ආදරණීය ‘පබා’ අක්කී වෙත ලියමි,
ආදර පබා අක්කී,
ඉතින් ඔයා සනීපෙන් ඉන්නවා ඇතැයි කියා සිතනවාය. ඔයා මේ පාර චන්දේ ඉල්ලන නිසා ගොඩක් බිසී වෙලා ඉන්නා නිසා මේක කියවන්නට වෙලාවක් තිබේදැයි දන්නේ නැතිය.
ඉස්සර නම් සතියකට දවස් තුන-හතරක් ඔයා අපේ ගෙදර ආවා ගියේය. දැන් නම් ඔයාව දකින්න ට ලැබෙන්නේ අවාරෙට අඹ වැටෙන්නාක් මෙන් ඉඳ හිටලාය. කොටින්ම කිව්වොත් දැකපු කාලයක් මතක නැත.
ඔයාගේ සමගිපුර ගෙදර ඈයින්ගේත්, වටේ පිටේ කොල්ලො කුරුට්ටන්ගේත් මාතෘකාව ඔයා වුනත්, උන් ඔයාගේ සුදු මූණ පෙන්නන්නේ නැත. සමහර විට ඔයා පේන්න නැත්තේ චන්ද වැඩ නිසා ඔයාට නිවාඩු දී ඇති නිසා වෙන්නටත් පුළුවන්ය. ළඟකදී ඉඳන් අර මුලින් යන සිංදු කෑල්ලත් කපා දමා තිබෙන්නේ චන්ද නීති අකුරටම පිළිපදින නිසා වෙන්නට ඕනෑය. (හැබැයි පාරේ යන එන ඈයෝ, අධර්මන් කාරයාගේ පෝස්ටර් ඉස්සරහම නතරවී කතා කර කර ඉන්නේ හිතලා නොවේය. අහම්බෙන්ය.)
කොහොම වුනත් ඔයා ඔහේ චන්දෙ කරද්දී, මෙහේ හරි හරි වැඩ වෙනවාය. ඔයා නැති අල්ල පනල්ලේ, ඔයාගේ හතුරෝ ටික සැට් වී ඔයාව පිළිවෙලකට මඩ නාවනවා ය. දැන් ඉන්නේ, අර ඉස්සර හිටපු අවංක, කීකරු, අහිංසක පබා නොවේය. එක එකා එක්ක නන්නත්තාරේ යන ‘අවලං පබා’ ය. කවුරු කොහොම කිව්වත් අපි කරුණු කාරණා දන්නා නිසා ඔයා ඒ ගැන දුක් වෙන්නට ඕනෑ නැතිය.
අපේ අයියා නම් කියන්නේ ඔයා වැඩේ අනාගත්තා කියාය. ගිලෙන නැව් වලට නගින්නට කළින් ඔයාට දෙපාරක් හිතන්නට තිබුනාය. වැල යන පැත්තට මැස්ස ගහන්නේ නැතුව පරජාතන්තරවාදය ද මොකක්ද එක ගැන කතා කරන්නට ගිහින් ඔයා වැඩේ චා කර ගත්තේය.
ඔයාට තිබුනේ ප්‍රතිපත්ති බල්ලාට දමා, සෝමේ අංකල් ගේ ‘කලාබර හවුල’ ට හෝ නාමල් අයියාගේ ’අපට හෙටක්’ ප්‍රෝගෑම් එකට හෝ ඔළුව දමා ගන්නටය. එහෙනම් මෙළහකටත් ඔයා ආමන්තයා ව කසාද බැඳගෙන, රෙජිනෝල්ඩ් කාරයාගේ ලේලිය වී හමාරය. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. ළිඳට පැනපු එකා ළිං කටින්ම ගොඩ එන්නට ඕනෑය.
නාට්ටියේ නමට, ඔයාගේ නම දාලා තිබුනේ හොඳ වෙලාවට ය. නැත්නම් අර දොස්තරයාට වුනා වගේ ඔයාටද ඇඩ්රස් නැතිවනු ඇත. (දොස්තරයා යැයි කීවේ, අර එක පාරක් ආමන්තයා ඩිරැට්ටර් කාරයා එක්ක ගුටි ඇණගත්ත හින්දා, අත පය කඩා එංගලන්තේ යවපු වෙලාවේ, ඔයා එක්ක සැට් වෙන්නට ආ මෑන්ස්ට ය. හැබෑටම කෝ දැන් මිනිහා??)
කොහොම උනත් අපි අසුබවාදී ව හිතන්නට ඕනෑ නැත. මේ මං වාගේ, ඔයාගේ රසිකයෝ ගොඩාරියක් ඉන්නා නිසා ඔයා චන්දෙන් දිනලා කවුන්සිලේට යන බව මට නම් ඉර හඳ වාගේ ෂුවර් ය. (අනර්කෙලී අක්කත් ඔය යස අපූරුවට චන්දෙ ඉල්ලලා දිනපු එකේ, ඔයාට බැරි මොකෝ!)
කොහොමහරි කරලා ඔයාලාගේ ම ආණ්ඩුවකුත් අටවා ගන්නට පුළුවන් වුනොත් කික්ම තමාය. එහෙම වුනොත් නම් ඔයාට කරන්නට තියෙන්නේ අනිල් අංකල්ට වැඳලා හෝ ජනමාද්දිය ඇමති කම ඉල්ලා ගන්නා එකය. ඊට පස්සේ ඔයාට කැපිල්ල දාපු හැත්ත බුරුත්ත ඔක්කෝගේම ලිස්ට් එකක් හදාගෙන වැඩේ පටන් ගන්නට පුළුවන්ය. වැඩියෙන්ම කැපිලි දාපු එවුන්ගේ ගෙවල් වලට සුදු වෑන් යවා, ඊළඟ ට පිළිවෙලින් අත-පය කඩා දැමීම, රස්සාවෙන් දොට්ට දැමීම, මරණ තර්ජන කිරීම, නාට්ටියෙන් එළවීම, වැනි කළගුණ සැළකීමේ ක්‍රියාමාර්ග වලට එළඹෙන්න ට පුළුවන් ය. ඊට පස්සේ කතාව ඔයාට ඕනෑ හැටියට වෙනස් කරගන්නටත් පුළුවන් ය. ඕනෑ නම් නමද වෙනස් කල හැකිය. ‘චණ්ඩි පබා’, ‘වීර පබා’, ‘යුක්තියට පබා’ වාගේ එකක් හොඳය. (ඔයා කැමති නම් තව නම් සෙට් එකක්ම හදලා එවන්නට පුළුවන් ය.) හැබැයි ඉතින් මම නම් කියන්නේ ඔයා එහෙම ලොකු පුටුවක වාඩි වුනාට පස්සේ, නාට්ටිය නවත්තලා දමන එක හොඳය කියා ය. ඒ වාගේ පාංකඩ නාට්ටිය වල රඟපෑම ඔයාගේ තත්වෙට හොඳ නැතිය.
හැබැයි පබෝ, බැරිවෙලාවත් ඔයාට චන්දේ ගොඩ දාගන්න බැරි වුනොත්, මොනවායින් මොනවා වෙයිදැයි හිතා ගන්නට බැරිය. කොච්චර චණ්ඩියා වුනත් වසන්තයාටවත් ඔයාව බේරා ගන්නට බැරි වනු ඇත. මුන් ටික එකතු වී ඔයාට වැලේ වැල් නැති කරනු ඇත. එහෙම වුනොත්, ඔයා සිය දිවි නසා ගන්නා සීන් එකක් බලෙන් හරි ෂුට් කරවාගෙන නම්බු පිටින් අයින් වෙන එක හොඳය.
කොහොම වුනත් ඔයාව දකින්න ට නැති කමෙන් අපි ඉන්නේ බොහොම දුකෙන්ය. ඉඳ හිටලාවත් පොඩ්ඩක් මූණ පෙන්නා යන්නට එන්න පුළුවන් නම් හොඳය.
තව ගොඩාරියක් දේවල් ලියන්නට හිතේ තිබුනත් ඔයාට මේවා කියවන්නට වෙලාවක් තිබේදැයි නොදන්නා නිසා අදට නවතිනවාය. ඔයාගේ සියළු වැඩ කටයුතු කිරි ගහට ඇන්නාහේ සාර්තක වේවා යි පතනවාය.
ඔයාට අනිල් අංකල්ගේත්, සිකුරුටි අංකල්ගේත් පිහිටයි.
මීට ,
ඔයාට හිතවත්,
බංඩා
from වක්කඩ web blog