ආදරයට අරුතක් දෙන්න....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආදරයට අරුතක් දෙන්න....

    අපි විවාහ වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිඳ මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.

    "මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව, සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්, එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න.."

    මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා.
    අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේ දරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම...

    ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන්න.

    "ඇයි පුතා මේ මහ රෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොදින් ඉන්නවා නේද?"

    ඒ අම්මගේ හැටි,අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නේ එහෙම අහලා.

    "මම කැමතියි අම්මාව මුන ගැහිලා කතා කරන්න...අපි දෙන්නා විතරක්...අපි සිකුරාදට රෑ කෑම ගන්න එලියට යමුද අම්මේ?"

    "මම ඒකට ගොඩක් කැමතියි පුතේ"ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය අම්මා කිව්වා.

    සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුනා. ඒ වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ,ඒ තරමටම අම්මයි මමයි දුරස් වෙලා...
    අම්මගේ ගෙදරට යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා,තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවත්සරේ සමරපු දවසේ අම්මා ඇදපු ඇඳුමම තමා ඇය ඇදගෙන හිටියේ.

    අම්මා මාත් එක්ක හිනා වුනා...ඇගේ ඇස් වල අමුතු දීප්තියක් තිබුනා.

    "මම මගේ යාලුවන්ට කිව්වා අද මම පුතා එක්ක රෑ කෑමට යනවා කියලා...එයාලට ගොඩක් සතුටුයි..." අම්මා සතුටින් කිව්වා.

    අපි අවන්හලකට එකකට ගියා.ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිස්කලංක සුව පහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතට ගත්ත මම ඒක කියෙව්වේ අපට කෑමට යමක් ඇනවුම් කරන්න... ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා,ඇස් වල හීනියට කදුලු පටලයකුත් තිබුනා.

    "පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ" මද සිනාවක් සමග අම්මා කිව්වා.

    එදා අම්මයි මමයි ගොඩක් දේවල් කතා කලා.මම පොඩි දවස් වල විස්තර,අපේ පවුලේ විස්තර,අපේ අසල්වැසියෝ ගැන විස්තර,අම්මාගේ යාලුවෝ ගැන විස්තර වගේ ගොඩක් දේවල් අපි කතා කලා. අම්මා ගොඩක් හිනා වුනා...එයා ලොකු සතුටකින් ඉන්න බවක් පෙනුනා.
    අපි එන්න පිටත් වෙනකොට මධ්‍යම රාත්‍රියටත් කිට්ටු වෙලා.

    "පුතා කැමති නම් විතරක් අපි තව දවසක් මෙහෙම රෑ කෑමට යමුද..?" අම්මා හෙමිහිට ඇහුවා.

    "ඔව් අම්මේ අපි තව දවසක් යමු,මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න"
    මම කිව්වා.

    ගෙදර ආවට පස්සේ බිරිද ඇහුවා රාත්‍රී ආහාරය කොහොමද කියලා.

    "ගොඩාක් හොඳයි...කියන්න වචන නෑ.."
    අම්මටත් ගොඩක් සතුටුයි...තව දවසක් අම්මව එක්කගෙන යන්න ඕනි. මම කිව්වා.

    නමුත් මගේ ඒ ආශාව ඉටු කර ගන්න ලැබුනේ නෑ..මොකද ඒ සතියේම අම්මා හදිසියේ මිය ගිය නිසා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ලගින් ආශ්‍රය කල ඇගේ මිතුරිය මගේ ලගට ඇවිත් ලියුම් කවරයක් මගේ අතින් තිබ්බා,ගෙදර ආපු මම ඒ ලියුම් කවරේ විවෘත කලා.

    ලියුම් කවරේ ඇතුලේ තිබුනේ එදා අම්මයි මමයි රාත්‍රී ආහාරය සදහා ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුනා තිබුනු සටහනක මෙහෙම තිබුනා

    "පුතේ..
    මම තව රාත්‍රී ආහාර වේලකට ආසන වෙන් කලා.ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නෑ,ඒත් මම ආසන දෙකක් වෙන් කලා එකක් පුතාට අනික පුතාගේ බිරිදට.
    එදා මගේ පුතා එක්ක ගත කරපු කාලේ මට කොච්චර වටිනවද කියන්න මට වචන නෑ පුතේ,මගේ පුතාට මම ගොඩක් ආදරෙයි."

    මට ඒ මොහොතේ වැටහුනා අපි ආදරේ කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත් කම.
    ජීවිතේ අපිට තියන වැගත්ම දේ තමා අපේ පවුල.ඒ අය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය මොහොතේ කාලය වැය කරන්න අපට නොහැකි උනොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් පසු තැවෙන්න අපට සිදු වෙවි. විශේෂයෙන් ඔවුන් ගේ තරුණ සමය අප වෙනුවෙන් කැප කර දැන් ජීවිතයේ සැදෑ සමය
    තනිවම ගෙවන අපේ මවුපියන් වෙනුවෙන්..

    (අන්තර් ජාලයෙන් උපුටාගැනීමකි )
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    දෙයක් කියවද්දී අස් දෙකට කඳුළු ආපු පලවෙනි පාරද මන්ද බන්... එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ
     
    • Like
    Reactions: jayanathek

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    sandawata_ran_tharu_.png