ආදරණිය නිරෝෂන්......මම සන්නා......

මෙය උපුල් ශාන්ත සන්නස්ගල මහතා පා.ම. නිරෝෂන් ප්‍රේමරත්න මහතාට කිවූ ආදර හසුනක් බව කාරුණිකව සලකන්න...
නිරෝෂන් ,
ඔයා ගැන සයිබරේ යන දේවල් කියෙව්වා . පාර්ලිමේන්තුවේ ඔයාගෙ කතාවත් ඇහුවා .
2015 මාතරින් ඔයා ඡන්දය ඉල්ලුවා.
මහින්ද එක්ක ඡන්දය ඉල්ලපු ඔයා දින්නා.
මං කොළඹින් ඡන්දය ඉල්ලුව.
රනිලුයි මෛත්‍රී එක්ක ඡන්දය ඉල්ලපු මං පැරදුණා.
ඔයා ඉස්සර අයි ටී එන් එකේ.මාස් පඩි කාරය.
මං අංක එකේ ටියුෂන් සල්ලි කාරයා.
ඔයාට කැම්පේන් එකට සල්ලි දුන්න ද හිතවත් මිනිස්සු .
මට දුන්නෙ නෑ.
ඔයාගෙ මනුස්ස කමට මිනිස්සු සල්ලි දෙන්න ඇති .
මං අමනුස්සයෙක් ද මන්ද ?
ඔයාට මිත්‍රයො ගොඩක් හිටියා ද ?
මටත් හිටියා.
මගේ යාළුවන්ට වඩා උඹේ යාළුවො වෙනස් ඇති .
මං අතේ සල්ලි ඉවර වුණා ම ඡන්දයට මගේ ඉඩමක් වික්කා .ඒ ඉඩම නුවර වැව රවුමෙ.පර්චස් පණහකට කිට්ටුයි.සංගක්කාරගෙන් ගත්තෙ.එයාලගෙ ගෙදර පහළ ඉඩම.ඉඩම උගස් කරෙ ධම්මික පෙරේරා චෙයාමන් වෙච්ච එල් .බී ෆිනෑන්ස් එකට.ගනුදෙනුව කරන්න මග හදල දුන්නෙ දිලිත් ජයවීර.මං කෝටි දෙක හමාරක් ගත්තා ඉඩම උගස් කරලා.ඊට පස්සෙ මට වාරික ගෙවන්න බැරි වුණා .ඉඩම එල්.බි.ෆිනෑන්ස් එකට සින්න වුණා .නුවර වැව රවුමෙ පර්චස් එකක් ලක්ෂ විස්සකට වැඩී.දැන් ඉඩමෙ අවම වටිනාකම ලක්ෂ දාහක්.කෝටි දහයක්.
ඕං ඔහොම මගේ ඡන්ද කෙරුවා ව රස කතා.කතා නම් කෝටියයි.මේ දවස්වල මං ලියමින් ඉන්නෙ.
ඔයා කතා කරමින් ඉන්නෙ කියලා තේරෙනවා .
ඔයාට යාළුවෙක් ඉඩමක් නිකං දීල .
බැංකුව කෝට් අටක් දීල .
ඔයා මාසෙකට ලක්ෂ අටක් වාරික ගෙවනව ලු.
ඒ කියන්නේ ඔයාගෙ යාළුවො හෙන හියුමන්.
මගේ යාළුවො යාළුවො නෙවෙයි ද ?
ඔයා හිතන්නෙ මං අවුල් ද ?
ජාතිවාදි කුලවාදී ආගම්වාදී අදහස් ඔයා කියනව මං අහලා තියෙනවා .
මං ඒවාට දරුණුවට පහර දුන්නා.
ඔයාගෙ මහින්ද දැන් විපක්ෂ නායක.
මගේ මෛත්‍රී ජනාධිපති .
රනිල් අගමැති .
මේ මං නිකං සිගරැට් එකක් බොන ගමන් ලීවෙ .
මං තලවතුගොඩ පැත්තෙන් යද්දී ඔයාගෙ රෙදි සාප්පුව පැත්තෙ ගොඩවැදිල යන්න එන්නම්.
ඔයා විජේරාමෙ පැත්තෙ ආවොත් මගෙ රෝයල් තැප්‍රොබේන් එක පැත්තෙ ඇවිත් යන්න එන්න .