ආදරමනීය අශේන්...

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ආදරමනීය අශේන්...

    13178902_973560886095105_5744204996975054903_n.jpg


    ආදරමනීය අශේන්....,
    ඔබ කොහොමත් කැමැත්තෙන් උන්නේ මුලතිව් සටනට යන්න.
    ඔබේ මිතුරන් කැල එහි යද්දි ඔබට විතරක් කොළඹ ඉන්න බෑ කියලා මිතුරන්ට එකතු වෙච්චි ඔබ සටනේ අවසානය තෙක්ම හිටියේ යුධ පෙරමුනේ...
    මාධ්‍යවේදිනියක් ලෙස උතුරේ යුද්ධය වාර්ථා කරන්න අප එහි ගියාම ඔබත් මාත් හමු උනේ....
    යුද්ධයේ කුරිරු බව විසින් මාපියන්ගෙන් වෙන්කලේ මිනිස් දරුවන් විතරක් නෙවි...අලි මුවන් ගෝනුන් වැනි සිව්පා දරුවන්ද දෙමාපියන්ගෙන් වෙන් කරපු යුද්දය ඉතාම කෲර කටුක බව මම වටහා ගත්තේ ඔබ කියූ දේවලින්..
    අල්ලාගත් අපේ රණවිරුවන්ට ත්‍රස්ථවාදීන් දුන් වද මට කීවේ ඔබ....අම්මත් නැති ගෙදර පිලිකාව හැදුනු තාත්තාවයි නංගි මල්ලිලාවයි බලා ගත් කොල්ලෙක්ගේ මිනිය මට පෙන්නුවේ ඔබ...
    ඔබ සොල්දාදුවෙක් වෙලා සටන් කලත් මේ කුරිරු ත්‍රස්තවාදයට ඔබ වෛර කලා..
    යුද්ධය නිමා උනේ, යුද්ධය නිසා හඳුනාගත් ඔබ යුද්ධය නිසාම මට අහිමි කරලා..අවසන් සටනේ අවසන් දිනයේ මරණය තුරුලු කරගත් ඔබව සමරන්න සිහි කරන්න මට ඕනේ...
    ඒත් "කුහක" පාලකයින් ඔබ හැම දෙනා සදහටම අමතක කලා විතරක් නෙවි අපිවත් ඔබව සැමරීමෙන් ඈත් කරන්න හදනවා..
    ඔබලා කල මෙහෙය දෙනෙතින් දැකලා හදවතින් පසක් කරගත් අය විදියට ඉන්නෙ කොහොමද
    හරියට හදවතක් නැති උන්වගේ....
    18 වෙනිදා දිනයක් විදියට යෙදුනත් හිරු නැගෙන පැයේත් හිරු බසින පැයේත් අපිට ඔබව සිහිවෙනවා...
    අපේ හිතට බාධක දාන්න පුලුවන් මොන ජගතා ටද....

    සෙනුෂි කාව්‍යා තත්සරණී
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ