කෙල්ල දෙමවුපියොත් එක්ක කේන්තියෙන් ඉන්න එක දෙමවුපියොත් එක්ක "ගේම" ඉල්ලීමක් විදියට මම දකින් නැහැ. ප්‍රශ්නේ මොකක්ද කියල හරියටම දන්නැතුව එක පාර්ශවයක පැත්ත අරන් කතා කරන්ඩ බැහැ . ඒක තමයි මම දෙපැත්තටම බැලන්ස් වෙන උත්තරයක් දුන්නේ. මෙතෙන්දි කෙල්ලට එක පාරටම ඇගිල්ල දික් කරන්ඩ බැහැ. දෙමවුපියෝ ප්‍රේම සම්බන්දතාවලට විරුද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. මෙතෙන්දි ගෙදරින් කෙල්ලට විරුද්ධ වෙන්නේ සාධාරණ හේතුවක් නැතුවනම්, එතෙන්දි කෙල්ලට ඇගිල්ල දික් කරන්ඩ බැහැනේ. එක තමයි මම කියුවේ ආවේගශීලී නොවී බුද්ධිමත්ව ඔය ප්‍රශ්නෙට මුණ දෙන්ඩ ඕන කියල. ඒක කෙල්ලට තේරුම් කරලා දෙන්ඩ ඕන කියුවේ ඒක තමයි.
මේ වගේ ප්‍රශ්න වලදී හුග දෙනෙක් ගන්නේ දෙමවුපියන්ගේ පැත්ත. එතැනදී ඉස්මතු කරන තර්කය තමයි "තමන්ව හදාවඩපු දෙමවුපියෝ" කියන කාරණය. නමුත් දෙමවුපියන්ගේ වැරදි නිසා දරුවන්ගේ පවුල් විනාශ වීම් කොයිතරම් මේ සමාජයේ වෙනවද. විශේෂයෙන්ම විවාහ සම්බන්දයකදී හුගක් දෙමවුපියෝ හිතනවා තමන්ගේ පුතා මුලිකත්වය දෙන්ඩ ඕන තමන්ගේ මතයට කියල. නමුත් ඒක වැරදියි. විවාහයෙන් පසුව දෙමවුපියන්ගේ මතයට වඩා දරුවන් මුලිකත්වය දෙන්ඩ ඕන තමන්ගේ බිරිදගේ හෝ සැමියාගේ මතයට. මොකද ඔවුන් වෙනම පවුලක්.
මෙතෙන්දි මේක අවුරුදු පහක සම්බන්දයක්. කෙල්ල අවුරුදු පහක් තිස්සේ මු එක්ක ඉදල තියනවා. ඒක සැහෙන ලොකු කාලයක්. ඒ නිසා ගෙදරින් ඔය තරම් තදින් විරුද්ධ වෙනකොට කෙල්ලට කේන්තියක් ඇතිවීම සාධාරනයි. මෙතනදී මම කෙල්ලගේ ලොකු වැරද්දක් දකින් නැහැ. මෙතනදී මුලින්ම කෙරෙන්ඩ ඕන කේන්ති නොගෙන බුද්ධිමත්ව ප්‍රශ්නෙට මුණ දෙන්ඩ ඕන කියන එක කෙල්ලට අවබෝද කරලා දීම. ඊළගට දෙමවුපියෝ අකමැති වෙන්ඩ හේතුව මොකක්ද කියල දැනගන ඒක ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා විසදා ගන්ඩ උත්සාහ කිරීම. ඒක අමාරු වැඩක්. දෙපැත්තම බැලන්ස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දි දෙමවුපියෝ විරුද්ධ වෙන්නේ සාධාරණ හේතුවක් නැතුවනම්, ඒ ගොල්ලන්ට කරුණු කාරණා පැහැදිලි කරන්ඩ කොහොමත් බැරිනම්, එතෙන්දි කෙල්ලට ඇගිල්ල දික් කරන්ඩ බැහැ. නමුත් කෙල්ලට හෙමිහිට කරුණු අවබෝද කරලා දීල එයාගේ හිතේ තියන කේන්තිය නැති කරන එකනම් අනිවාර්යෙන්ම වැදගත්. කෙල්ලත් කරුණු තේරුම් ගන්නැතිව දිගින් දිගටම කේන්තියෙන් හැසිරෙනවානම්, එතනත් හිතන්ඩ දෙයක් තියනව.
මෙතෙන්දි කරන්ඩ පුළුවන් ප්‍රශ්නෙට මුණ දෙන්නේ කොහොමද කියල පෙන්නලා දෙන එක විතරයි. හැම දෙයක්ම කිරල මැනලා නිවැරදි තීරණයක් ගන්න එක උබේ වැඩක්.
ape gedarin wiruudda wenne kisima sadarana hetuwak natuwa mchan...eyata sapekshawa apita salli tiyenawa..eyalai api match wenne na kiyala tamai kiyanne...mama salli passe elawanne na..ekai mama tamat kellage pathe inne..tattat darunuwatama wiruddai ban...ehema kiyala mata mage affair 1a break kara ganna ba...mokada mama hitanne mama hari..mokada tatta wirudda wenne harima asadarana widiyata...mama tamat tani tiraneka innawa..mama jobak karanawa..nangith camps out una gaman jobakata yawi...api dennage salariyen jiwath wenna puluwan kagewat help 1k natuwa...but mama kamati na nangi a widiyata ammalata wira karanawata..eya eka terum ganet na...


