ආදරණීය මිනිසුන් ...

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ~ආදරණීය මිනිසුන් ~

    මා කලක සිට රටේ ප්‍රසිද්ධ මෘදුකාංග නිෂ්පාදන සමාගමක සේවය කරමි.එක් අවධියකදී මගේ සමාගම නියෝජනය කරමින් විදේශ රටක සේවය කිරීමට මම අවස්ථාව ලදිමි.එතරම් කැමැත්තක් නොමැති වුවද,එයින් ලැබෙන නව අත්දැකීමත් ,ආර්ථික වාසියත් සලකා මම එකඟ වුනෙමි.මේ රටේ පාරිභෝගිකයන් සිටින එකම ශ්‍රී ලංකික සමගම මා සේවය කරන සමාගම වන නිසා මම එය සඳහන් කිරීමෙන් වැලකෙමි.

    අධික උණුසුමක් සහිත අවම ආසියා ශාන්තිකර පුරවැසියන් (ඉන්දියානුවන්,ශ්‍රී ලාංකිකයන් සහ පකිස්ථානුවන් ) වෙසෙන රටක් තුල ජීවත් වීමට සිදුවූ මට,ශ්‍රී ලාංකික ආපනශාලාවක් ගැන අසන්නට ලැබීමෙන් මම අසීමිතව සතුටු වුනෙමි.මාගේ කාර්යාලයට සහ නිවසට තරමක් දුරින් පිහිටියත් ,තරමක් වියදම් සහිත ආපනශාලාවක් වුවත් මම එහි යාමට පෙළඹුනෙමි.එහි සේවය කරන සහෝදර සිංහල,මුස්ලිම් කාර්ය මණ්ඩලයත් ,බිත්ති පුරා ඇති සීගිරි සිතුවම්,දුන්හිඳ ඇල්ලේ සිතුවම් ආදී මගේ පුංචි දිවයිනේ සිතුවම් දෙස බලමින් ,පසුබිමින් යන්තමට වාදනය වුනු සිංහල ගීතයක් අසීමෙනුත් මම ඉතාම සතුටට පත් වුනෙමි.දිව බොජුනක් ලැබීමට නොලැබුනත් ,ව්‍යාංජන දෙක තුනක් තුලින් මම අසීමිතව සතුටු වුයෙමි.

    කාලය සෙමින් ගතවුනි.සති අන්තයක ලද විරාමයකදී ගෙදරටවී කල් මැරීමට ඇති අකමැත්ත නිසා මම තනිව අතරක් නොමැතිව නගරයේ ඇවිද්දෙමි.ඇස් ගැටෙන ඕනෑම දෙයක් විඳිමින් හෙමින් හෙමින් ඇවිදිමින් සිටි මා එක්වරම පසු පසු හැරී බැලුවේ ,එක්තරා තරුණ රටවැසියකු "Hi Mister ,Where are you from ? Can I talk to you ?" නැගූ පැනයකිනි .

    ඉංග්‍රීසි ඉතා අඩුවෙන් පාවිච්චි වන රටක වචන දෙකක් හෝ කථා කිරීමට මිතුරකු ලැබීම පිළිබඳව සතුටු වුවද,නොදන්නා මිතුරා සමග "අතේ දුර " මිත්‍රත්වය පවත්වා ගැනීමට උත්සුක වුනෙමි.ඔහු තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන අතර විදේශ රටක අධ්‍යාපනය ලද විවාහක තරුණයෙකි.ඔහුද මා මෙන් කම්මැලි කමින් සිටි නිසා නගරයට පැමිණි අයෙකි.මා ඔහු සමග ඔහුගේ රට ගැනත් මගේ රට ගැනත් හුඟක් දේ කථා කලෙමි.දුරකථන අංක හුවමාරු කල අප නැවත දිනයක රාත්‍රී භෝජනයකට එක්ව සහභාගී වන්නට ගිවිස ගෙන විසිර ගියෙමු.

    ශ්‍රී ලාංකික මිතුරන් හමුවද නිතර සිදුවුණු අතර ,නිවාඩු දිනයක ඔවුනට මගේ නිවසේ කුඩා රාත්‍රී සාදයක් පවත්වන්නටත්,ඔවුන්ගේ අභිසරුලියන් හා ඔවුනට අවැසි පරිදි විනෝද වීමටත් ඉඩ සලසා දීමට මා අකමැති නොවීමි.ප්‍රතිපත්ති මත මා විරුද්ධ වුවද,ඔවුන්ගේ පාළු ජීවිත සහ මානසික තෙහෙට්ටුව දුරු කිරීමට ඔවුන් යොදා ගත් මඟ මම වෙනස් කිරීමට කල්පනා නොකලේ කාලයක් තිස්සේ පුරුදු වූ ඇබ්බැහිවීම් මාගේ ඉල්ලීමකින් ඔවුන් සිදු නොකරතියි යන විශ්වාසයත් ඔවුන්ගේ එම පුරුද්දට ආදේශකයක් දීමට මම අපොහොසත් වුනු නිසාත්ය.

    මාස ගණනාවක් ගත විය..විදේශ මිතුරා ඉතා හොඳ පුද්ගලයකු බව මට සිතුණි.ඔහුගේ බිරිඳගේ නිවසටත්,ඔහුගේ නිවසටත් මා රැගෙන ගිය ඔහු මා හොඳින් ඔවුන්ගේ පිරිසට හඳුන්වා දුන්නේය..ආහාර පාන සහ තවත් සම්ප්‍රදායික ස්ථාන,ආගමික ස්ථාන සහ ක්‍රීඩා සඳහාද ඔහුට හැකි අයුරින් මා කැටුව ගියේ ඔහුගේම කාලය,ශ්‍රමය වියදමිනි. මා කොතරම් ඔහුට වියදම් කිරීමට සැරසුනද ඔහු එය ප්‍රතික්ෂේප කලේ ,විදේශිකයකුගෙන් මුදල් ගැනීම අවනම්බුවක් බව ඉඳුරාම කියමිනි.අකැමත්තෙන් වුවත් ඔහු ප්‍රවාහන වියදම පමණක් මගෙන් ලබාගැනීමට එකඟ විය .තවද මගේ නිවසේ තිබු ජල කාන්දුවක්,විදුලි කාන්දුවක් ද දැක එය සකස් කර දීමට පවා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ කම්කරු සහාය ඔහු විසින් මට ලබා දුනි.
    ඔහු මගෙන් කුමක් බලාපොරොත්තුවෙන් මෙසේ උදව් කරන්නේද යන්න මට ප්‍රෙහෙලිකාවක් විය.නන්නාදුනන මිනිසකුට තමන්ගේ වියදමින් උදව් කිරීමට ඔහුට ඇති රුදාව කුමක්ද ?ඔහු තවම ශිෂයෙකි(විවාහක පියෙකි ).මම ඉහල වේතනයක් ලබන තනිකඩ රැකියා ලාභියෙකි.

    මගේ රාජකාරි කටයුතු අවසාන වී නැවත මව්බිම වෙත යාමට කාලය පැමිණෙමින් පවතී.මා එය මගේ සිංහල මිතුරන්ට කීවෙමි.ඔවුන්ගෙන් සුභ පැතීම් ලදිමි .අමතරව තවත් ඉල්ලීම් කිහිපයක්ද ලැබුණි .

    1.ඔවුන්ගේ නිවාස කුලිය වැඩි නිසා ඉතිරි මාස 4ක කාලය මගේ නිවසේ නැවතීමට අවශ්‍යබව.
    (මෙය මා පුද්ගලිකව කුලිය ගෙවන නිවසක් නොව මගේ සේවා දායකයා විසින් තනි පුද්ගලයකු පමණක් ලැගුම් ගැනීමේ කොන්දේසිය පිට නීතිමය ලියවිල්ලකින් අයිතිය මාස කිහිපයකට ලද්දක් බව මා ඔවුනට ඉහතදී පැහැදිලි කළෙමි .)

    2.ඔවුන් සියළු දෙනා මේ රටේ අඟනන් හා විවාහවී සිටින බැවින්ද ,ජීවන වියදම වැඩි නිසාද ,මා තනිව වෙසෙන නිසාද රුපියල් ලක්ෂයක් ඔවුන්ට ණය වශයෙන් අවශ්‍ය බව.මෙය ශ්‍රී ලාංකිකයකු වන මා විසින් අනිවාර්යෙන් කලයුතු වගකීමක් බවත් ඔවුන් මාහට මතක් කරදීමටද කාරුණික වුනි.

    3.ඔවුන් අතරින් එක් අයකු පරිගණක සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා ඇති නිසාත්,ඔහුට මේ රටේ රැකියාවක් සොයා ගැනීම අපහසු නිසාත් ,මා වෙනුවට මා ගියපසු මගේ රැකියාව ඔහුට ලබාදෙන ලෙස මාගේ සේවා දායකයාගෙන් ඉල්ලීම.
    (මා මේ රැකියාව ලබාගත්තේ මා සතු වටිනා උපාධි,පස්චාත් උපාධි ,විෂයානුබද්ද ජාත්‍යන්තර සහතිකද,වසර 8කට වැඩි පළපුරුද්ද නිසාද බව මම ඔහු හා කලකට පෙර පැවසීමි.)

    මා නැවත කල්පනා කලෙමි.විදේශ රටකදී මා හැසිරිය යුත්තේ කෙසේද ? විදේශයක සිටින අප කවුරුත් රෝගාතුර විය හැක.Visa ගැටළු නිසා මුදල් අවශ්‍යතාවයක් පැමිණිය හැක.දරු උපතක් ,රැකියා අහිමිවීමක් නිසා තාවකාලික මුදල් අවශ්‍යතාවක් පැමිණිය හැක.තවත් විටෙක පවුලේ හදිසි තත්වයක් නිසා කඩිමුඩියේ මව්බිමට යාමට සිදු වීමට අවශ්‍යව මුදල් අවශ්‍යවිය හැක.මේ සියල්ලම එකවර සිදිවෙන්නටද පුළුවන.අප මේ අවස්ථාවලදී එක්ව කටයුතු කලයුතු බව මට හැඟේ.

    මගේ ජංගම දුරකථනය නාද වේ..මම එයට ප්‍රතිචාර දක්වමි.මගේ විදේශ මිතුරාහට මා මතක්වී ඇත..අද මේ රටේ ජාතික උත්සව නිවාඩු දිනයකි.මගේ පැමිණීම ඔහුගේ පවුලේ සියළු දෙනා බලාපොරොත්තු වන බවත් ,මගේ ගතිගුණ සහ හැසිරීම ඔවුන් ඉතා අගය කරන බවත් ,තනිව පැමිණීමට අකමැතිනම් මගේ ශ්‍රී ලාංකික ආපනශාලාවේ සේවය කරන මගේ රටේ මිතුරන්ද (ශ්‍රී ලාංකික ආපනශාලාවක් ඇති බවත් එහි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සිටින බවත් මම ඔහුට පවසා තිබුනෙමි ) කැටිව එන ලෙසත් ඔහු මට සුහද ආරාධනාවක් කරයි ....

    [මිත්‍රත්වයකට,සදාතනික බැඳීමකට අවශ්‍ය වන්නේ දැඩි විශ්වාසය,අවංකබව සහ කරුණාවන්ත හදවතක් පමණක් බව මට සිතේ.]

    [සත්‍ය සිදුවීමකි.සංවාදය හෝ අවධානය පිණිස පලකලෙමි ]
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඌට කිසිදෙයක් මගෙන් ඕනේ නෑ මචං මට හිතුන විදිහට .මේ රටේ ලස්සන ,සංස්කෘතිය වගේ දේවල් මට පෙන්නන්න උවමනාවක් මිනිහට තියෙනවා.
    මම ලංකාවට යනකොට මම මේ රටේ හොඳ මිනිස්සු ඉන්න බව මම ලංකාවේදී කියාවි කියල දෙයක් වෙන්න පුළුවන් .....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෝකේ කොයි රටක ගියත් අපේ රටේ උපන් අපේ මිනිස්සුන්ගේ තරම් කුහකකම් , ඉරිසියාකම්, අවස්තාවදීකම් දැකල නැහැ කිසිම විදේශිකයෙකුගේ. අපේ මිනිස්සු හරිම වන්කයි. හිතේ තියන දේ නෙවෙයි කියන්නේ. එත් බටහිර ලෝකේ මිනිස්සු හිතේ තියනදේ කෙලින්ම කියනවා.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේම රටක මිනිස්සු පිටරටකදී හැසිරෙන විදිහ ගැන කලකිරීමක් හිතේ ඇති උනා මචං .