ආදරණීය මංගල,
මේ වන විට අප රටේ විශාල ජන පිරිසක් ගොදුරු වී සිටින කෝවිඩ් වසංගතයෙන් ඔබ ද පීඩාවට පත්ව සිටිනු දැකීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් දිනෙන් දින ඔබ සුව අතට පත්වනු අසන්නට ලැබීමෙන් මහත් සහනයක් ලබමි.
ඔබ අතිශය විශ්වාසදායී, ප්රතිපත්තිගරුක දේශපාලන සගයෙකු මෙන්ම, විපතේ දී හැර නොගිය කල්යාණ මිත්රයෙකු ද වන්නේ ය.
මංගල, ආදරණීය මාතෘභූමියෙහි උත්තර සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔබ අප දකින සිහිනය සැබෑ කරගැනීමේ අනුල්ලංඝනීය වගකීමෙන් ඔබ බැඳී සිටින බව මම දනිමි.
අවංක, ප්රතිපත්තිගරුක මිනිසුන් වඩ වඩා අවැසි යුගයක, අප ආදරණීය ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට දායක වීමට ඔබ සුවපත් වී නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු.
එතෙක් අපි ඔබට සෙත් පතන්නෙමු.
ඔබට බුදු සරණයි!
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග