~ ආදරණීය මිනිසුන් ~

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ~ ආදරණීය මිනිසුන් ~

    මා කලක සිට රටේ ප්‍රසිද්ධ මෘදුකාංග නිෂ්පාදන සමාගමක සේවය කරමි.එක් අවධියකදී මගේ සමාගම නියෝජනය කරමින් විදේශ රටක සේවය කිරීමට මම අවස්ථාව ලදිමි.එතරම් කැමැත්තක් නොමැති වුවද,එයින් ලැබෙන නව අත්දැකීමත් ,ආර්ථික වාසියත් සලකා මම එකඟ වුනෙමි.මේ රටේ පාරිභෝගිකයන් සිටින එකම ශ්‍රී ලංකික සමගම මා සේවය කරන සමාගම වන නිසා මම එය සඳහන් කිරීමෙන් වැලකෙමි.

    අධික උණුසුමක් සහිත අවම ආසියා ශාන්තිකර පුරවැසියන් (ඉන්දියානුවන්,ශ්‍රී ලාංකිකයන් සහ පකිස්ථානුවන් ) වෙසෙන රටක් තුල ජීවත් වීමට සිදුවූ මට,ශ්‍රී ලාංකික ආපනශාලාවක් ගැන අසන්නට ලැබීමෙන් මම අසීමිතව සතුටු වුනෙමි.මාගේ කාර්යාලයට සහ නිවසට තරමක් දුරින් පිහිටියත් ,තරමක් වියදම් සහිත ආපනශාලාවක් වුවත් මම එහි යාමට පෙළඹුනෙමි.එහි සේවය කරන සහෝදර සිංහල,මුස්ලිම් කාර්ය මණ්ඩලයත් ,බිත්ති පුරා ඇති සීගිරි සිතුවම්,දුන්හිඳ ඇල්ලේ සිතුවම් ආදී මගේ පුංචි දිවයිනේ සිතුවම් දෙස බලමින් ,පසුබිමින් යන්තමට වාදනය වුනු සිංහල ගීතයක් අසීමෙනුත් මම ඉතාම සතුටට පත් වුනෙමි.දිව බොජුනක් ලැබීමට නොලැබුනත් ,ව්‍යාංජන දෙක තුනක් තුලින් මම අසීමිතව සතුටු වුයෙමි.

    කාලය සෙමින් ගතවුනි.සති අන්තයක ලද විරාමයකදී ගෙදරටවී කල් මැරීමට ඇති අකමැත්ත නිසා මම තනිව අතරක් නොමැතිව නගරයේ ඇවිද්දෙමි.ඇස් ගැටෙන ඕනෑම දෙයක් විඳිමින් හෙමින් හෙමින් ඇවිදිමින් සිටි මා එක්වරම පසු පසු හැරී බැලුවේ ,එක්තරා තරුණ රටවැසියකු "Hi Mister ,Where are you from ? Can I talk to you ?" නැගූ පැනයකිනි .

    ඉංග්‍රීසි ඉතා අඩුවෙන් පාවිච්චි වන රටක වචන දෙකක් හෝ කථා කිරීමට මිතුරකු ලැබීම පිළිබඳව සතුටු වුවද,නොදන්නා මිතුරා සමග "අතේ දුර " මිත්‍රත්වය පවත්වා ගැනීමට උත්සුක වුනෙමි.ඔහු තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන අතර විදේශ රටක අධ්‍යාපනය ලද විවාහක තරුණයෙකි.ඔහුද මා මෙන් කම්මැලි කමින් සිටි නිසා නගරයට පැමිණි අයෙකි.මා ඔහු සමග ඔහුගේ රට ගැනත් මගේ රට ගැනත් හුඟක් දේ කථා කලෙමි.දුරකථන අංක හුවමාරු කල අප නැවත දිනයක රාත්‍රී භෝජනයකට එක්ව සහභාගී වන්නට ගිවිස ගෙන විසිර ගියෙමු.

    ශ්‍රී ලාංකික මිතුරන් හමුවද නිතර සිදුවුණු අතර ,නිවාඩු දිනයක ඔවුනට මගේ නිවසේ කුඩා රාත්‍රී සාදයක් පවත්වන්නටත්,ඔවුන්ගේ අභිසරුලියන් හා ඔවුනට අවැසි පරිදි විනෝද වීමටත් ඉඩ සලසා දීමට මා අකමැති නොවීමි.ප්‍රතිපත්ති මත මා විරුද්ධ වුවද,ඔවුන්ගේ පාළු ජීවිත සහ මානසික තෙහෙට්ටුව දුරු කිරීමට ඔවුන් යොදා ගත් මඟ මම වෙනස් කිරීමට කල්පනා නොකලේ කාලයක් තිස්සේ පුරුදු වූ ඇබ්බැහිවීම් මාගේ ඉල්ලීමකින් ඔවුන් සිදු නොකරතියි යන විශ්වාසයත් ඔවුන්ගේ එම පුරුද්දට ආදේශකයක් දීමට මම අපොහොසත් වුනු නිසාත්ය.

    මාස ගණනාවක් ගත විය..විදේශ මිතුරා ඉතා හොඳ පුද්ගලයකු බව මට සිතුණි.ඔහුගේ බිරිඳගේ නිවසටත්,ඔහුගේ නිවසටත් මා රැගෙන ගිය ඔහු මා හොඳින් ඔවුන්ගේ පිරිසට හඳුන්වා දුන්නේය..ආහාර පාන සහ තවත් සම්ප්‍රදායික ස්ථාන,ආගමික ස්ථාන සහ ක්‍රීඩා සඳහාද ඔහුට හැකි අයුරින් මා කැටුව ගියේ ඔහුගේම කාලය,ශ්‍රමය වියදමිනි. මා කොතරම් ඔහුට වියදම් කිරීමට සැරසුනද ඔහු එය ප්‍රතික්ෂේප කලේ ,විදේශිකයකුගෙන් මුදල් ගැනීම අවනම්බුවක් බව ඉඳුරාම කියමිනි.අකැමත්තෙන් වුවත් ඔහු ප්‍රවාහන වියදම පමණක් මගෙන් ලබාගැනීමට එකඟ විය .තවද මගේ නිවසේ තිබු ජල කාන්දුවක්,විදුලි කාන්දුවක් ද දැක එය සකස් කර දීමට පවා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ කම්කරු සහාය ඔහු විසින් මට ලබා දුනි.
    ඔහු මගෙන් කුමක් බලාපොරොත්තුවෙන් මෙසේ උදව් කරන්නේද යන්න මට ප්‍රෙහෙලිකාවක් විය.නන්නාදුනන මිනිසකුට තමන්ගේ වියදමින් උදව් කිරීමට ඔහුට ඇති රුදාව කුමක්ද ?ඔහු තවම ශිෂයෙකි(විවාහක පියෙකි ).මම ඉහල වේතනයක් ලබන තනිකඩ රැකියා ලාභියෙකි.

    මගේ රාජකාරි කටයුතු අවසාන වී නැවත මව්බිම වෙත යාමට කාලය පැමිණෙමින් පවතී.මා එය මගේ සිංහල මිතුරන්ට කීවෙමි.ඔවුන්ගෙන් සුභ පැතීම් ලදිමි .අමතරව තවත් ඉල්ලීම් කිහිපයක්ද ලැබුණි .

    1.ඔවුන්ගේ නිවාස කුලිය වැඩි නිසා ඉතිරි මාස 4ක කාලය මගේ නිවසේ නැවතීමට අවශ්‍යබව.
    (මෙය මා පුද්ගලිකව කුලිය ගෙවන නිවසක් නොව මගේ සේවා දායකයා විසින් තනි පුද්ගලයකු පමණක් ලැගුම් ගැනීමේ කොන්දේසිය පිට නීතිමය ලියවිල්ලකින් අයිතිය මාස කිහිපයකට ලද්දක් බව මා ඔවුනට ඉහතදී පැහැදිලි කළෙමි .)

    2.ඔවුන් සියළු දෙනා මේ රටේ අඟනන් හා විවාහවී සිටින බැවින්ද ,ජීවන වියදම වැඩි නිසාද ,මා තනිව වෙසෙන නිසාද රුපියල් ලක්ෂයක් ඔවුන්ට ණය වශයෙන් අවශ්‍ය බව.මෙය ශ්‍රී ලාංකිකයකු වන මා විසින් අනිවාර්යෙන් කලයුතු වගකීමක් බවත් ඔවුන් මාහට මතක් කරදීමටද කාරුණික වුනි.

    3.ඔවුන් අතරින් එක් අයකු පරිගණක සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා ඇති නිසාත්,ඔහුට මේ රටේ රැකියාවක් සොයා ගැනීම අපහසු නිසාත් ,මා වෙනුවට මා ගියපසු මගේ රැකියාව ඔහුට ලබාදෙන ලෙස මාගේ සේවා දායකයාගෙන් ඉල්ලීම.
    (මා මේ රැකියාව ලබාගත්තේ මා සතු වටිනා උපාධි,පස්චාත් උපාධි ,විෂයානුබද්ද ජාත්‍යන්තර සහතිකද,වසර 8කට වැඩි පළපුරුද්ද නිසාද බව මම ඔහු හා කලකට පෙර පැවසීමි.)

    මා නැවත කල්පනා කලෙමි.විදේශ රටකදී මා හැසිරිය යුත්තේ කෙසේද ? විදේශයක සිටින අප කවුරුත් රෝගාතුර විය හැක.Visa ගැටළු නිසා මුදල් අවශ්‍යතාවයක් පැමිණිය හැක.දරු උපතක් ,රැකියා අහිමිවීමක් නිසා තාවකාලික මුදල් අවශ්‍යතාවක් පැමිණිය හැක.තවත් විටෙක පවුලේ හදිසි තත්වයක් නිසා කඩිමුඩියේ මව්බිමට යාමට සිදු වීමට අවශ්‍යව මුදල් අවශ්‍යවිය හැක.මේ සියල්ලම එකවර සිදිවෙන්නටද පුළුවන.අප මේ අවස්ථාවලදී එක්ව කටයුතු කලයුතු බව මට හැඟේ.

    මගේ ජංගම දුරකථනය නාද වේ..මම එයට ප්‍රතිචාර දක්වමි.මගේ විදේශ මිතුරාහට මා මතක්වී ඇත..අද මේ රටේ ජාතික උත්සව නිවාඩු දිනයකි.මගේ පැමිණීම ඔහුගේ පවුලේ සියළු දෙනා බලාපොරොත්තු වන බවත් ,මගේ ගතිගුණ සහ හැසිරීම ඔවුන් ඉතා අගය කරන බවත් ,තනිව පැමිණීමට අකමැතිනම් මගේ ශ්‍රී ලාංකික ආපනශාලාවේ සේවය කරන මගේ රටේ මිතුරන්ද (ශ්‍රී ලාංකික ආපනශාලාවක් ඇති බවත් එහි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සිටින බවත් මම ඔහුට පවසා තිබුනෙමි ) කැටිව එන ලෙසත් ඔහු මට සුහද ආරාධනාවක් කරයි ....

    [මිත්‍රත්වයකට,සදාතනික බැඳීමකට අවශ්‍ය වන්නේ දැඩි විශ්වාසය,අවංකබව සහ කරුණාවන්ත හදවතක් පමණක් බව මට සිතේ]

    [සත්‍ය සිදුවීමකි.සංවාදය හෝ අවධානය පිණිස පලකලෙමි ]
     

    blue_in_rio

    Well-known member
  • යමක් බලාපොරොත්තු නොවී උදව් කරන මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්...හිටියත් ඒ ලංකාවෙන් මිසක්, වෙනත් රටකින් නම් හොයාගන්න බැරි වෙයි....... :no::no:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මිත්‍රත්වයකට,සදාතනික බැඳීමකට අවශ්‍ය වන්නේ දැඩි විශ්වාසය,අවංකබව සහ කරුණාවන්ත හදවතක් පමණක් බව මට සිතේ :) rep+
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මිත්‍රත්වයකට,සදාතනික බැඳීමකට අවශ්‍ය වන්නේ දැඩි විශ්වාසය,අවංකබව සහ කරුණාවන්ත හදවතක් පමණක් බව මට සිතේ :) rep+

    ස්තුතියි සහෝදරයා ...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ara lankave novena buva ubata thagith deela evai
    lankave evun tika puluvan nam ube salli valatath vidi oka tama eththa machoo mama mage personnel experience eken kiyanne pitarata inna lankave evungen 75% athmarthakamee
    pitarata evungen 25%
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලංකාවේ ගොඩක් උන් උදව්වක් කරන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්
    ඒත් පිටරට ගොඩක් උන් එහෙම නෑ බං
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Ara lankave novena buva ubata thagith deela evai
    lankave evun tika puluvan nam ube salli valatath vidi oka tama eththa machoo mama mage personnel experience eken kiyanne pitarata inna lankave evungen 75% athmarthakamee
    pitarata evungen 25%

    උඹගේ කථාව හරියට හරි ! අපේ එවුන්ට තේරෙන්නේ නෑ සහජීවනය කියන වචනේ තේරුම.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලංකාවේ ගොඩක් උන් උදව්වක් කරන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්
    ඒත් පිටරට ගොඩක් උන් එහෙම නෑ බං

    අපේම එවුන් පාගලා නැගිටින්නේ නැතුව ,එකමුතුවෙන් නැගිටින්න ඕනේ බව මෙහෙ ඉන්න එවුන්ට කවදා තේරෙයිද මන්දා මචං ....
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යමක් බලාපොරොත්තු නොවී උදව් කරන මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්...හිටියත් ඒ ලංකාවෙන් මිසක්, වෙනත් රටකින් නම් හොයාගන්න බැරි වෙයි....... :no::no:

    pissu ban. owa api eda idanma kiyanawa witarai. loke uthum rata :lol::lol:
    apima api gana pampori gahagannawa eth wada na, lankawe inna tharamak inne kuhakayo ban. suddo oita wada genuine
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    pissu ban. owa api eda idanma kiyanawa witarai. loke uthum rata :lol::lol:
    apima api gana pampori gahagannawa eth wada na, lankawe inna tharamak inne kuhakayo ban. suddo oita wada genuine

    ඇත්ත තිත්තයි මචං ...අපි ගැන අපේ මිනිස්සු ගැන හිතන්න ඕනි.අර කිව්වා වගේ බොරු පම්පෝරි වලින් අපි අපිවම රවට්ට ගන්න ඕනෙද ?මොකටද ? :shocked:
    හොඳ මිනිස්සු ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි ...හැබැයි ඒ මිනිස්සු බොහොම හොඳ මිනිස්සු ....:yes::yes:
    කුහකයෝ වෙන එක හරිම ලේසියි බං මනුස්සයෙක් වෙන එක තමා අමාරු .....ඒකයි කුහකයෝ ලංකාවේ වැඩි ....:nerd::nerd:


    ගොඩක් ස්තුතියි මචං !
     
    • Like
    Reactions: ~Hansel~