ආදරය කරන්න ඉගෙන ගනිමු
ආදරය කියන්නෙ මිහිරිවූද, සෞම්‍ය වූද හැඟීමකි. තුරුණු වියේ එකිනෙකා වෙනුවෙන් ආදරයෙන් බරවෙන සිත්, විවාහ වෙලා ටික කලක් ගතවෙද්දී දයාවක් තෙතමනයක් නැති කාන්තාර බවට පත්වෙනවා. සැබෑ ආදරයත්, ඒ කියන්නෙ විශ්වාසය තුළින් ගොඩනැගෙන ස්ථිරසාර අනෝයන්‍ය බැඳීමක් කිසිදිනෙක වයසට යන්නෙ නැහැ. අන්‍යෙන්‍ය විශ්වාසය සහ සෙනෙහස කියන දෙක හරියට එකම කාසියෙ දෙපැත්ත වගෙයි. එකක් නැත්නම් අනෙක පවතින්නෙ නැහැ.
මේ විශ්වාසය පවත්වාගෙන යන්න වැඩිපුරම වැදගත් වෙන්නෙ එකිනෙකා අතර ඇතිවෙන මනා සන්නිවේදනය බවයි මනෝවිද්‍යා උපදේශකවරුන්ගෙ අදහස වන්නේ. සන්නිවේදනය කියන්නෙ වාචිකව ඇතිවන කතාබහ පමණක් නෙවෙයි. සිනාවෙන්, බැල්මෙන්, සිප වැළඳ ගැනීමෙන් වගේම නිහඬතාවයෙන්ද පෙම්වතුන් තම අදහස් හුවමාරු කර ගන්නවා.එහෙමනම්, හොඳ සන්නිවේදනයක් තුළින් යහපත් පවුල් සංස්ථාවක් වගේම නොබිදෙනසුළු පෙම් සබඳතාවක් ගොඩනඟන්නෙ කොහොමද කියන කාරණය සම්බන්ධව මනෝවිද්‍යාඥවරුන් දක්වන අදහස් කිහිපයක් දැනකියා ගැනීමට දැන් අපි සැරසෙමු.
මේ අදහස් අපි අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවන් පිළිබඳ බුද්ධිමත් ආවර්ජනයක යෙදීමට අපට පාර කියා දෙනු ඇත.මනෝ විද්‍යාත්මක මතයන්ට අනුව විශ්වාසය කියන සාධකය නැත්නම් කිසිම ආදර සබඳතාවක් හෝ විවාහ ජීවිතයක් දිගු කලක් සාර්ථකව ඉදිරියට ගෙනයන්නට නොහැකිය. මානසික විද්‍යාඥවරුන්ට තරම් වැඩිපුර දැන උගත්කම් නැති වුණාට මේ කාරණය තේරුම්ගන්න අපට ඒ හැටි අපහසුවක් නැහැ. අපේ ආච්චිලා සීයලගේ, අම්මලා තාත්තලා ගේ සහ අනෙකුත් වැඩිහිටියන් ගේ ජීවිතාන්තය දක්වාම පැවතුණු යහපත් පවුල් ජීවිත දිහා මඳක් විමසිල්ලෙන් බැලුවොත්, ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු සාර්ථකත්වයේ රහස අපට දැන ගැනීමට හැකියි.
ඒ තමයි අන්‍යෝන්‍ය විශ්වාසය කියන ස්වර්ණමය බැඳීම.එකිනෙකා කෙරෙහි හදවතින්ම ගොඩ නැඟෙන මේ විශ්වාසය, ආදරයක් පටන්ගත් පමණකින්, නැතිනම් විවාහ වූ පමණකින් ඇතිවෙන්නෙ නැහැ. ඒවගේම ආදරවන්තයන් හට කිසිදු වරදක් නොකර සිටීමෙන්. ඔවුන් වෙනුවෙන්ම ජීවත් වීමෙන්වත් අප ගැන සැබෑ විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනගන්න අපට බැහැ.
එහෙමනම් කොහොමද මේ අපූරු විශ්වාසදායි හැඟීම ආදරවන්තයන්ගෙ සිත් තුළ ඇති කළ හැකි වෙන්නෙ? ඒ සඳහා හොඳම මග යහපත් සන්නිවේදනයයි. වරදක් නොකර සිටියාට, සිතින් සහ කයින් සුචරිතවත් වුණාට පමණක් ගොඩ නොනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය එකිනෙකා අතර තහවුරු වෙන්න බලපාන්නෙ වාචික හා වාචික නොවන කතා බහයි.විශේෂයෙන් ම විවාහකයන් අතර වාචික සන්නිවේදනය, ඔවුන් පෙම්වතුන්ව සිටි අවධියට වඩා ඉතා අඩුවෙන් සිදුවන බව බොහෝ දෙනෙක් අත්දැක ඇති සත්‍යයක්. ආදරය කරන කාලයේ තොරතෝන්චියක් නැතිව කතා කරන අපේ සමහර තරුණ තරුණියන් ගේ කතා පෙට්ටි විවාහ වීමත් සමඟම අගුලු වැටෙන්න ඇයි? එයට හේතුව අනවබෝධය බවයි මනෝවිද්‍යා මතයන්ට අනුව කියැවෙන්නෙ.කතා බහ තුළින් ප‍්‍රීතිය මැවීමත් එක්තරා ආකරයක කලාවක්.
දිනෙන් දින අලුත්වන සාකච්ඡා මේසයක් පෙම්වතුන් අතර වගේම විවාහකයන් අතරත් තිබිය යුතුයි. එදිනෙදා මුදල් පරිභෝජනය, ඉවුම් පිහුම් කටයුතු, දරුවන්ගෙ සහ නෑ හිතමිතුරන්ගෙ ගැටලු වගේම ආදරණීය රුචි අරුචිකම් ගැනත් මේ සාකච්ඡා මේසයේදී විවෘතවත්, අවංකවත් කතාබහ කිරිම හොඳ ආදර සබඳතාවක්, නොබිදෙන පවුල් සංස්ථාවක් වෙනුවෙන් වැදගත් වෙනවා.ඒත් අද කාලේ පවුල්වල සහ සබඳතාවන් වගේම සුහදශීලි කතාබහ පවා සීමා කිරීමට වැඩිපුරම හේතුවෙලා තියන්නෙ රූපවාහිනිය බවට බොහෝ දෙනා චෝදනා කරනවා. ඇත්තෙන්ම මේ වගේ හිත් පිත් නැති යන්ත‍්‍රයකට අපේ සොඳුරු කතා බහ, මිහිරි හිතවත්කම වගේම දවසේ ආගිය තොරතුරු කතාබහ කිරීමෙන් ලැබෙන අසමාන තෘප්තිය ආදිය පාලනය කිරීමට ඉඩහැරිම ලොකුම වරදක්.
ඒ නිසා මාධ්‍යයන් සඳහා ස්වයංවාරණයක් පනවාගත යුතු බව අකමැත්තන් වුවත් කියන්නට සිදුවනවා.කතාබහෙන්, හොඳ වටහාගැන්මක් නොමැති තැන මැවෙන නීරස ගතිය මත්පැන්, මත්ද්‍රව්‍ය වගේම තවත් නොමනා ගතිසිරිත් බොහොමයකට තෝතැන්නක් වන බව පවුල් සංස්ථා උපදේශකවරුන් සහ මනෝවෛද්‍යවරුන් නිතර පෙන්වා දෙන කාරණයක්. විවෘත සාකච්ඡා තුළින් ගොඩනැගෙන නිවැරැදි අවබෝධය ඕනෑම ගැටලුවකට විසඳුම් සැපයීමට සමත්.ආදරණීය කතාබහ තුළින්ම ආදරය දිනාගත හැකි බව තේරුම්ගැනීම පෙම්වතුන්ට වගේම විවාහක ආදරවන්තයන්ට එක සේ වැදගත් වන්නක්. එහෙමනම් මනෝ විද්‍යා උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරනුු ලබන, හොඳ අන්‍යෝන්‍ය සබඳතාවකට මඟ පාදන පියවර 10 ක් ඔබට ඉදිරිපත් කරමු.
ආදරය දිනන්න මේ ගැනත් සැළකිලිමත් වෙන්න
(1) දවසකට පුංචි කාල වේලාවක් හෝ එදිනෙදා තොරතුරු කතාබහ කිරීමට වෙන්කරගන්න.
(2) රෑ නින්දට යන වෙලාව තෙක් මේ සාකච්ඡා කල් දාන්න එපා (නිදිමත සංවාද ඉතා ඉක්මණින් අමතකවන සුළුයි)
(3) ඔබේ අවශ්‍යතා මුලින්ම තේරුම්ගත යුත්තේ ඔබමයි. එවිට එම සිතැඟි සහකරුට වටහාදීම පහසු වෙයි.
(4) මඳක් කාරුණික වන්න. “මම හිතන හැටියට......” කියමින් කතාව ආරම්භ කිරීමෙන් ඔබ සැරසෙන්නේ ආක‍්‍රමණයකට නොවන බව ආදරවන්තයාට වැටහේවි.
(5) කෝපගත් අවස්ථාවක පවා වදන් හැසිරවීමට පෙර ඔබ දෙදෙනා මීට කලින් මොහොතේ ඉතා ආදරයෙන් සිටි බව මතක තබා ගන්න.
(06) විශේෂයෙන්ම මුදල් වියදම් කිරීම පිළිබඳ කතා බහකදී අතීතයේ සහකරු අතින් සිදුවු නාස්තිය පිළිබඳ පරණ කතා ඇද ගැනීම නම් නුවණට හුරු නැහැ.
(07) කතාබහේ දී දෑත් බැඳගෙන සිටීම හෝ ඉවතට හැරී සිටීම වෙනුවට මුහුණ බලා කතා කරන්න. ඔබේ දෑසින්, අංග චලනයෙන් පැවසෙන දේ දෙබසට වඩා හැමවිටම ඵලදායකයි.
(08) ඇහුම්කන් දෙන්න.
(09) නම්‍යශිලීවන්න. දැඩි කතාබහකදී වුවත් හැම විටම විහිළු තහළු තුළින් ප‍්‍රීතිය මතුකරන්න.
(10) ආදරවන්තයන් වශයෙන් වාචික කතාබහටත් වඩා වැදගත් වන්නේ ශාරීරික සන්නිවේදනය (BODY LANGUGE) බව සිහිතබා ගන්න.
නිලූෂා නිරංජලා

W ...tnx machan 