ආදරය මෙසේ විය ...

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ආදරය මෙසේ විය ...
    ඔහු ;


    වසර ගණනක් බලා හිඳ,
    පෙරුම් පුරමින්,
    සිහින දකිමින්,
    දවස් ගණනක්,
    මාස ගණනක්,
    වෙහෙසිලා වෙහෙසිලා,
    ඔහුට ඇය හිමිවුණා.......


    එතැන් සිට :


    ආදරෙන් තුරුල් වී,
    පැය ගණන් තුටු සිතින්,
    බස් දොඩා,
    පෙම් කලා,
    ජීවිතේ සුන්දරයි,
    කිය කියා හිනැහුණා...


    ඉන්පසුව :


    අත මුදල් හිඟ වුණා,
    හමුවීම් මඳවුණා,
    සිනහ මල් වියැකුනා,
    ආදරය ලොප් වුණා,
    ඈ ඔහුව තනිකලා,
    අවැසිකම් ඉටුවෙනා,
    වෙන හිතක නැවතුණා....


    ඔහු : දුක් විඳිමින් තනිවිය....


    ඈ : සැප විඳිමින් තුටු විය....

    ~~~~~~~~~~~~~~~~~


    ප.ලි. : ඔබ 'ඔහු' විය හැක... එසේම 'ඈ' ද විය හැක.....

     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    avatar557152_3.gif
     
    • Like
    Reactions: ^Chamith^BE_ONE