ආදරය ,අන්තර්ජාලය?

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආවේයන් නම් හැම සම්බන්දෙකම තියන්වා.ඊටත් වදා මෙ වගෙ සම්බන්දෙක්දි දෙන්න අතර අදුනා ගැනිම දුර්වලයි නේද?

    එහෙම ම කියන්න බෑ. සමහරවිට සාමාන්‍ය විදියට කරන ආදරයකට වැඩියෙන් හොඳින් සිතුම් පැතුම් අදුරගැනීමට ‍අන්තර්ජාලය උපයෝගි වෙන්න ඉඩ තියනව. ඒක නෙමෙයි මං කියන්නෙ. අපි ඒ කෙනා කවුද කියලවත් හරියට දන්නෙ නැතුව ගැඹුරු ලෙස ආදරය කරන්නට යෑම ගැන. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපේ සමහර තරුණ තරුණියන් එහෙම කරන අවස්ථා ඕනතරම් මං දැකල තියනව. ඒක සාර්ථක දෙයක් නෙමෙයි.
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඉතිං හැබැහින් හම්බවෙලා කතාකලේම නැද්ද?

    හම්බවෙන්නෙ නැතිව ගෙවල් වලට කියනවඩ බන් හම්බුනා ඔක්කොම උනා අන්තිමට මට කෙල උනා :P :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම දැකිය හැකි දෙයක්. මොකද ආදරයේ මූලික පදනම වෙන්නෙ විශ්වාසය. අන්තර්ජාලය තුළ අඩුම දේත් ඒක තමයි. මොකද අපට පුද්ගලයන් වශයෙන් අපි කථාබහ කරන අයව දකින්නට, මුණගැසෙන්නට ලැබෙන්නෙ ඉතා කළාතුරකින්. ඒ වගේ ම තාක්ෂණික මගෝඩි වැඩ ඕනෑතරම් ඇති නිසා විශ්වාසය කියන දේ අඩු ම ස්ථානයක් අන්තර්ජාලය සාපේක්ෂව සැසදීමෙදි. ‍මෙවන් කරණු කාරනා ගෙන බැලූ කළ අන්තර්ජාල ආදරය කියන දේ අවධානමට අත වැනීමක් වැන්න.

    නමුත් අන්තර්ජාලය තුළින් හඳුනාගෙන පසුව පුද්ගලයන් වශයෙන් මුණගැසී අනතුරුව ආදර සබඳතා කරා යන එක එවන් ගැටලු අවම කරන තත්වයක්. ඒ තුළ සාර්ථකත්වයත් වැඩි සාපේක්ෂව.

    ඇත්ත කතාව. :yes::yes:
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඔව් බං දැනට මාස 7කට විතර උඩදී එහෙම දෙයක් උනා, දැන් නම් මොනවත් නෑ ආතල් එකේ ඉන්නව ;)

    මටත් එහෙම දෙයක් උනා
     
    හම්බවෙන්නෙ නැතිව ගෙවල් වලට කියනවඩ බන් හම්බුනා ඔක්කොම උනා අන්තිමට මට කෙල උනා :P :P

    මේක අමතර කතාවක්,අද තිබුනා හෝමාගම කිට්ටුව බන්ධනාගරෙක දන්සැලක්.විශේෂ හේතුවකට මටත් යන්න වෙලා තිබුනා.මේකට එලකිරියේ 3දෙනෙකුත් එකතුවුනා.අමතර කෙනෙකුත් ආවා...මහා වාතයක්..වාහනේ ගිය විනාඩි විස්සෙ සහ කැම කන්න ගිය පැය බාගෙට මම මිනිහ අඳුනගෙන ඉවරයි.තනිකරම ඇණයක්. ඔයාට ඔච්චර දවසක් ඇසුරුකරලත් ඒ කෙල්ලව අඳනගන්න බැරිවුනා කියන්නේ ......හික් (සමාවෙන්නෝනා මේකෙ අකුරු ලොකු කරන්න බැ) ආ තව දෙයක්,දන්සැල නං පංකාදුයි.මඟුල් ගෙයක් වගේ.අච්චාරු-පපඩම්-දෙල්-හාල්මැස්සන් බැදුම-.......කිරිපැනි-පලතුරු...සමර්හට් ගහලා...