනයක් නොවේ (not an adjective). එය නාම පදයක් (its a noun).

    බුදුන්ගේ කකුල
    බුදුන්ගේ දත
    බුදුන්ගේ මයිල්
    බුදුන්ගේ බඩ

    සිරි -> බුදු හාමුදුරුවෝ
    "සිරි" කියන පදයෙන් හගෙන්නේ "උතුම්, සෞභාග්‍යමත්, පූජනීය" වැනි අර්ථ බව කලිනුත් කිව්වනේ. වචනය යෙදෙන තැන අනුව වඩාත් උචිත අර්ථය මොකද්දඇයි තේරුම් ගන්න මහා භාෂා දැනුම් අවශ්‍ය නෑ. "සිරි පාදය" යන්නෙන් අදහස් කරන්නේ "උත්තම වූ පාදය" " පූජනීය පාදය" යන්නයි. ශ්‍රී දේහය යන්නෙන් අදහස් වන්නෙත් "පූජනීය දේහය", "උත්තම දේහය" යන්නයි.

    දැන් ඔබගේ අර්ථ කතන වල හැටියට "සිරි" යන්න නාමපදයක්. නාම විශේෂණයක් නෙවෙයි. එතකොට "ශ්‍රි ජවර්ධනපුර" ලෙස කියූ විට එය "බුදුන්ගේ ජවර්ධනපුරය" විය යුතුය. "සිරි රහල් හිමියෝ" කී කල්හී "බුදුන්ගේ රහල් හිමියෝ" විය යුතුය. "ශ්‍රි සුභූති හිමියෝ" කී විට "බුදුන්ගේ සුභූති හිමියෝ" විය යුතුය. ඇරැත් "ශ්‍රි" යන පදයට "මත්" ප්‍රත්‍ය එක්වී සෑදෙන "ශ්‍රිමත්" යන තද්ධිත පදයට අර්‍ර්ථ දක්වන්නේ කොහොමද?

    නාම පදයක් නම් විභක්ති වලට වරනැගිය යුතුය. "සිරි" පදය වරනගා පෙන්වන්නකෝ.

    "සිරි" යනු "බුදු හාමුදුරුවෝ" නම් "සිරි පාදය" කීවිට "බුදුහාමුදුරුවෝ පාදය" ලෙස අර්ථ දිය යුතුය. නැති නම් "සිරි" යනු (ඔබ පවසන පරිදි) නාමපදයක් නම් සම්බන්ධ විභක්තියට නැගිය යුතුය. නැතිනම් සමාස කොට දක්විය යුතුය.

    එහෙනම් "සිරි" කියන වචනය පිළිබද ඉහත දැක්වූ ප්‍රශ්න වලට පැහැදිලි කිරීමක් දීලා "සිරි පාදය" කියන වචනයේ ව්‍යාකරණ ලක්ෂණ දක්වන්නකෝ.

    තව බුදු‍රජාණන් වහන්සේ හදින්වීමට "සිරි" යන පදය යොදාගත් අවස්ථාත් සිංහල සාහිත්‍ය මූලාශ්‍ර වලින් පෙන්වන්නකෝ.


    පහත සැළලිහිණි සංදේශ කවියේ දැක්වෙන අර්‍ර්ථය අරන් බලන්න. "සිරි" යන්නෙන් බුදුන්ගේ යන අදහස යෙදෙනවා නම්, "මුනි" යන පදය අමුතුවෙන් යොදන්න අවශ්‍ය නෑ. නමුත් "සිරි" යන්නෙන් බුදුන්ගේ යන අදහස නොමැති නිසා "මුනි සිරි පා" ලෙස අමුතුවෙන්ම කීහ.

    සුර රද සමන් සමගින් සුරඟන එවර
    පැහැනද මදාරා පරසතු මල් පතර
    කැර පුද වඳින රැඳී මුනි සිරි පා තඹර
    සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර