ආදරය විහිලුවක්ද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආදරය විහිලුවක්ද

    මේක ගිය සතියේ සිදුවුන සිදුවීමක් . මගේ girl friendගේ එක්ක සම්බන්දෙ පටන්ගෙන දැන් අවුරුදු 6ක් වෙනවා . එයාගේ යාළුවගේ අදර සම්බන්දෙ පටන්ගෙන අවුරුදු 7ක් වෙනවා . පාසල් යන කාලේ ඉදන් තිබුනේ, මමත් ඒ දෙන්න හොදට අදුරනවා . මේ ලගදි අර කොල්ල කතා කරලා කිවුවා දැන් එයාගේ gf වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා කියලා බලාගෙන යද්දී ඇත්ත මමත් හොයලා බැලුවා එයා ගියපු class එකකින් හම්බුන කොල්ලෙක් එක්ක යාළුවෙලා . ඒ නංගි ඒක මගේ gf ටවත් කියලා නෑ . ඒ කොල්ලා මට කතා කරලා කිවුවා අයෙත් යාලු කරලා දෙන්න කියලා .

    මටත් වැඩේට ගොඩක් අප්සට් අන්තිමේදී මම මෙහෙම කිවුවා . අර නංගිටයි දැන් යාළුවෙලා ඉන්න කොල්ලටයි දෙන්නටම කතා කරලා කිවුවා දෙන්නා සතුටින් ඉන්න ඔය දෙන්න සිම් එහෙම මාරු කරගන්න අයෙ අපි දෙන්නටවත් පරණ කොල්ලටවත් කතා කරන්න එපා දෙන්නගේ පාඩුවේ සතුටින් ඉන්න කියලා . මගේ යාලුවට කිවුවා උබේ මොකක් හරි වරදක් හින්දනේ ඈත් උනේ කියලා , ඒක හදාගෙන පාඩුවේ ඉදපන් අයෙ එකී පස්සේ යන්න එපා කියලා . මගේ gf ටත් කිවුවා ඔයාගේ යාලුවත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරන්න කියලා , ඊට පස්සේ මම ඒ ප්‍රශ්නෙන් ඈත් උනා

    පසුව ලීවීම - ඔය ප්‍රශ්නය නිසා මට රුපියල් 2000ක විතර phone card ඉවර උනා , මම පරණ කොල්ලට ඒ කියන්නේ මගේ යාලුවට ඊයේ නිකමට වගේ කතා කරා තත්වේ මොකද බලන්න . මම ඇහුවා දැන් තත්වේ මොකද කියලා . ඒ පාර පොර කිවුවා වැඩිය අවුලක් නෑ , මට තව කෙල්ලෙක් හිටියා ඒක හින්දා එච්චර අවුලක් නෑ කියලා . ඌ මටත් කියනවා උබත් කෝකටත් උබත් ස්ටෑන්ඩ් බයි එකක් හොයාගනින් කෙල්ලෝ විස්වාස කරන්න එපා කියලා . මම හා කිවුවා, එය එසේ නිමාවට පත්විය :love:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උන් දෙන්නා සතියකට අනිවරෙන් දෙපාරක් වත් හම්බෙනවා , ඒ කොල්ලයි කොල්ලයි එකම ගමේ අල්ලපු ගෙවල් වල ඉදිරියේදී කුමන තත්වයක් ඇති වෙයිද දන්නේ නෑ , කොල්ලා මොනවා කිවුවත් ගොඩක් අප්සට් එකේ ඉන්නේ ඒ කෙල්ල දැනට මාස 4ක් විතරලු අලුත් සම්බන්දෙ පටන්ගෙන
    දැන් ඒකිට ඉන්න කොල්ලා ටිකක් ඇත ඇත්තටම ඌ අහිංසක නොර්මල් කොල්ලෙක් උට අර අර කෙල්ල සේරම විස්තරත් කියලා මම උට බැන්නේ නම් නෑ වැඩක් නෑනේ
     
    Last edited:

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ටහිකෙන කතාවක්නේ..අව්ලක් නෑනේ බන්..දෙන්නම එක වල්ලේනේ..උබ පැත්තකට වෙච්ච එක හොදටි උබේ ලව කඩා ගන්නේ නැතුව
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ටහිකෙන කතාවක්නේ..අව්ලක් නෑනේ බන්..දෙන්නම එක වල්ලේනේ..උබ පැත්තකට වෙච්ච එක හොදටි උබේ ලව කඩා ගන්නේ නැතුව
    උන්ට කොහොමද දන්නේ නෑ මටනම් අප්සට් , මට තියෙන අප්සට් එකවත් මට තේරෙන්නේ නෑ , මුන් යකෝ අපිත් එක්කම අවුරුදු 6ක් එකට හිටියනේ
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එතන දෙන්නම ආදරේ කරලා නෑ...

    අදද ඊයෙද කොහෙද කෝච්චියට බෙල්ල තිබ්බ කොල්ලට ඒ වගේම ආදරේ නිසා ජිවිතේ නැතිකරගත්ත කෙල්ලෙක් හම්බවුනා නම්... ඒ ආදරේ සදාතනික වෙන්න තිබුනා...

    ඒත් අද කාලේ වෙන්නේ... ඇත්තට ආදරේ කරන එකට බොරුවට ආදරේ කරන එකෙක් හම්බවෙනවා... බොරුවට ආදරේ කරන එකාට ඇත්තට ආදරේ කරන එකෙක් හම්බවෙනවා.... ඉතින් ඒවා හරියන්නේ නෑ...