දැයෙන් සමුගත් නයනසේන වන්නිනායක මහතාට උපහාර පිණිසයි
ආදරය නිබ්බුත පදයකි
සිත දවන තැන් නිවනා හැටි
එය කියා දුන්නේ නුඹ තමයි
ආදරය නිබ්බුත පදයකි
නොසිතූ බසක් විරසක වෙලා
හිත රිදුනු තැන පිරිමැද තවා
කඳුලට පවා ඇස් කන් තියෙන බව
කියා දුන්නේ නුඹ තමා
නුඹේ බෝසත් පෙම තමා
ඇල දොල පවා ගිනියම් වෙලා
පෙම් දනව්වම ඇවිළුනු දිනේ
යලි ආදරේ දළුලා වැඩෙන හැටි
කියා දුන්නේ නුඹ තමා
නුඹේ බෝසත් පෙම තමා
ගායනය : නිපුනි නයනතාරා තෙන්නකෝන්
පද රචනය : නයනසේන වන්නිනායක
සංගීතය : දර්ශන වික්‍රමතුංග
